රෝගියෙකුට මීගමුවේ පුද්ගලික රෝහලකින් විස්තරාත්මක බිලක් ඉල්ලන්න අයිතියක් නැද්ද ?

0
503

මීගමුවේ පුද්ගලික රෝහල් සහ වැනලින් මධ්‍යස්ථාන තුල ක්‍රියාත්මක ඇතැම් මාෆියා අසාධාරණකම් සම්බන්ධයෙන් මිගමුව නගරය තුල පුරවැසියන් විසින්ද වැඩි අවධානයක් යොමු කළයුතුව ඇති මාතෘකාවක් බවට පත්ව තිබේ.

ඇතැම් චැනලින් මධ්‍යස්ථාන තුල ක්‍රියාත්මක අසාධාරණ මුදල් අය කිරිම් ගැන අප වරක් මතුකර ඇත්තෙමු.

අවධානය යොමුකළ යුතු අනෙක් කරුණ වන්නේ ⁣මේ පුද්ගලික රෝහල් වලින් රෝගියෙකුට විස්තරාතරමක බිලක් ඉල්ලා සිටිමට අයිතියක් නැද්ද යන කරුණයි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල පවා පුලුල් සංවාදයක් පසුගියදා නිර්මාණය වි තිබුනේ නවලෝක රෝහලේ මතුවු ගැටලුවක් මුල්කරගෙනය.

පසුගිය නොවැම්බර් 11 වනදා සිය මවගේ දතක් ගැලවීම සඳහා මීගමුව නවලෝක රෝහලට ගිය පුද්ගලයෙකුට මුහුණ දිමට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් ඔහු විසින් පෞද්ගලික සොෟඛ්‍ය සේවා නියාමන සභාවට (private Health Service Regulatory Council ) පැමිණිල්ලක් සිදුකර තිබුනි.

එම පැමිණිල්ලට අනුව ඔහු සිය මවගේ දත ගැලවූ පසු තමන්ට ⁣මුදල් ගෙවිම සඳහා ලබාදුන් බිලට ඩිටේල් බිලක් ලබාදෙන ලෙස ආයතනයේ වැඩබලන කළමනාකරුගෙන් විමසා සිටි අතර ඔහු විසින් එයට සාර්ථක පිළිතුරක් ලබාදි තිබුනේ නැත.

පසුව ඉදිරිපස කවුන්ටරයෙන් පවසා ඇත්තේ සේවය සඳහ⁣ා අයකරන ගාස්තුව තිරණය වන්නේ වෛද්‍යවරයා අයකරන ගාස්තුවට අනුව බවයි.

මෙහිදි වෛද්‍යවරයා ගේ ගාස්තුව රැ 3000ක් වි ඇති අතර රෝහලේ අයකිරීමටද රු 3000ක් එකතු කර තිබේ.

මේ අයකිරීමේ පදනම කුමක්ද යන්න ගැන දැනගැනීමට අදාළ රෝගියාගේ පාර්ශවය දිගින් දිගටම ප්‍රශ්න කළද කළමනාකාරීත්වයෙන් ඔවුන්ට සාධාරණ පිළිතුරක් ලබාදීමට අපොහොසත්ය.

නවලෝක රෝහලෙන් දත ගැලවීම වෙනුවෙන් ලබදුන්
බිලේ detail නොමැති නිසා අදාළ තරුණයා මෙ සම්බන්යෙන් සිදුකළ විමසීමට පිළිතුරු දිමට නවලෝක රෝහලේ කළමනාකාරිත්වය අපොහොසත්ව තිබුණි.

පසුව ⁣තමන්ට සිදුවු මෙම අසාධාරනයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු විසින් පෞද්ගලික සොෟඛ්‍ය සේවා නියාමන සභාවට.පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත

නොවැම්බර් 11 වනදා වන අතර මේ වනතෙක් මෙම පැමිණිල්ල ගැන විමර්ශනයක් සිදුකර නොමැති බවද පැවසේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here