spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රෝගීන්ගේ ජිවිත අනතුරේ නොහෙලන වෛද්‍ය සේවයක් මීගමුව රෝහලට ඕනෑලු ?

Must read

4මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ලේ දැවැන්ත බැනරයක් දමා තිබේ. ඉන් කියැවෙන්නේ සයිටම් වෛද්‍යවරුන් නිසා රෝගීන්ගේ ජිවිත අනතුරේ බවය.
රෝගින්ගේ ජිවිත අනතුරේ වැටිමට හේතු කිපයක් තිබිය හැකිය.
එකක් නම් වෘත්තිය අධ්‍යාපනය සහ වෘත්තිය පරිචයයක් නැති අය ක්ෂේත්‍රයට පැමිණිමයි.
අනික් කරුණ වන්නේ වෛද්‍ය නොසැලකිල්ලයි.
කෙසේ වෙතත් මීගමුව රෝහල තුල එල්ලා ඇති බැනරය හා බැදුන කථා ගොඩක් එකවිටම අපගේ මතකයට පැමිණෙි.
ඒවා මෙහිලා සටහන් තබනුයේ මේ රෝහල තුල මහත් වු කැපවිම් කරමින් සේවය කරනු ලබන වෛද්‍යවරුන්ට විචේනයක් ඉදිරිපත් කිරිමට නොවේ.
එහෙත් පසුගිය කාලය තුල වෛද්‍ය නොසැලකිල්ල සහ වෛද්‍යවරයෙකු විසින් රැකිය යුතු අචාරධර්ම නොමැතිකම හේතුවෙන්  ලංකා තුල සිදුව තිබුණ බරපතලම බේදවාචකයන් වාර්ථාවි තිබුන රෝහලක් ලෙසින් ඉතිහාස ගතව ඇත්තේ මීගමුව රෝහල විය යුතුය.
මේවාට අදාලව ප්‍රසිද්ධම කරුණු දෙකක් පමණක් මෙහිලා සටහන් කරන්නේ නම් ඉන් පළමුවැන්න වන්නේ 2005 වසරේ මාර්තු මාසයේදි සිත්ති නසිරා නම් වු කාන්තාවකගේ පාදයක් වැරදිමකින් කපා දැමිමයි.
අනික් කුප්‍රකට කරුණ වන්නේ 2007 වසරේදි නිදහස් වෙළද කලාප යුවතියක වෛද්‍යවරයෙකු විසින් රෝහල තුලදි දුෂණය කොට මෙ බැනරය එල්ලා ඇති තට්ටු ගොඩනැගිල්ලේ 6 වන තට්ටුවෙන් බිමට දමා ඝාතනය කොට තිබිමයි.
මෙවන් පසුබිමකදි මීගමුව රෝහලේ මේ එල්ලා ඇති බැනරය දුටු විට මීගමුව බොහොමයක් දෙනෙකුට එකපාරටම මතකයට නැගෙනුයේ මා විසින් මේ මතුකරනු ලබන දේවල්ම නොවේද ??????

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article