ලංසා, එජාප මන්ත්‍රි බඩියෙක්ට කොන්ත්‍රාත් 7 ක් දිලා ?

0
353

Edit Post

bribery 1new

මීගමුව එජාපයේ සිටින ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් ඉතා පැහැදිලිය ලංසා පවුලේ හුරතලුන් බවට පත්ව ඇතැයි අප දිගින් දිගටම කරුණු සහතිවම හෙළිදරව් කර ඇත්තෙමු.
මේ ඇතැම් මන්ත්‍රි බඩියන් පසුගිය අයවැය ඡන්දයේදි පවා එජාපේ නිල මතයට එරෙහිව යමින් දයාන් ලංසාගේ අයවැයට සහය පළකළහ.

අඩුම තරමින් මිගමුව එජාප සංවිධායක බෙන්ජිමින් පවා අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේ නැත.
මේ ආකාරයෙන් ලංසාලා හා හුරතල් වන්නේද නිකමටම නොවේ . ලංසා පවුලට අතදිගහැර මේ බඩියන්ට කොන්ත්‍රාත් වරදාන ලබාදෙමින් සහය දෙයි.

මෙහි අලුත්ම හෙළිදරව්ව වන්නේ මේ එක් එජාප මන්ත්‍රි බඩියෙක්ට සම්බන්ධ ගැමි පුබුදු ග්‍රාම සංවර්ධන සමිතිය ට නගාරාධිපති දයාන් ලංසා විසින් කොන්ත්‍රාත් 7 ක් ලබා දි තිබිමයි.
මේ සමිතියේ ලිපිනය වන්නේ අබේසිංහපුර පෙරියමුල්ල යන්නයි.

මිපුර වෙබ් අඩවිය අයවැයට නගරාධිපති දයාන් ලංසාට පක්ෂව කටයුතු කළ එජාප මන්ත්‍රිලා ගැන දිගින් දිගටම හෙළිදරව් කරද්දි මිගමුව එජාප සංවිධායක, සහ පෙරියමුල්ල කොට්ටාශයේ එජාප නාගරික මන්ත්‍රි බෙන්ජමින් ලැජ්ජා නැතිව ලංකාවේ දුෂිතව නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මහජන බදු මුදලින් මිපුර වෙබ් අඩවියට එරෙහිව නඩු කියන ලෙසය.

මිගමුවට සිටින්නේ එවන් අමන ජඩ එජාප සංවිධායකයෙකු බව එජාප නායකයා දන්නවාදැයි අපි නම් නොදනිමු.
එජාප ලේක්ම අපි විවෘතව අභියෝග කර සිටින්නේ හැකිනම් ඔබේ මිගමුව එජාප සංවිධායකගේ ප්‍රතිපත්ති ගරුක බව ගැන චරිත සහතිකයක් මිගමුවේ එජාප සාමාජිකයන් හට ලබා දෙන ලෙසය.

මිගමුවේ එජාපය ගොඩනගන්නට හදන්නේ ලංසාගේ හුරතලුන් ලෙස පෙනි සිටිමින් කොන්ත්‍රාත් ලබාගන්නා එජාප බඩියන් සමගින් එකතුවෙලාදැයි අප මිගමුව විපක්ෂ නායක රොයිස් විජිතගෙන්ද අසා සිටිමු.

IMG 20210702 WA0041
IMG 20210702 WA0040

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here