spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා පවුලේ දේශපාලනය මිගමුවේදි පරිදි !

Must read

Preparations for presidential election in Sri Lankaඅප විසින් කල් ඇතිවම පෙන්වා දුන් පරිදි මිගමුව පොහොට්ටුව මිගමුවේදි පරාජයට පත්ව ඇතැයි නිළ නොවන ආරංචි මාර්ග දක්වා සිටි.
ඒ ඡන්ද 12000 කින් පමණ යැයිද කියැවේ.
ඉන් කියැවෙන්නේ ආගම්වාදයත් ජාතිවාදයත් අවුස්සා මිගමුවේ ජනයාගෙන් ඡන්ද ගැනිම සදහා නිමල් ලංසා විසින් ගෙන ගිය ආසාර්ථක උපක්‍රමය දැවැන්ත වශයෙන් පරාජය කිරිමට කිතුණුවන් මෙන්ම මුස්ලිම් හින්දු ජනයා පෙරමුණ ගෙන ඇති බවය.
බෝම්බ පිපිරුනේ මිගමුවේදිය. එහෙත් ඒ පිටුපස සිටියේ කව්දැයි ඉතා නිවරදිව තේරුම්ගැනිමට මිගමුවේ බහුතරයක් කතෝලික ජනයා කටයුතු කර තිබේ.
නිති විරෝධි පෝස්ටර් මගින් මෙන්ම පත්‍රිකා මගින්ද මැතිවරණ ප්‍රචාරක නිළ කාලය අවසන් වු තිබියදි පවා ආගම්වාදය අවුලුවා ලිමට කටයුතු කරමින් සිටියද ඒ කුමන්ත්‍රණය මුලු මනින්නම මිගමුවේදි පරාජයට පත්ව තිබේ.එහෙත් අවාසනාව වන්නේ මේ තත්වයේ උපරිම වාසිය ගෙන මිගමුවෙ 2015 දි මෙන් ඉහලින් ඔසවා තැබිමට මිගමුව එජාප සංවිධායක කාවින්ද ජයවර්ධනයට නොහැකිවිමයි.මේ තුලින් පැහැදිලිවම කාවින්දගේ හැකියාවේ සිමාවද ඉතා පැහැදිලි ලෙසින් ලකුණු කොට තබා ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයම පොහොට්ටුව මෙවර ජයගෙන ඇතැයි නිලනොවන ආරංචි හරහා වාර්ථා වෙමින් තිබියදි මීගමුවේ පරාජය යනු කුමන්ත්‍රණකාරි දේශපාලනය පැහැදිලිව පරාජයට පත්විමකි.
අයියා මල්ලිගේ දේශපාලනය පමණක් ඔසවා තැබිමට පොහොට්ටුවේ අනික් දේශපාලන සගයන් කපා දමා වෙට්ටු දමා ගෙන ගිය දේශපාලනයට නිසි පිළිතුරක් දැන් මිගමුවෙන් ලැබි තිබේ.
ලංසා පවුලේ මේ පරාජය සරත් ගුණරත්නලා වැනි ජේෂ්ඨයන්ට වැඩි ඉඩක කඩක් ඉදිරි දේශපාලන අවකාශයන් තුලදි විවර වනු ඇති බව දැන් පැහැදිලි වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article