ලංසා පවුලේ බඩියන්ට දෙන ස්ථානමාරු යළිත් රිවර්ස් කරන බලවතා කව්ද?

0
547

 

මිගමුවේ ක්‍රියාත්මක වෙමින් ඇත්තේ හයිබ්‍රිඩ් පාලනයක්ද යන සැකය දැන් කලක පටන් මතුව ඇත්තේ ලංසා පවුලේ ඕනෑ එපාකම් ඉටුකරමින් මහනගර සභාවෙන් පඩි ගන්නා ඇතැම් බඩියන්ට ලබා දි ඇති ස්ථාන මාරු හැරෙන තෑපෑලෙන්ම රිවර්ස් වන තත්වය දැන් නිර්මාණය වි තිබිම අතැයි මිගමු මහනගර සභාවේ සේවක සේවිකාවන් අතර කසුකුසුවක් පවති.

ලංසා පවුල⁣ට හිතවත් බඩියන් පිරිසක්ව පසුගියදා මිගමුව බස්නැවතුම් පළේ පිරිසිදු කටයුතු කිරිම් සඳහා යෙදවිමට ගනු ලැබු තීරණය පසුව වෙනස් වි තිබුන් ලංසා පවුලේ බලපෑම් මත යැයි මිගමු⁣ මහනගර සභාවේ කම්කරුවන් කියා සිටිති

මේ ඇතැම් කම්කරුවන්ව පසුව මහවිදියේ පොලිතින් වෙන්කිරිම් සිදුකරන මධ්‍යස්ථානයේ සේවය සඳහා අනුයුක්ත කළද කිසියම් බලගතු හස්තයක් හේතුවෙන් ඒ කම්කරුවන්ව එහි සේවයේ යෙදිවිමද යළි රිවර්ස් කර ඇති කතාවක්ද මේ අතර පවති

මින් පෙනි යන්නේ ලංසා පවුලේ බඩියන්ට නිදැල්ලේ ඉදිමින් වැටුප් ලබාගැනිමට හැකි පසුබිමක් කිසියම් බලපෑමක් හේතුවෙන් ක්‍රියාත්මක වෙමින් ඇති බවය.

දේශපාලන අධිකාරියට ලංසා පවුලේ බඩියන්ව පාලනය කරගැනිමටත් නොහැකි විමෙන් පෙනි යන්නේ කුමක්ද?

මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරියගෙන් විමසු විට කියා ඇත්තේ සිදුකර ඇතැයි කියන ස්ථාන මාරු කිසිවක් වෙනස් කර නැති බවය.

ඉන් කියැවෙන්නේ මිගමු බස්නැවතුමේ පිරිසිදු කිරිමේ කටයුතු වලට යොදා ඇති අය මහත් කැපවිමකින් යුතුව අදාල වැඩමුර කාලය තුල බස්නැවතුම ලස්සන තැනක් කරන්නට වෙහෙස ගනිමින් සිටින බවද ?

සෞඛ්‍ය කාරක සභාපතිතුමෙනි මිගමුව ලස්සනම නගරය පමණක් නොව බස්නැවතුමද ලංකාවේ ලස්සන පිරිසිදුම බස්නැවතුම කරන්නට දැන් මේ සේවකයන් කටයුතු කරන්නේ දැයි සොයා බැලිමටද කටයුතු කරන්න.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here