ලංසා පවුල හිතුමතේ දුන්න නගර සභා ඉඩම් වලට දැන් මොකද වෙන්නේ ?

0
1168

ඉඩම් භාවිතය ගැන වගකිමක් දරන නිළයක් සෑම දිස්ත්‍රික්කයටම වේ.නගරයක ප්‍රසස්ත ඉඩම් භාවිතාව ගැන තින්දු ගතයුතුව ඇත්තේ ඒ නගරයේ අනාගතය අවශ්‍යතාවන් පවා විග්‍රහකරගනිමින් ඒ සියල්ලට අනුරුප වන සේය. ඇති තතු එසේ වුවද මිගමුව පසුගිය කාලය තුල ක්‍රියාත්මක තිබුනේ වෙනම තත්වයකි.

මීගමුව තුල ඉඩම් භාවිතාව සිදුව තිබුනේ නගරයක අවශ්‍යතාවය මත සිදුවන්නක ලෙසින් නොව ලංසා පවුලේ මනාපය මත සිදුව තිබුණ තත්වයකට අනුවය.

නිදසුනක් ලෙස ශා.මරියා විදුහලේ ආදි සිසුන්ට තමන්ගේ උවමනාවන් සදහා ගොඩනැගිල්ලක් හදාගන්නට ඇවැසි වු විට ඔවුන් කර තිබුනේ  දයාන් ලංසා හෝ නිමල්යා ලංසා සොයා  යෑමය. කතෝලික සභාව පවා අසරණභාවයට හා ලැජ්ජාවට පත්කළ පියතුමෙකු විදුහල්ති ලෙසින්ද  සිටියදි සිදුව තිබුන මේ ගණුදෙනුව පසු කලෙකද ක්‍රියාත්මක වි තිබුණි.

මේ සියළු සම්බන්ධකම් හරහා කාමච්චෝඩේ ,නගරය සභාව සතු ඉඩමක් සා.මරියා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයට දැවැන්ත තට්ටු ගොඩනැගිල්ලක් හදා ගැනිමට අවසර ලබා දි තිබිම සැබැවින්ම විමතිය දනවනන කරුණකි.

මේ ආදි සිසු ලොක්කෝ පවා කල්පනා කරන්නට ඇත්තේ මිගමුව තුල සදාකාලිකව ලංසා පවුලේ බලය පවතිනවා යැයි කියා විය යුතුය.
එහෙත් දැන් සියල්ල වෙනස් වි තිබේ.

දැනගන්නට ඇති පරිදි මෙම ඉඩම ඉංග්‍රීසි ආණ්ඩු කාලය තුල ලැබුන පරිත්‍යාගක් බව සැලය.

එවන් පරිත්‍යාග බදු දිමට හෝ විකිණිමට ජනාධිපතිගේ අවසරය තිබිය යුතු බව මිගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු මිපුරට කියා සිටියේය.

නීතියට උඩින් කිසිවක් නැතැයි කි ජනාධිපතිවරයෙකුගේ පාලනය යටතේ පවතින ලංකාව තුල ලංසාගේ හිතුමනාපෙට පසුගිය දශකයකටත් වඩා වැඩි කාලයක් තුලදි ලබා දි තිබුණ සියළු ඉඩම් යළිත් වරක් මිගමුවේ මහජන දේපල ලෙසින් යළිත් අත්පත් කරගත යුතුව තිබේ.

වත්මන් හීන්කෙන්ද පාලනය යටතේ මේ නගර සභා දේපල යළිත් නගර සභා පාලනය යටතට පත්කිරිමට තවත් කොයිතරම් නම් කාලයක් යයිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here