spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා මෛත්‍රිගෙන් කැපේ ? මීගමුව සම සංවිධායකධුරය වෛද්‍යවරියකට ?

Must read

nimal in actionමහින්ද පිළේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රබලයෙකු වු නිමල් ලංසා ජනවාරි  08 වෙනිදායින් පසුව අංශ 180 ක හැරවුමක් මගින් මෛත්‍රි පිලෙන් ඇමතිධුරයක් ලබාගති.
එහෙත් තම දේශපාලන ගුරුවරයා වු ජෙයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඉක්මනින් අතහැර බැසිල් රාජපක්ෂ හරහා මේ රටේ වේගයෙන් කෝටි පතියෙකු බවට පත්වු නිමල් ලංසා තම පෙකණි වැල් සම්බන්ධය බැසිල් හරහා මහින්ද පිළ හා තබාගනිමින්ම ඇමති කමක් සහ තවත් දේ වෙනුවෙන් මෛත්‍රි පිළට පැන්නේය.
එමෙන්ම සිය සහෝදරයා වු දයාන් ලංසාටද නියෝජ්‍ය නගරාධිපතිධුරය ලබාගත්තේය.
මේ සියල්ල එසේව තිබියදි පසුගිය කාලය පුරාවට ඔහු කළේ මහින්ද පිළ ශක්තිමත් කිරිමට තිරයෙන් පිටුපස සිට කටයුතු කිරිමය.
අවසන ඔහු සිය සොහොයුරාට කියා සිටියේ දැන් ඉදිරියට පැන මහින්ද පිලේ වැඩකිරිම ආරම්භ කරන ලෙසය.
මේ දවල් මිගෙල් රැ දනියෙල් ප්‍රතිපත්තිය දැන් මෛත්‍රි පිළ තුල හෙළිවෙන්නට පටන් ගෙනය.
මීගමුවේ ශ්‍රිලනිප ආසන සංවිධායකධුරය ගැන බැල්ම හෙළමින් සිටි නිමල් ලංසාට දැන් එය අහිමි වන ලකුණු දැන්ගන්නට තිබේ.
ඒ මීගමුවේ දැනට ශ්‍රිලනිප සංවිධායක ලෙසින් කටයුතු  කරන සරත් ගුණරත්න මහතා සමගින් සම සංවිධායකත්වයක් දරන්නට දේශපාලන කරලියේ ගම්පහ දිස්ත්‍රික්කයේ වෛද්‍යවරියක් හට එය ලබාදිමට මෛත්‍රි පිළ සුදානම් විමත් සමගින්ය.
කෙසේ වෙතත් ශ්‍රිලනිප ප්‍රබලතම භුමිකාවක් ඉටුකරනු ලබන චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියද ඇමති ලංසා පිළිබදව සිටින්නේ කිසිදු මනාපයකින් නොවන බවද පැහැදිලිය.basi nimal

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article