spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලක්ෂ 550 ක් ඩෙංගු වාට්ටුවට ?ලෙඩ ගොඩක් මැද මීගමුව රෝහල අර්බුදයට..

Must read

මීගමුව රෝහල අද මුහුණ දි ඇත්තේ බරපතල අර්බුද රාශියකටය.රෝහලේ තට්ටු ගොඩනැගිල්ලේ 6 වන මහලේ වැසිකිලවල අපජලය කාන්දුවිම හේතුවෙන් එහි ශල්‍ය වාට්ටුව ඇතුළු අනෙකුත් වාට්ටු ඇතුලට ජලය කාන්දු වන්නට පටන් ගෙන දැන් වසර  ගණනාවකි.
මේ නිසාම මේ තට්ටු ගොඩනැගිල්ලේ ප්‍රමිතිය පිළිබදව නිසි තාක්ෂණික ඇගයුමක් කර  නොමැති පසුබිමක එහි ඇති අවදානම් සහගත බවට ස්ථිර විසදුම් සෙවිම  ඇති එක් ප්‍රධානතම ප්‍රශ්නයක් වේ.එමෙන්ම මළඅපවහන පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවිම නිසා මුළු මහත් රෝහල් පරිශ්‍රමය දිනෙන් දින අර්බුදයකට යමින් තිබේ.
මෘත ශරිරාගාරය මෙන්ම එහි කාර්යයන් සදහා අත්‍යවශ්‍ය පහසුකම් නොමැතිවිම ගැන මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරි වරයාගේ විරෝධය මැද පවා අධිකරණ වෛද්‍ය නිළධාරියා හට මාධ්‍ය වෙත එළිදරව් කිරිමට සිදුවිමෙන් පෙනි එහි කාර්ය මණ්ඩලය මුහුණ දි ඇති පිඩනයේ තරමයි.
අවම වශයෙන් රෝහලේ බෙහෙත් දෙන කවුළුවල සිටින සේවකයන් හට ඉද ගැනිමට පවා පුටුවක් නොමැති තත්වයකට ඇතැම් අංශ පත්ව ඇත.
මේසා විශාල අර්බුදයක් ඔස්සේ ගමන් කරමින් ඇති භුගෝලිය අතින් අති විශේෂ කේන්ද්‍රස්ථානයක ස්ථානගතව තිබෙන මේ රෝහල වෙත ලැබෙන ප්‍රතිපාදන ප්‍රසශස්ථ ලෙසින් පරිහරණය කිරිම මේ අවස්ථාවේ රෝහල් පරිපාලනය හමුවේ ඇති  ප්‍රධානතම වගකිම වෙයි.
එහෙත් මධ්‍යම රජයෙන් ලැබුන රුපියල් ලක්ෂ 550 ක මුළු මුදලම ළමා රෝග විශේෂඥ ලක්කුමාර මහතාගේ අවශ්‍යතාව මත රෝගින් 17 දෙනෙකු පමණක් ඇතුළත් කළ හැකි ඩෙංගු වාට්ටුවක් ගොඩනැගිම වෙනුවෙන් දැන් වැය කර තිබේ.
ලක්කුමාර යනු රජයේ වියදමින් තායිලන්තය වෙත ගොස් ඩෙංගු මර්ධනය සදහා විශේෂ පුහුණුවක් ලද වෛද්‍යවරුන් අතර එක්  අයෙකි.
ඔහු මේ ආණ්ඩුවේ මැති අමැතිවරුන් හා ඉතා සමිප ඇසුරක් පවත්වන්නෙකුද වෙයි.වසරක් පමා වු ඩෙංගු වාට්ටු ව සදහා මෙවර කඩිනමින් ප්‍රතිපාදන වෙන් කෙරෙනුයේ රාජපක්ෂ පරපුරේ මුණුබුරෙකුද මීගමුව රෝහලට ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර ගැනිමට පැමිණිමත් සමගින්ය.
මේ අනුව වෙන් කෙරෙන ලක්ෂ 550 පළමුව වැය කර පසුව අදාල බිල්පත් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මුදල් ලබාගැනිමේ පදනම මත ක්‍රියාත්මක කිරිම සදහා යෝජනා සම්මතව තිබුණ පසුබිමක මේ සා විශාල මුදලක් ප්‍රමාණයක් අයෝජනය කිරිමට ඇති හැකියාව මත ඇමති නිමල් ලංසා යටතේ පාලනය වන පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ සම්පුර්ණ ඉදිකිරිම් කටයුතු මෙහෙයවිම භාරගෙන තිබුණි.එක් වාට්ටුවක් පමණක් හදන්නට ලක්ෂ 550 ක් වැය වුනේදැයි ඇතමුන් අසන්නේ මේ පසුබිම මත පිහිටාය.
වෛද්‍ය ලක්කුමාර මහතාගේ තනි ව්‍යපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වු මෙම ඩෙංගු වාට්ටුව නිසා රෝහලේ අනෙකුත් අංශ වෙත මධ්‍ය රජයේ මුදලින් කිසිවක් කරගන්න පුළුවන් කමක් තිබුනේ නැත.මේ නිසාම මීගමුව රෝහලේ බහුතරයක් වෛද්‍යවරුන් වරෙක පවසා තිබුනේ කිසිවෙකුත් මෙම උත්සවටය සහභාගි  නොවන බවය.
දැන් තත්වය තවත් අර්බුදයට ගොස්  ඇත්තේ අති  නවින අයුරින් ඩෙංගු වාට්ටුව සකසා ලන්නට මෙන්ම ඒ අවට පරිසරය අලංකාර කරන්නටද පිටට පෙනෙන රෝහලේ අඩුපාඩ් කම් සියල්ල පැලැස්තර දමා වසංගා ගන්නටද වෛද්‍ය ලක්කුමාර මහතා ප්‍රමුඛ පිරිස විසින් කටයුතු කර තිබිමයි.
මේ සියල්ල තුල මතුව ඇති ප්‍රබලතම කරුණ වන්නේ ඩෙංගු වාට්ටුව විවෘත කරමින් සෞඛ්‍ය ඇමති වරයා කර තිබුන අනතුරු ඇගවිමයි.
ඔහුට අනුව රෝහලේ ඇති ප්‍රශ්ණ වලට විසදම් සදහා නුදුරු අනාගතයේදි ප්‍රතිපාදන වෙන්කර දිමට තමන් අපොහොසත් විය හැකි බවය.එසේ නම් මේ ලද ලක්ෂ 550 ක මුදල් නිසි කළමණාකරණ කරගෙන රෝහලේ අනික් ප්‍රශ්ණ වලින් ප්‍රධානතම ඒවාට හැකි විසදුම් ලබාදිමට සාමුහික සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබුණි.එහෙත් මේ කිසිවක්  සැලකිල්ලට ගෙන තිබුන බවක් නම් පෙනුනේ නැත.
DSC02770

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article