spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලසන්ත 15 වන සමරුව අද – ඝාතකයන් නිදැල්ලේ !

Must read

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කර අද දිනට (ජනවාරි 08) වසර 15 ක් සපිරේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ 15 වන ගුණ සමරුව අද (ජන. 8) උදේ 9.00ට බොරැල්ල කනත්තේ පිහිටි ඒ මහතාගේ සුසානය අබියසදී පැවැත්වේ.

මෙහිදී ලසන්ත වික්‍රමතුංග මහතා සිහි කරමින් සුසානය අසලදී දේව මෙහෙයක් පැවැත්වීමට සූදානම් කර තිබේ.

2009 ජනවාරි 8 වන දා රත්මලාන අත්තිඩියේදී නාඳුනන කල්ලියක් විසින් ඝාතනය කෙරුණු ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයා කවුදැයි අදටත් අවසන් තීන්දුවකට පැමිණීමට හැකිව නැත.

ඝාතනයෙන් වසර හයකට පසු දේශපාලන වෙනසකින් අනතුරුව 2016 සැප්තැම්බර් 27 වන දා නව මරණ පරීක්ෂණයට ඒ මහතාගේ දේහය ගොඩගැනිණි.

ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩගෙන කළ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2017 මාර්තු 20 වන දා අධිකරණයට ප්‍රකාශ කළේ ය.

එමෙන් ම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගැවසුණු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයට දැන් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයට අදාළව ඒ වන විට 950 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් 295 දෙනෙකු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් 2018 ජනවාරි 18 වන දා වාර්තා කළේ ය.

ගල්කිස්ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි තිස්ස සුගතපාල, ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ චෝදනා මත 2018 පෙබරවාරි 2 වන දා අත්අඩංගුවට පත්ව පසුව ඇප පිට නිදහස් විය.

සිය පියාගේ ඝාතනයට හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග 2019 අප්‍රේල් මාසයේදී අමරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ද ගොනු කළා ය.

Lasantha2 2024.01.08
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට 15 වසරක් සැපිරීම නිමිත්තෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ ද සඳහන් වේ.

” මේ ඉන්නේ දැන් ජනාධිපති වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ.  2009 මේ අද වගේ දවසක, මහ පාරෙ බැටළුවො මරණ ගන් එකකින් ඔලුවටම දීල සන්ඩේ ලීඩර් එඩිටර් ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කරාට පස්සෙ එයාගෙ අවමඟුල දවසෙ වලට පස්දාන ෆොටෝ එකක්.

1915 බ්‍රිතාන්‍ය හමුදාවෙ සේවය කරපු, ඒ වගේම ව්‍යාපාරික පවුලක පුතෙක් වෙන හෙන්ද්‍රි පීරිස්ගෙ මරණය ගැන නැවත පරීක්‍ෂණයක් පවත්වන්න අනිල් යටතේ  පරීක්‍ෂණ කමිටුවක් පත්කරන්න කැබිනට් පේපර් එකක් දාල සම්මත කර ගත්ත රනිල්ට, තමන් වෙනුවෙන් ඔච්චර වැඩකරපු ලැසීගෙ ඝාතනයෙ පරීක්‍ෂණ තර්කානුකූල අවසානයකට ගෙනියන්න බැරි ඇයි? ගෝට රකින්නද? මහින්ද රකින්නද? වෙන කවුරුහරි රකින්නද?”

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article