ප්‍රධාන ලෙල්ලම් තුනක් එක සමිපයේ පිහිටා ඇති මංකුලිය ප්‍රදේශය මිගමුවේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානවලින් එකකි.
මිගමුව අළුතින් ගොඩනැගිම අරභයා ගනු ලබන උත්සායහාන් වලදි අනිවාර්යෙන්ම මේ කලාපයට අදාල යටිතල පහසුකම් සම්බන්ධයෙන් විධිමත් සැලැස්ම අනුව කටයුතු කලයුතුව තිබේ
ලෙල්ලම තුල සිදුකරනු ලබන ආර්ථික ක්‍රියාකාරකම් වලට අමතරව මෙම ලෙල්ලම් තුන විදේශිකයන්ගේද සංචාරක ආකර්ෂණය දිනා ගත් මිගමුවේ ප්‍රධාන තැනක් බවට පත්ව තිබේ.
මේ සියළු කරුණු සැලකිල්ලට ගෙන මේ ආර්ථික කලාපය හෙටගැලපෙන සේ අදම දියුණුකරන්නට පටන් ගත යුතුය.
පොදු වැසිකිලි පහසුකම් දියුණු කිරිම
පොදු වැසිකිලියක් නැති මිගමුවේ ලෙල්ලම් කලාපය
මීගමුවේ වැඩි ජනකායක් දිනපතා රැස්වෙන ප්‍රධාන ස්ථානය බවට ලෙල්ලම පත්ව ඇති බව අවිවාදිතය.
එහි කටයුතු අලුයම එකේ පමණ සිට ඇරඹේ.
මෙහි යන එන ගණන දහස් ගාණද ඉක්මවනු ඇත.
තතු එසේ වුවද ( පොදු වැසිකිලියක් ) ඕන කෙනක්ට යන්න පුලුවන් තත්වයේ තැනැක් නැත.
මෙම ස්ථානය නැරඹිම සැලකිය යුතු විදේශීකයන් පිරිසක් දිනපතා පැමිණෙති.
මේ සියළු සැලකිලලට ගැනිමේදි හොද මට්ටමෙ පොදු වැසිකිලයක අවශ්‍යතාවය දැඩිව පවති
රථගාල් පහසුකම් වැඩිදියුණු කිරිම
රථගාල් පහසුකම් ඇත කිරිමට යැයි කියා නිමල් ලංසා විසින් කලපුව අයිනේ කඩොල් ගස් කටයුතු කරන්නට යන බව පෙන්වා දි , පසුව ඒ ඉඩ පවා කඩ සහ වෙනත් දේවල් සඳහා යෙදිමට කටයුතු කර තිබේ
රටේ ප්‍රදේශ රැසකින් දිනපතා මාළු තොග මේ ලෙල්ලම් වලට පැමිණේ.මේ රථද ගාල් කර තැබිමට තැනක් අවැසිය.
එපමණක් නොව දිනපතා විශාල වශයෙන් පාරිභොගිකයන් මෙන්ම ව්‍යපාරිංකයන් රැසක් මේ කරා එති
මේ සියලු කාරණා සැලකිල්ලට ගැනිමේදි මිගමුවේ ප්‍රධානතම ආර්ථික කලාපයක් වු මිගමුව මේ අත්‍යවශ්‍ය පහසුකම් වෙනුවෙන් මිගමුව මහනගර සභාවට විශාල වගකිමක් පැවරේ.
සංචාරකයන්ට මෙන්ම අනෙකුත් අයටද අවශ්‍ය තොරතුරු ලබාදිම සදහා තොරතුරු කවුළුවක්
ඉතා සුලු මට්ටමෙන් හෝ මෙවැනි වැඩපිලිවෙලක් සංවිධානය කිරිමේ වැදගත් කම විදේශයෙන්ම සංචාරක ආකර්ශණය පැත්තෙන් පවා ඉතාමත් වැදගත් අංගයක් වේ.
බංකු කටයුතු හා එහි සේවාවන් වැඩිදියුණු කිරිම.
මෙවන් ආර්ථික කලාපයකට අත්‍යවශ්‍ය අංගයක් වු ATM යන්ත්‍ර පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ.
දැනට ස්ථාපිත කොට ඇති ඉඳුවර බැංකුවේ ATM යන්ත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක නැතැයි බොහො අය කියා සිටිති.
මේ පසුබිම තුල යම් කිසි අයෙකුටද මුදල් ලබාගැනිමට අවැසි නම් නගරය දෙසට යා යුතුව තිබේ
(ඉදිරි දිනකදි විවෘත කිරිමට නියමිතව ඇති කාර්ගිල්ස් සුපර්මාර්කට් ශාකාවේ මංකුලිය ශාඛාව අසල HNB ATM ස්ථාපිතව ඇති බව පෙනේ..)












