spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලේඩිබග් සොයාදෙන්න..

Must read

ලේඩිබග් කියන්නේ ඉතාමත් අලංකාර කෘමි විශේෂයක්. මෙරටදී අපට ලේඩිබග් විශේෂය දැකබලා ගැනීමට නොහැකි වූවත් උතුරු ඇමරිකානු කලාපයේදීනම් මේ කෘමි විශේෂය ඉතාත් සුලභව දැකබලා ගැනීමට හැකියාව පැවතුනා.නමුත් වර්ථමානය වන විට එම කලාපයෙන් පවා උතුරු ඇමරිකානු කලාපයට ආවේනික විශේෂයේ ලේඩිබග් කෘමින් වදවී යමින් පවතින බව scistarter.com වෙබ් අඩවිය පවසනවා. විවධ විද්‍යාත්මත ව්‍යාපෘති මෙන්ම සමීක්ෂණ සදහාද සාමාන්‍ය ජන සහභාගීත්වයක් ලබා ගනිමින් ගින් විද්‍යාවේ දියුණුවට හා නව සොයාගැනීම් සදහා සහය දැක්වීම මෙම වෙබ් අඩවියේ මූලික අරමුණ වී තිබෙනවා.

ඒ නිසාම ඔවුන් පවසන්නේ උතුරු ඇමරිකාවටම ආවේනික ලේඩිබග් විශේෂ වල ව්‍යාප්තිය දැන් අතිශයින්ම වෙනස් වන්නට පටන් ගෙන ඇති බවයි. මින් පෙර ඉතාමත් සුලභව දැකගත හැකි වූ විශේෂ පවා මේ වන විට කලාතුරකින් දැකගතහැකිවන තත්වයට පත්වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.එමෙන්ම විශේෂයෙන් උතුරු ඇමැරිකානු ප්‍රදේශයට ආවේනික නොවූ විවිධ ප්‍රෙද්ශවලින් සංක්‍රමණය වී ඇති විශේෂ එම කලාපය තුල වේගයෙන් වර්ධණය වන බවත් වාර්ථා වී තිබෙනවා.

මේ නිසාම scistarter.com වෙබ් අඩවිය උතුරු ඇමරිකාවටම ආවේනික ලේඩිබග් විශේෂ වලට සිදුවූයේ කුමක්ද කියා සොයාගැනීමේ අරමුණ ඇතිව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එ් සදහා තම වෙබ් අඩවියේ පාඨකයන්ගේ සහය ලබා ගන්නා ඔවුන් පාඨකයන් වෙත දන්වා සිටින්නේ තමන් කිනම් අවස්ථාවක හෝ ලේඩිබග් කෘමියෙකු දුටුවහොත් එද කෘමියාගේ ඡායාරූපයක් ගෙන අදාල විස්තරද සහිතව තමන් වෙත ඊමේල් මගින් ලැබෙන්නට සලස්වන ලෙසටයි. එ් අනුව මේ වන විට එම විශේෂය සීඝ්‍රෙයන් වදවී යාමේ  තතවයට පත්වීමට හේතුව සොයාගැනීමට හැකිවනු ඇති බවයි,ඔවුන් පවසන්නේ. මේ වන විටත් ඒ ආකාරයේ ඡායාරූප 37000 කටත් වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ladybug-leaf

35-Ladybug
චින්තිකා මිතිලායා
http://scistarter.com/ ඇසුරිණි.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article