ලෝක රතු කුරුස හා රතු අඩසද දිනය 2025

0
363

 

WhatsApp Image 2025 05 09 at 10.23.09 cf3649ee
ලෝක රතු කුරුස හා රතු අඩසද දිනය 2025 සැමරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේදී 08 වෙනි දින පැවැත්වුණි.

රතු කුරුස සංවිධානයේ නිර්මාතෘ තුමා වන සර් ජීන් හෙන්රි ඩුනාන්ට් මහතාගේ උපන්දිනය සිහිපත් කරමින් මැයි මස 8 වන දින ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගම්පහ ශාඛාව විසින් ලෝක රතු කුරුස සහ රතු අඩසඳ දිනය සැමරීම සිදු කරන ලදී. ‘ මනුෂ්‍යත්වය අරමුණු කරගෙන’ යන තේමාව මූලික කරගෙන මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ දී උත්සවය පැවැත්විණි. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජාතික ලේකම් ගරු ඇන්ටන් වික්ටෝරියා මහතා සහභාගි වූ අතර සෙසු ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික තරුණ ලේකම් සහ මීගමුව කොට්ඨාස සභාපති දුලිත ප්‍රනාන්දු මහතා, ගම්පහ ශාඛා විධායක නිලධාරී බුද්ධික මානවසිංහ මහතා ඇතුළු රතුකුරුස සමාජයේ සාමාජික සාමාජිකාවන්, ආවේ මරියා කන්‍යාරාමයේ විදුහල්පති කන්‍යා සොහොයුරිය ඇතුළු ගුරුභවතුන් සහභාගි විය. මෙහිදී චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වමින් දරුවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කළ අතර ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකම දරු දැරියන් සහභාගි විය. ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ගම්පහ ශාඛාවේ තරුණ අංශය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

මෙහිදී චිත්‍ර තරඟයට සහභාගි වූ සිසු දරුවන්ටත් සහතිකපත් ප්‍රධානය කිරීම සිදුකළ අතර චිත්‍ර තරඟයෙන් 1,2,3, ජයග්‍රහණය කළ සිසු දරුවන්ට සහතිකපත් ප්‍රධානයට අමතරව ත්‍යාග ප්‍රධානය කිරීමක්ද සිදු කරන ලදී.

1)මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ සෙයාරා යුවන්දි

2)බෝල බලාන ආවේ මාරියා කන්නාරාමයේ දෙව් සිදුමිණි ,

3)සහ නිලුමි සිරිමාන්න. යන සිසු දරුවන් චිත්‍ර තරඟයෙන් පිළිවෙලින් ජයග්‍රහණය කරන ලදී.

මීගමුව මාරිස්ටෙලා ,තිමිරිගස්කට්ටුව මාරිස්ටෙලා ,ලොයලා,අල්ලිහිලාල්,යන විද්‍යාල ද ප්‍රඥානන්ද ජාතික පාසල ද මෙම චිත්‍ර තරඟයට සිසු දරුවන් ඉදිරිපත් කර ඇත.

WhatsApp Image 2025 05 09 at 10.23.08 21e51c18 WhatsApp Image 2025 05 09 at 10.23.08 3371844a WhatsApp Image 2025 05 09 at 10.23.06 e3a228ea WhatsApp Image 2025 05 09 at 10.23.07 2bb12cd5 WhatsApp Image 2025 05 09 at 10.23.07 71fb14cc WhatsApp Image 2025 05 09 at 10.23.05 ac2c22b3 WhatsApp Image 2025 05 09 at 10.23.03 2eff7100

රේමන් අපෝන්සු මීගමුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here