spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වයලීනයට පෙම් බැදී රුවන් වීරසේකර වෙනුවෙන් මනුස්සකම පාමු!!!

Must read

ruwan weerasekera violinistවයලීනය හා මිතුරු වූ ඔහුගේ අතැඟිලි ලෙළදීමද, සැමවිටම මුවග රැඳුණු සැහැල්ලු සිනහවද අද දකින්නට නොමැතිය. කඩිසරව වයලීනයේ ස්වර ස්පර්ශ කිරීම වෙනුවෙන් දිවයන ඒ අතැඟිලි දෙස බලා සිටින ඔබට ඔබව පවා අමතක වෙන තරමට මිහිරියාවක් එක්කළ ඔහුගේ වයලීන වාදනයෙන් රසවත් වෙන්නට තවත් දවසක් උදාවේද යන සැකයෙන් මුසපත්ව බලා සිටින්නට අද අපට සිදුව තිබේ.

රුවන් වීරසේකර නම් වූ මේ නිහඬ සොඳුරු වාදකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 43 වැනි වාට්ටුවේ 16 වැනි ගිලන් ඇඳ මත අසාධ්‍ය තත්ත්වයෙන් වැතිර සිටියි.

මද සිනහවකින් සැරසුණු රුවන්ගේ හුරුපුරුදු මුහුණ වෙනුවට අද අප දකින්නේ නුහුරු රුවකි.

රුවන් අපේ සංගීත ක්ෂේත්‍ර‘යේ නිකම්ම නිකම් වාදකයෙකු නොවේ. වයලීන වාදනයෙහිලා ප්‍රමුඛතම වාදකයෙකු ලෙස පිළිගැනීමක් ඇති ඔහු හඬ පෞරුෂය හරහා ඇතැම් ගීතවලට ලබා දී ඇති දායකත්වයද අමතක  කළ යුත්තක් නොවේ.

නමුත් දියවැඩියාව යන රෝගී තත්ත්වය හේතුවෙන් තවමත් තරුණ අවධියේ පසුවෙන රුවන් මූර්ජා තත්ත්වයට පත්ව සිටියි. (Diabetic Coma) මේ මූර්ජාව හේතුවෙන් රුවන්ගේ සිහිකල්පනාව, යමෙකු හඳුනාගැනීමේ සහ ශරීරාංග චලනය කිරීමේ හැකියාවද නිද්‍රාවට පත්ව තිබේ.

මීට පෙර ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන විටද මොළයට විෂබීජයක් ඇතුළුව තිබීම නිසා මෙනින්ජයට්ස් නම් තත්ත්වයට ගොදුරුව සිටි බව රෝහල් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය. කෝමා තත්ත්වය සහ විෂබීජ ඇතුළුවීමෙන් වූ සංකූලතා හේතුවෙන් දැනට කොළඹ ජාතික රෝහලට මාරුකර ඇති රුවන්ට නැවත සිය දෑත් පණගන්වාගන්නට අවස්ථාවක් උදාවේද යන සැකය තුළ රැඳෙන්නට වෛද්‍යවරුන්ටද සිදුව තිබේ.

මේ වනවිට යාන්තමින් හිස හා දකුණු කකුල පමණක් සෙලවීමේ හැකියාව රුවන් වෙත පැවතියද මේ ප්‍රතිභාපූර්ණ වයලීන වාදකයාගේ දෑත් පෙර පරිදි ඔහුගේ වයලීනය සමග එක් කරවීමට හැකියාවක් ඇත්ද  යන්න මෙතෙක් පැවසීමට නොහැකි අන්දමේ තත්ත්වයක ඔහු පසුවෙයි.

රෝගී තත්ත්වයෙන් මිදීමේ ප්‍රගතියක් තවමත් දකින්නට නොමැති අන්දමේ රෝගී බවකින් පෙළෙන රුවන්ට ඔහුගේ රැකියා කටයුතුවල නියැළීමේ බාධාවක් පවතින බැවින් ඔහුගේ අවශ්‍යතා සඳහා වැයකළ යුතු මුදල් වෙනුවෙන් ආධාර පතා මේ වනවිටත් බැංකු ගිණුමක් පිහිටුවා තිබේ.

රුවන්ගේ දෑතට යම්  සහනයක් උපකාරයක් සලසන්නට කැමති ඔහුගේ හිත මිතුරන්ට, රසික රසිකාවියන්ට ඔහු වෙනුවෙන් කිසියම් ආධාරයක් ලබාදීමේ හැකියාව ඒ හරහා පවතී.

මේ හැරෙන්නට දීර්ඝකාලීන ප්‍රතිකාර වෙනුවෙන් යොමුවෙන්නට රුවන්ට සිදුවන බැවින් ඒ සඳහා ආධාර පිණිස කිසියම් ගී ප්‍රසංගයක් පැවැත්වීමටද රුවන්ගේ සුවය පතන කලා ක්ෂේත්‍ර‘යේ මිතුරන් අතර තීරණයක් ඇතිව තිබේ.

ජීවිතයේ තරුණ අවධියේම මෙසේ රෝගාතුර වීම හේතුවෙන් සංගීත ක්ෂේත්‍ර‘යෙන් ඈත්වන්නට ඉඩ නොතබා රුවන්ට අවශ්‍යම මොහොතේ උදව් කරන්නට ඔබටද හැකිය. ඒ සඳහා ඉහත සඳහන් දුරකථන අංකයෙන් රුවන්ගේ පවුලේ අය ඇමතීමෙන් රුවන් වෙනුවෙන් මුදල් තැන්පත් කළ යුතු ගිණුම් අංකය හා අදාළ තොරතුරු ලබාගත හැකිය.

කලාකරුවන්ගේ සහ රසික රසිකාවියන්ගේ සහභාගීත්වයෙන් රුවන්ට සෙත්පතා බෝධි පූජාමය පිංකම් රාශියක්ද පැවැත්වෙන අතර, දෑතින් හා දෙසවනින් ලෝකය ජයගැනීමේ අභියෝගයේ නිරත වූ රුවන්ගේ අප්‍රාණික දෑත නැවත ප්‍රාණවත් කරවන්නට අද පාඨක ඔබටත් යම් ආධාරයක් කිරීමේ හැකියාව පවතී.

077 6061705/ 011 2635167 මංගල වීරසේකර අැමතීෙමන් ඒ සඳහා ඔබටද එක්විය හැකිය.

මේ ප්‍රතිභාපූර්ණ වාදකයාට උදා වී ඇති දුෂ්කර අවස්ථාවේ හැකිතාක් ඔහුට උපකාරයක් වීමට අපි විශේෂ නමක් තබමු. ඒ මනුස්සකමයි.
http://www.infosrilankanews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article