වර්තමාන ශ්‍රී ලංකාවේ, ආර්ථික හා දේශපාලනික, ගමන් මඟ කොයිබට ද ?කටානේදි සම්මන්ත්‍රණයක්!

0
71

 

වර්තමාන ශ්‍රී ලාංකාවේ ආර්ථිකය, දේශපාලනය, බෙදුම් වාදය, ආගම්වල අනන්‍යතාවය, තිව්ර ඝට්ඨනයන්ට මුහුණ දෙන මෙම වකවානුවේ රටේ ඉදිරි දැක්ම වෙනුවෙන් ඇතිවිය යුතු කතිකාවතක් වෙනුවෙන් සමගි ජන බලවේග පක්ෂය විසින් රට පුරා සංවිධානය කරන ” පච මදිවට ⁣හොරු ” සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් පසුගියදා  (14/06/2026 ) පෙරවරුවේ කටාන, කදිරාණ පිහිටි කටාන, ප්‍රාදේශීය සභා නව ශ්‍රමණාගාරයේදී පැවැත්වීණි.

IMG 20260615 WA0010 IMG 20260615 WA0009 IMG 20260615 WA0008 IMG 20260615 WA0007 IMG 20260615 WA0005 IMG 20260615 WA0006 IMG 20260615 WA0004 IMG 20260615 WA0003 IMG 20260615 WA0002 IMG 20260615 WA0001 IMG 20260615 WA0000

මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රධාන කථිකයන් ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා මෙන්ම ජේ.සී. අලවතුවල, නීතිඥ සුජීව සේනසිංහ, සහ හර්ෂන රාජකරුණා යන සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගි වූහ.
මෙම සම්මන්ත්‍රණයේදී, රැස්ව සිටි ජනතාව ආමන්ත්‍රණය කළ සියලු ආරාධීත කතිකයන් විසින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ වර්තමාන ජල බලවේග ආණ්ඩුවේ ආර්ථික , දේශපාලනික , සහ විදේශ ප්‍රතිපත්තීන් සහ දැනට එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන අවිධිමත් සහ සැලසුම් සහගත නොවූ එම ක්‍රමවේදයන් පිළිබඳව දැඩි විවේචනාත්මක විග්‍රහයක් සිදුකළහ. විශේෂයෙන් ජනතාවට දරා ගැනීමට නොහැකි වන සේ දිනෙන් දින වැඩිවන ජීවන වියදම , අඛණ්ඩව සිදුවන විදුලි බිල සහ ඉන්ධන මිල වැඩි කිරීම , එලෙසම පසුගිය දිනවල මෙරට ආන්දෝලනාත්මක සිද්ධියක් වූ ගල් අඟුරු වංචාව පිළිබඳවද ,තවද දිනෙන් දින ඉහළ යන ඇමරිකානු ඩොලරයේ පැවැත්ම මත අවප්‍රමාණය වන මෙරට මුදල් ඒකකය වන රුපියල් පිළිබඳවත් එහි බලපෑම නිසා මෙරට ආර්ථිකය තුළ සිදුවන කඩා වැටීම් පිළිබඳවද , එලෙසම මෙරට කඩා වැටෙමින් පවතින සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ අපනයන ක්ෂේත්‍රය, ආදී මෙරටට විදේශ ආදායම් උපයා දුන් ක්ෂේත්‍රයන්ගේ අඛන්ඩ කඩා වැටීම් පිළිබඳවද මෙම සම්මන්ත්‍රනයේදී දෙසුම් පැවැත් වූ කතිකයන් විසින් කරුණු අනාවරණය කළහ. විශේෂයෙන්ම මෙම සම්මන්ත්‍රණයේදී
දෙසුම් පැවැත් වූ සියළු ආරාධිත කථිකයන් විසින් පසුගිය වසරවල සිට මේ දක්වා මෙරටට විදෙස් ආයෝජන නොපැමිණීම පිළිබඳවද වැඩි වශයෙන් කතාබහට ලක් කළහ. එමෙන්ම මේ සියලු කතිකයන් විසින් අවධාරණය කළේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු මාලිමා ආණ්ඩුවට ශ්‍රී ලංකාව සංවර්ධනය කල නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි. ඒ අනුව මෙම කතිකයන් සියලුාම දෙනා විසින්ම අවධාරණය කළේ සමගි ජන බලවේග පක්ෂයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහු සමග සංවිධානය වී සිටින උගත්, බුද්ධිමත් කණ්ඩායම මෙරට ඊළඟ ආණ්ඩුව පිහිටුවමින් මෙරට ආපස්සට ගොස් ඇති සංවර්ධනය නැවත ඇතිකරලීමටත් විශේෂ ප්‍රායෝගික හැකියාවන් වලින් සමන්විත පිරිසක් බවයි. ඒ අනුව මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ සියලු ආරාධිත කතිකයන් මේ සඳහා සහභාගි වී සිටි සියලු ජනයාගෙන් ඉල්ලා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජන බලවේග පක්ෂයට ඉදිරිි මැතිවරණ වලදී බලය ලබා දෙන ලෙසත් එම අභියෝගය භාර ගැනීමට සමගි ජන බලවේග පක්ෂයේ උගත් බුද්ධිමත් අත්දැකීම් බහුල සියලු නායක කාරකාදීන්
සූදානම් බවද මෙහිදී එම කතිකයන් විසින්
වැඩිදුරටත් අවධාරණය කලහ..
කටානයේදී මෙම කතිකාව සංවිධානය කර තිබුණේ සමගි ජන බලවේග පක්ෂයේ කටාන ආසන ප්‍රධාන සංවිධායිකා හිටපු පළාත් සභා මන්ත්‍රනී නීතිඥ රෝස් ප්‍රනාන්දු මෙනවිය විසිනි.
මෙහිදී හිටපු පළාත් සභා මන්ත්‍රීනි නීතිඥ රෝස් ප්‍රනාන්දු මෙනවිය ද කටාන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මංත්‍රී කණ්ඩායමේ නායක ලසන්ත දීපල් මහතා සහ කටුනායක-සීදුව නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නායක සංගීත් නිස්සංක මහතාද මෙම සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කළහ.

මෙම සම්මන්ත්‍රණය සඳහා කටාන ආසනයේ සමගි ජන බලවේග පක්ෂයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වුහ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here