spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ව්‍යාපාරික පසෙහි මානව ගුණාංග වපුරා සරුඵල නෙලාගන්නා ප්‍රසන්න

Must read

prasanna 2(දෙවන සංස්කරණය ) මීපුරය  සුරපුරයක්  කිරීමට  වෙරදරන  මිනිස්සු  වගේම  අපායක්  කිරීමට  වෙරදරන  මිනිස්සුද  මේ  මීගමු  නගරයේ  ව්‍යාපාරික  කටයුතුවල  නියැලී  සිටිති.මින්  පළමු ගනයේ   ව්‍යාපාරිකයෙකු  මුණගැසී  කථාබහක  යෙදීමට  අපට  අවස්ථාවක්  ලැබින.  මීගමු  නගරයේ  ව්‍යාපාරික  ප්‍රජාව  අතර  දැවැන්තයෙකු  වන ඔහු  ප්‍රසන්න  සංජීව්  විජේසිංහය.  වචනයේ  පරිසමාප්ත  අරුතින්ම  ඔහු  ප්‍රසන්නය,  එසේම  තම  අරමුණු  විජයග්‍රහණය  කරා  මෙහෙයවන  සිංහයෙකි. එසේම  මීගමුව  සහ  මීපුර  යන  වචනවල අරුතේ  සමානත්වයක්  තිබුනද   මීපුර  යන්න  විවිධ  ආයතන  සහ  පුද්ගල  නාමයන්  අතරට  මුසුවී  භාවිතාවේ  යෙදෙයි.
මීපුර  නිව්ස්  යනු  අපගේ  වෙබ්  අඩවියයි.
මීපුර  වෙෆ්  යනු  ප්‍රසන්න  මහතා  වගකීම්  දරන  ආයතනයකි.
එසේ  මීපුර  යන  නාමය  යොදා  ගනිමින්  ව්‍යාපාරික  කටයුතු  වල  යෙදෙන  තවත්  අය  මීගමුවේ  සිටිති.මේ ඔහු  වගකීම්  දරන ආයතන   අතුරින්  එකකි.  මීපුර  සරත්  යනුවෙන්  හැඳින්වෙන්නේ මීගමුවේ   උපන්  ශේෂ්ඨ  පුද්ගලයෙකි. ඔහු  උගතෙකි,  බුද්ධිමතෙකි. වාමාංශික  ප්‍රතිපත්ති  මත  ක්‍රියත්මකවූ  වාමාංශිකයෙකි. මෙම  කරුණ  සඳහන්  කරන්නට  යෙදුනේ  ප්‍රසන්න  විජේසිංහනම්වූ  මෙම  දක්ෂ   ව්‍යාපාරිකයා   වැඩී  වර්ධනය  වූයේ  ඉහතකී   ශ්‍රේෂ්ඨ  පුද්ගලයාගේ  සෙවනේ  වීම  නිසයි. ඔහු   දහසකුත්  එකක්  වැඩ  තිබියදී   අප  සමඟ  කෙටි  කථාබහකට   කාලය  ලබාදීම  අගයකළ  යුත්තකි.  මේ  අනුව අප  යොමුකළ  කෙටි  ප්‍රශ්ණකිහිපයකට  අනුව  තමන්ගේ  අත්දැකීම්  ප්‍රසන්න  මහතා   පැහැදිළි  කළේ මෙසේය.

ඔබේ පුද්ගලික  තොරතුරු ගැන යමක්  කියන්න  පුළුවන්ද?

මම  ප්‍රසන්න  සංජීව්  විජේසිංහ.  වයස  අවුරුදු  34යි.   විවාහකයි.  මගෙ  බිරිඳගෙ  නම  නිමේෂා  විජේසිංහයි.  අපිට  මාස  6ක  පුතෙක්  ඉන්නවා. මගෙ  පියා  ලක්ෂ්මන්  විජේසිංහ .  ඔහු  හිටපු  සාමාන්‍යාධිකාරිවරයෙක්.  මව  ශීලා  විජේසිංහ. මගෙ  දෙමව්පියන්  වගේම ඒ  අයගෙන්  පස්සෙ  මටරැකවරණය  දුන්නෙ  සරත්  මීපුර  කියන  උතුම්  මිනිසා  සහ එතුමාගේ  භාර්්‍යාව වන රීටා මීපුර  යන  දෙදෙනා  බව  ගෞරවයෙන්  සිහිපත්  කළ  යුතුයි.ඒ  දෙදෙනාගේ  ආභාෂය  නිසා  තමයි  අද  මම  මේ  තැන  ඉන්නෙ. මීට  අමතරව  සභා  පාලකවරුන්  ලෙස පාස්ටර් රාජා වද  සඳහන්  කළ  යුතුයි. ඒ  වගේම  මේ  සියල්ල තුළ  මට  පන්නරය ලැබුනෙ  දෙවියන් වහන්සේගෙ  බලය නිසයි. ඒ නිසා  මම  දැඩි  දේවභක්තිකයෙක්.prasa

ඔබේ  මේ  ගමනෙ  ආරම්භය  සහ  විකාශනය  කොහොමද?

වයස  අවුරුදු  18දිම මට විධායක  ශ්‍රේණියේ  රැකියාවක්  ලැබුන සෙලින්කෝ  ආයතනයෙ.  අවුරුදු  හතරක්  විශාල කැපකිරීමක්  කරමින්  මේ  රැකියාවෙ  නිරත වූනා. යතුරු පැදියකින්  තමයි ගමන් බිමන්  ගියෙ. ඉන්පස්සෙ  අවුරුදු  21දි උසස්වීමක්  සමඟ  Union Assurance   ආයතනයේ  රැකියාවක්  ලැබෙනව.  කාර්  එකකුත්  ලැබෙනව. ඊට  පස්සෙ මම  රක්ෂණ  අංශයෙන්   හොටෙල්  අංශයට  යොමු  වෙනවා.   ඒ  ජෙට්වින්  හොටෙල්  සමූහ ව්‍යාපාරයේ  විධායක  නිලධාරියෙකු  ලෙසයි.   අවුරුදු  එකක  සේවයෙන්  පස්සෙ 2009දි  නැවත  Asian  Alliance   රක්ෂණ  සමාගමට සම්බන්ධ  වෙනව.   ලංකාවේ  සිටින  ලාබාලතම  කලමණාකරු  වශයෙන්  එතැන්සිට  කටයුතු  කරනව  වගේම  ව්‍යාපාරික   අදහස්  හිත ඇතුලෙ  වැඩෙන්න  පටන්  ගන්නෙ  මේ  කාලෙ. ඒ  අනුව  මගෙ  යාළුවන්  දෙදෙනෙක්  වූ  මීපුර  ෂෙප්  සමූහ  ව්‍යාපාරයේ  අකිල  බාලසූරිය  සහ  S  and  R  International  ව්‍යාපාරයේ  රොහාන්  පෙරේරා  සමඟ  එකතුවී  කටයුතු  කරගෙන  යනවා.  අනෙක්  ව්‍යාපාර  මම  තනිවම  කරගෙන  යනවා.prasanna 1

ඔබේ  ව්‍යාපාරයට මීපුර  යන  වචනය  යොදා  ගත්තෙ  ඇයි?

ඒක  මගේ  ජීවිතේට  සම්බන්ධවූ  විශේෂ  කාරණයක්.    දෙවන  පියා  ලෙස  මට  රැකවරණය  දුන්න  සරත් මීපුර නම්වු  ශ්‍රේෂ්ඨ  පුද්ගලයාට  කරන  ගරුකිරීමක්  ,  කෘතගුණ  සැළකීමක්  වශයෙන්  තමයි  ඒ  නම  යොදා ගත්තෙ. එසේම  මම  යම්  තැනක  ඉන්නව  නම්  ඒ  එතුමාගේ  ගුරුහරුකම්  ,  මගපෙන්වීම්  නිසා  යැයි  කිව්වොත්  නිවැරදියි. මගෙ  ජීවිතේට  නව  ආලෝකයක්  ලැබුනෙ  එතනින්.  ඒනිසා  මම  එතුමන්ට  සදා  ණය ගැතියි.

ඔබට  තිබුණු  අභියෝග  සහ ඉදිරි  කටයුතු  ගැන  යමක්  කිව්වොත්.

මම  බිස්නස්  වලින්  ගොඩක්  අත්දැකීම්  ලැබුව.   අඩුපාඩුකම්  තිබුන.  මම  ඒව  හඳුනගත්ත.  උදාහරණයක්  විදිහට එක  අවස්ථාවක  සාරි  කඩයක්  පටන්  ගත්ත .  සාර්ථක  වුනේ නෑ.  ඒක  වැරදි  තීරණයක්.ඒ  කඩේ  වහන්න  සිද්ධ වුනා.  නමුත්  මම  ඒකෙන්  වැටුනෙ නෑ.  ඒව  තුළින්  තමයි  ඉගෙන ගත්තෙ.ඉදිරියේදි  මීපුර  නමින්  ව්‍යාපාරය  විවිධාංගීකරණය    කරමින්   තව  පියවරක්  තැබීමට  කටයුතු  යොදනවා. සමාජසේවා  කටයුතුවල  නියැලී  කටයුතු  කරන  නමුත්  මම  කැමති  නෑ  ඒව  ගැන  කියන්න.  ඒක  මා  සහ  දෙවියන්  සමඟ  ක්‍රියාත්මක  වෙන  දෙයක්. මෙතෙන්දි  මතක් කළයුතු  තවත්  දෙයක්  තියෙනවා.  ඒ  නිමේෂා විජේසිංහ  නම් මගෙ  භාර්්‍යාව  ලබාදෙන  සහයෝගයයි.  ඒක  මට  යෝධ   හයියක්.  අනික  මේවෙනකොට  පුතා  අභි  අප අතර  සිටීමත්  මගේ  කටයුතු  සඳහා   ශක්තිය  ලැබෙන   තවත්  හේතුවක්.prasanna 5

මේතරම්  දුරකට  පැමිණීමේ  රහස ?

මේතරම්  දුරකට  පැමිණීමේ  රහස  ගැන  විමසූ  විටද  ඔහු  පිළිතුරු  දුන්නේ  මෙය  දෙවියන්ගේ  මහිමය මත  සිදුවන්නක්  බවයි.  එසේම  තමන්ගේ ආයතනයේ වැඩ  කරන  සියළු දෙනා   සේවකයින් ලෙසින් නොව  ඔවුන්    තමන්ගේ  යහළුවන්  ලෙස  ඇසුරුකරන  බවත් ඔහු  පවසයි.  නමුත්  ඔහු  නොකියන  පැත්තක්  කථාබහ  අතරතුරේදී  මතුවිය.  මගෙ  පිටුපස  දෙවියන්ගෙ  බල  මහිමය තියෙනව.  ඒ  නිසා මම  කිසිදේකට  භය  නෑ.  මම  අද  සතුටින්  ඉන්නව  වගේම  අනෙකා  සතුටු  කිරීමත්  මගේ  සතුටට  හේතුවක්. ඒක  කුඩා දෙයක්  වෙන්න පුළුවන්.    කුඩා  දේ  තුළින්  වුවත්  මා  ඉදිරිපිට  සිටින  කෙනාගේ  මුව  තුළින්  හිනාවක්  මතුකර  ගත  හැකිනම්  මගේ  ලොකුම  සතුට  ඒකයි.  සමාජ සේවා  කටයුතු  වලට   මැදිහත්  වෙන නමුත්  ඒගැන  කියන්න  මම  කැමති  නෑ.  ඒ පිළිබඳව   කරන  කියන  දේවල්  ගැන  මම  කථාකරන්නෙ  නෑ.
දැනට ඔබ සම්බන්ධවෙලා ඉන්න ව්‍යාපාරික කටයුතු රැසක් තියෙනවා ඒ ගැන යමක් කිව්වොත් .

ප්‍රසන්න  මහතා    Fair First  රක්ෂණ  ආයතනයේ  මිනුවන්ගොඩ  සිට  කැකිරාව  දක්වා  විහිදුනු  ශාඛා  සමූහයේ  කලාපීය  කලමණාකරු  ලෙස   කටයුතු  කරයි. ඊට  අමතරව  මීපුර   සමූහ  ව්‍යාපාරයේ  සභාපති  වශයෙන්  සහ මීපුර  ෂෙප්  නමින්  රෙස්ටුරන්ට්  එකක්,  මීපුර  රෙසිඩන්ස්  නමින්  විලා (මිනි  හොටෙල්)  එකක්, මීපුර  Luxury  car නමින් වූ  ආයතනයක්  පවත්වාගෙන  යන  අතර  S and R  Auto  international    නම්  ආයතනයේ  අධ්‍යක්ෂක   වරයෙකු ලෙසත්  කටයුතු  කරයි.  මේ  සියළු  වගකීම්  දරන   නමුත්   තම  ජීවිතය  ඉතා  සැහැල්ලුවෙන්  ගත කරයි.   ඔහු  විනෝදකාමීය.  එසේම   විදේශ  සංචාරයට  වැඩි  කැමැත්තක්   දක්වයි.

සරු  පසක  පැළකරන  ලද   පැලයක්   නිසිලෙස  නඩත්තු  කිරීමෙන්  නිසැකවම  ඉන්  ලැබෙන්නේ  සාර්ථක  නිමිඵලයක්   බව  අපි දනිමු.  ‍මේ  අනුව  ප්‍රසන්න  මහතා   මීපුරයේ   සිටින  අති දක්ෂ   කලමණාකරුවෙකු  මෙන්ම  යහපත්  මිනිස්  ගුණාංග  වලින්  පිරුණු   මිනිසෙකි.   එසේම  සියළු  කටයුතු  වලදී  මෙකී  සාධකය  විශේෂයෙන්ම   ඔහු  පසු පසින්  ගමන් කරන බව  පෙනේ.  ඒනිසාම  ඔහු   සාර්ථක  පවුල්  ජීවිතයකට  හිමිකම්  කියන  අතර  යහපත්  සමාජ  වටපිටාවක්ද   ඔහු වටා  නිර්මාණය  වී  ඇත.  මෙසේ  සාධාරණ  ව්‍යාපාරිකයෙකු  වශයෙන්   ඔහු  යන  ගමනට  අපි  අපේ  සුභාශිංසනය   පිරිනමමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article