spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වාලක්කඩි ප්‍රහාරයකින් ධීවරයෙකු රෝහලේ !

Must read

හලාවතින් මුහුදු ගිය ධීවරයින් පිරිසක් විසින් අල්ලාගෙන ගොඩබිමට ගෙනැවිත් සිටි වාලක්කඩියා නමැති මුහුදු මත්ස්‍යයෙකු සපාකෑමෙන් තුවාල ලැබූ බව කියන ලද පුද්ගලයෙකු හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල්ගත කෙරුණේ වට්ටක්කලිය, රේල් ගේට්ටුව අසල පදිංචි දෙරු පියෙකු වන සිවා රෝහණ නමැති (33 ) අයෙකි.

‘වයඹ ටුඩේ‘වෙබ් අඩවිය තම අත්දැකීම විස්තර කළ සිවා රෝහණ මහතා මෙසේ පැවැසීය.

මාඵ තෝරලා තමයි මම දවසට කීයක් හරි හොයාගන්නේ. ඊයෙත් මම පුරුදු විදිහට මාඵ තෝරන්න මාඵ කඩේට ගියා. මීවැටි මාඵ මරන්න ගොස් සිටි බෝට්ටුවක් උදේ 10ට විතර කලපුව දිගේ මාඵ කඩේ ළගට ආවා. එකේ හිටපු මාඵ තෝරමින් ඉන්නකොට කොටි හමක් පොරව ගත්ත මාඵවෙක් ඉන්නවා මම දැක්කා.ඌ ඇමක් ගිලලා තිබුණා. ඒ නිසා මම එම සතාව යොතේ ඇමණුම් බිලියෙන් ගලවන්න හිතාගෙන ඇල්ලුවා විතරයි ඌ පැනපු ගමන් මාව කෑවා. මම පොල්ලක් අරගෙන ගහලා සතාව මරලා දැම්මා. ඇගට අමාරුවක් දැනුන නිසා මම මරපු සතාවත් අරගෙන ඉස්පිරිතාලෙට ආවා.ඊට පස්සෙ තමයි මම දැන ගත්තේ මේ සතා විස සහිත එකෙක් කියලා.“

හලාවත දිස්ත‍්‍රික් මහා රෝහලට වෙත ගෙනැවිත් තිබූ අඩි 4 ක් පමණ දිගැති මෙම සත්වයාගේ සිරුර පුරා කොටියෙකුගේ මෙන් පුල්ලි පිහිටා ඇති අයුරු දැකගත හැකිවිය. මෙම සත්වයා කිලෝ 6ක් පමණ බරැති බවද ධීවරයෝ කියති.

මේ පිළිබදව කළ විමසීමකදී හලාවත සහකාර ධිවර අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා විසින් මෙම සත්වයා කලාතුරකින් දැකිය හැකි වාලක්කඩියෙකු බවට තහවුරු කළේය.

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

walakkadi_attack3 walakkadi_attack2 walakkadi_attack1උපුටා ගැනිම – www.wayambatoday.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article