( 9.30 am ) විශේෂඥ දොස්තර කෙනෙක්ව චැනල් කලාම එයාට 3500ක් විතර ගෙවන්න වෙනව.
ඒක ඇතුලෙ අදාල චැනල් සෙන්ටර් එකේ ගාස්තුවත් තියෙනව.
අපි හිතමුකෝ දොස්තර අදාල ලෙඩාට ඉන්ජෙක්ෂන් එකක් විදිනව කියල.
අර විශේෂඥ දොස්තර ඒකටත් වෙනම ගානක් දානව.
මරු වැඩේ කියන්නේ ඉන්ජෙක්ෂන් එක ගහන එකේ බිලටත් අර චැනල් සෙන්ටර් ඈයෝ ගානක් එකතු කරනව.
මරුම කතාව කියන්නෙ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න රු 3000 ක බිලක් චැනල් කරන තැනින් දුන්නොත් ඇත්තටම ඉන්ජෙක්ෂන් එක රු 1000ට අඩුගානක් වෙන්න පුලුවන්.
ලෙඩාව විනාඩි දෙකක් විතර බලල විනාඩියකවත් කාලයක් වැය නොකර ඉන්ජෙක්ෂන් ගහන දොස්තර විතරක් නෙමේ චැනල් සෙන්ටර් එකත් මේ බිලටම ගානක් දානව.
මේව තමයි හැබෑම මාෆියා…
පී.එම්.ප්‍රනාන්දු












