spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැල්ලවිදියේදී පොලිස් පහරකෑමට ලක්වූ ජනතාවට තවමත් සාධාරණයක් ඉටුවී නැහැ ?

Must read

ඔක්තෝබර් 08 වනදා මීගමුව –  වැල්ලවීදියේ ගම්වාසීන් පිරිසකට මීගමුව පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පහරදුන් බවට ගම්වාසීන් විසින් චෝදනා කරන ලදී. මෙම සිදුවීම 08 වනදා රාත්‍රියේදී සිදුවු අතර ගම්වාසීන් විසින් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් පිරිසක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට මිගමුව පොලීසියට ගොස් සිටි අවස්ථාවේදී  පැමිණිලි කිරීමට පැමිණී කාන්තාවක්ද ජීප් රථයේ නංවාගෙන ගමට පැමිණි පොලිස් නිලධාරීන් 08 දෙනෙකු පමණ  සිදුවීමට අදාළ ස්ථානයට පැමිණි ගම්වාසින්ට පහර දුන් බව එම කාන්තාවන් පවසයි. මෙම පහරදීමත් සමග එදින රැය පහන්වන තුරු මෙම ධීවර ගම්මානයේ ජනතාව වැල්ලවීදිය දෙවස්ථානයේ රැදි සිටි අතර පසුවදා අවට ගම්වාසීන් සහභාගී කරගනිමින් විරෝධාවයක් පවත්වන ලදී. මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සම්බන්ධව මීගමුව පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කිරීම හේතුවෙන් පවුල්ල40 ක පමණ සාමාජිකයින්ට  පවුල් දෙකක් විසින් සිදුකළ හිංසාවට ලක්වීමට සිදුවිය. මාසයකට අධික කාලයක්  මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ගල්ප්‍රහාරයකට ලක්වීමට සිදුවීය. ගල් ගැසීම සිදුකරන පුද්ගලයින් පොලීසියට අල්ලා දීමට ගිය අවස්ථාවේදී ගම්වාසීන් විසින් එක්රැස්ව ගල් ප්‍රහාරය එල්ල කරන පුද්ගලයා සැඟව සිටි ස්ථානය අවට රැඳී සිට ඇත. මේ අවස්තාවේදී මෙම ස්ථානයට පැමිනි මීගමුව පොලීසියේ පොලිස් නිලධාරින් පුද්ගලයන් කවුරුන්ද යන්න විමසීමකින් තොරව පහරදිම සිදුකර තිබේ.
මෙම පහරදිම සිදුකළ බීමතින් සිටි බවත් ,කාන්තාවන්ට ඉතා අශෝභන ආකාරයට බැනවැදී පහරදුන් බවත් ගම්වාසීන් චෝදනා කර සිටියේය.
මේ වනවිටත් මෙම ගම්මානයට ගල් පහරවල් එල්ල කරන බවත් ඔවුන් පවසයි.
මීගමුව පොලිසියේ පොලිස් නිලධාරීන් විසින් 08 වනදා රාත්‍රියේ සිදුකළ පහරදීම සමබන්ධයෙන් මේ වනතෙක් ඉහළ නිලධාරීන් කිසිඳු පියවරක් ගෙන නොමැති අතර පහරකෑමට ලක්වූ ජනතාව ද මේ වනතෙක් මෙම පහරදීමට එරෙහිව කිසිඳු නීතිමය පියවරක්ද ගෙන නොමැත.
ශාන්ත සෙබස්තියන් ධීවර ගම්මානයේ ජනතාව වසර කීපයක් පුරා සිය ගම්මානය ඇතුළත ජිවත්වන පවුල් දෙකක් විසින් සිදුකරන මත්ද්‍රව්‍ය ඡාවාරම් සහ ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් වගකිවයුත්තන් දැනුවත් කරමින් සිටින අතර මීට මාසයකට පමණ පෙර මීගමුව පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලදී. ඉන්පසුව මීගමුව පොලීසිය විසින් මෙම මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධ එක් පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

ශාන්ත සෙබස්තියන් ධීවර ගම්මානයේ ජනතාව සිදුවීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන වල සාමාජිකයින් දැනුවත් කළ අවස්ථාව (2023-10-09)
ශාන්ත සෙබස්තියන් ධීවර ගම්මානයේ ජනතාව සිදුවීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන වල සාමාජිකයින් දැනුවත් කළ අවස්ථාව (2023-10-09)

https://web.facebook.com/meepuranews/videos/842834470677153

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article