වැල්ලවිදියේ තරුණයෙකුව කඩුවකින් කැපු පිරිස තවමත් නිදැල්ලේ ?

0
1312

wp 1661528849120පසුගිය ඉරිදා රාත්‍රියේ වැල්ලවිදිය දේවස්ථානය අසලදි යතුරු පැදි වලින් පැමිණි පිරිසක් වැල්ලවිදියේ තරුණයෙකුගේ අත්වලට කඩුවකින් කොටා තිබුණි.
අධික ලෙස ලේ වහනය වෙමින් සිටි කැපුම් තුවාල සහිත තරුණයාව මිගමුව රෝහලට ඇතුලත් කර තිබුණ අතර පසුව රාගම රෝහල වෙත ගෙන ගොස් තිබේ.
රාගම රෝහලේදි අද දින ( 26) ශල්‍යකර්මයකට ලක් කර ඇතැයි වාර්තාවේ .

කෙසේ වෙතත් මෙසේ කඩුවකින් කපා දමා තුවාල සිදුකරන ලද  පස් දෙනෙකුගෙන් යුත් පිරිසේ කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නැතැයි පවු‌ලේ අය මිපුර අමතා අද ප්‍රකාශ කර සිටියේය.

මෙසේ කඩු ප්‍රහාරයට ලක්ව සිටින්නේ මිට වසර එකාමාරකට පමණ ඉහතදි මිගමුව නගරාධිපති දයාන් ලංසාට පහරදිමේ සිද්ධියට මුල් වු තරුණයා බවද සැලය.

22 හැවිරිදි තරුණයෙකුගේ පහර දිම හේතුවෙන් නගරාධිපති දයාන් ලංසා තුවාල සිදුව  තිබිම හේතුවෙන් අප්‍රසිද්ධියේ රෝහල් ගතවු බවටද කරුණු හෙළිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here