spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැල්ලවීදියේ ශා.සෙබස්තියන් ධීවර ගමේ ජනයාට ගල් ප්‍රහාර ?

Must read

වැල්ලවීදිය සුසාන භූමිය ඉදිරිපිට පිහිටා ඇති ශාන්ත සෙබස්තියන් ධීවර ගම්මානයේ පවුුුල් 40 ක පමණ ජනතාවගේ ආරක්ෂකාව සම්බන්ධයෙන් විශාල ගැටළුවක් ‌මතුව තිබේ. දැනට මාසයකටත් අධික කාලයක් පුරා  තමන්ගේ නිවාස වලට ගල් ප්‍රහාර ඒල්ල වනබවත් කිසිවෙකුටත් මෙම ක්‍රියාව තවමත් නතර කිරීමට හැකිවී නොමැති බවත් ඒම ධීවර ගම්මානයේ ජීවත්වන ජනතාව පවසති.
මෙම ගම්මානය තුළ කාලයක් පුරා සිදුවෙමින් තිබූ ,අයිස් ,කේරල ගංජා සහ ගණිකා ව්‍යාපාරය නැවැත්වීම වෙනුවෙන් ඔවුන් විසින් කාලයක්පුරා කටයුතු කරමින් සිටි බවත්, ඒ් හේතුවෙන් ගමත් මෙම ජාවාරම්කාර පුද්ගලයනුත් අතර ගට්ටනයක් ඇතිවූ පසු මේ සම්බන්ධයෙන් මීගමුව පොලීසියට ගොස් දැනුම් අතර පොලිසිය මැදිහත් වී ඒක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පුනරුත්තාපනය සදහා යොමුකළ බවත් ගම්වාසින් පවසති.
තමනගේ නිවාස දෙසට මෙම ගල් ප්‍රහාරය දවල් ,රැ නොබලා ඒල්ලවන්නට පටන් ගත්තේ මෙම සිදුවීමෙන් පසුව බවයි ඔවුන් පවසන්නේ.
මේ වනවිට මීගමුව පොලීසිය පැමිණ අවස්ථා කීපයකම මේ සම්බන්ධයෙන්  විමර්ශන කළද තවමත් මෙම ගල් ප්‍රහාරය ඒල්ල කරන පුද්ගලයන් සොයා ගැනිමට නොහැකිවූ බව ජනතාව පවසයි.

මේ හේතුවෙන් තමන්ගේ ඒදිනෙදා ජීවන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට  ඔවුන් පත්ව ඇති අතර විශේෂයෙන් කුඩා දරුවන්ගේ  ආරක්ෂාව මේ වනවිටත් අනතුර් බව ඔවුන් පවසයි. මෙසේ ගල් ගැසිමට පටන් ගත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඒරෙහිව මීගමුව පොලිසියට ගියදාට පසුව බව ගම්වාසීන්ගේ අදහසයි.
ඒසේම මෙම ධීවර ගම්මානයට පිටුපසින් ඇලක් පිහිටා ඇති අතර රාත්‍රී කාලයේදී ඒම ප්‍රදේශය දැඩි අන්ධකාරයක් පවතියි. මෙම ගල් ප්‍රහාරය ඒන්නේ ඒ් දෙසින් බවත් ගම්වාසින් පවසන අතර මෙය සාමාන්‍ය පුද්ගලයන්ට කළ නොහැක්කක් බවටද මේ වනවිට ඔවුන් සැක පළ කර සිටිති.
මාසයක් පුරා ගල් ගසන්නට නම් මෙම ප්‍රහාරය පිටුපස තනිපුද්ගලයෙකු සිටීමට නොහැකි බවත්, මේ පිටුපස විශාල හස්තයක් තිබෙන බවටද ගම්වාසින් සැක පළ කරති.
මෙම ධීවර ගම්මානය ආශ්‍රිතව මෙන්ම වැල්ලවීදිය ප්‍රදේශය තුළ කේරල ගංජා  සහ අයිස් මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය විශාල වශයෙන් සිදුකරන ජාාවාරම්කරුවන්ගේ ශක්තිමත් ජාලයක් තිබෙන බවද ඔවුන පවසති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article