spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැලි ජාවාරම්කරුවෝ සහ වැලි කලාකරුවෝ

Must read

මීගමුව මෙන්ම අවට සෑම ප්‍රදේශයකින්ම අසන්නට ලැබෙන්නේ වැලි හාරා විකුණන ජාවාරම්කරුවන් පිළිබදවයි.
ඔවුන් ද කලාකරුවන් ලෙස හැදින්විය හැකි වන්නේ නීතියේ කනින් රිංගා කලාවට වැලි.පස් හාරන්නට දන්නා නිසායි.
කොතනක හෝ සංවර්ධන වැඩක් සිදුවූවහොත් එම ස්ථානය හැරූ පස්ටික කාගේ හෝ සාක්කුවකට යන බව ප්‍රසිද්ධ රහසකි.
2007 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වෙන්නප්පුව පා.සභාවේ මන්ත්‍රීවරයෙකුට සහ පුද්ගලයන් 3 දෙනෙකුට සිරදඩුවම් සහ  නියම කළේ  පොතුවටවන  ප්‍රදේශයේ සුසාන භූමියක වැලි සහ ඇල ඉවුරක වැලි හෑරීමට වරදකරුවන්  වූ නිසාය.  එය එසේ වූයේ  ඒ ප්‍රදේශයේ  හිටපු එඩිතර මිනිසුන් පිරිසක් විසින් සුසාන භූමි පනතක් උපයෝගී කොටගෙන
ඒ වෙනුවෙන් නඩු කීම හේතුවෙනි. නමුත් මේ වැලි හැරීම සෑම තැනකදිම එසේ නවත්තන්නට බැරි ලෙස දිගටම කෙරීගෙන යයි. මේ වන විටත්  කොච්චිකඩේ මා ඔය දෙපස රාත්‍රී කාලයේදී මෙම වැලිගොඩදැමීම් දිගටම සිදුවෙයි.

අෙප් මේ  කතාවේ සිටින්නේ වැලි ජාවාරම්කරුවෙකු නොව වැලි කලාකරුවෙකි.
ඔහු  මිගමුව කුඩාපාඩුවේ   ලූවිස් පෙදසේ  ‘බුල්ලොක් කාර්ට්’  වෙළෙද සැලේ හිමිකරු  වන මොෙහාමඞ් ශෆ්රි මහතායි.
වයස අවුරුදු 42 ක්වු ඔහු වසර දහයක් තිස්සෙ වැලි වර්ණ කර විදුරු බොතල් තුළ
නිර්මාණය කරයි.  ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ    මිගමුව ලොයලා විදුහලෙනි.
කලක් ඔහු විදේශ ගතවි සෞදි අරාබියේ රියාද් නුවර රැුකියාවක නිරතවි සිටින විට විවේක කාලයේදී  ඔහු කුඩා අශ්ව කරත්ත  නිර්මාණ කර වෙළෙද සැලකට ඉදිරිපත් කර ඇත. එම වෙළෙදසැලේ හිමිකරු තමාගේ නිර්මාණයන් බලා ”සෑන්ඞ් ආර්ට්’ ” නම් වර්ණ  කළ වැලි  ගැන  චිස්තර  පැවසූ අතර  එවැනි කලා නිර්මාණ හදුන්වා දීම ඔහුට මහත් පිටුබලයක් වී ඇත.
එබැවින් මේවා ගැන තොරතුරු සොයා බලා එවැනි  අත්හදා බැලිම් වලද ඔහු නිරතවි  තිබේ.
ලංකාවට පැමිණි  පසු ඔහු තම  කලා කුසලතාවයන් තම හැකියාවන් තුලින් ස්වයං රැකියාවක් පටන් ගෙන ඇත.  ඔහු විසින් ලංකාවේ සැම පලාතකින්ම සොයාගත් පස් වර්ග දැනට 32 ක් පමණ ඇති බවත් එවා වර්ණ කර ඔහු විසින්ම නිර්මාණය කරගත් ආයුද ආම්පන්න භාවිතා කිරිම විශේෂත්වයකි, ඔහුගේ නිර්මාණයන් ලක්වැසි ජනතාවට පෙන්නුවේ ස්වාධින රුපවාහිනි ජනප්‍රිය අටපට්ටම වැඩ සටහන බව කෘතගුණයෙන් පවසයි.
විදේශිකයින් පමණක් නොව දේශියකයන්ද මෙම නිර්මාණ මිලදි ගන්නා බවත් ඔහු පවසයි. ලැබෙන දෙයින් සතුටුවිමත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලිම් පරිදි  නිර්මාණය කිරිමත් තම දෑතින්ම සිදුවන බව  ඒ මහතාගේ අදහසයි.

මෙය ව්‍යාපාරයක් ලෙස දියුණු කර ගැනීමට බලාපොරොත්තු   වන ඔහු  ඒ සදහා

ඔහුට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම්.  පාසැල් දරුවන් හට මෙම නිර්මාණ  ගැන ඉගැන්වීමටද ඔහුට හැකියාවක් ඇති බව ද ඔහුගේ  අදහසයි.

ඔහුගේ ලිපිනය –
නො 34/22 ලාසරස් පාර මිගමුව ජ . දු අංකය 077-8787980

තොරතුරු සහ ජායා –
සුජාඉල් මුනිර්

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article