විජයරත්නම් පාසැලේ සිදුවිම ගැන ලියු සමාජ මාධ්‍ය ක්‍රියාකාරි⁣යෙකුට අමානුෂික ප්‍රහාරයක් ?

0
816

 

පසුගියදා විජයරත්නම් පාසැලේ සිසු දරු දැරියන්ගේ ඇස් පරික්ෂාවට ලක්කිරිම වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබුනි.

මිගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සංවිධානය කර තිබුණ මෙම වැඩ සටහනට සහය විම සදහා පැමිණ සිටි සෞඛ්‍ය කම්රුවන් නිසා යම් අපහසුවක් සිදුව තිබුන බව සිසු දැරියන් පිරිසක් සිය දෙමව්පියන්ට දැනුම් දි ඇත.

මේ පුවත ගැන සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තැබු ධනුෂ් නැමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුට , අමානුෂික ලෙස පහර දි තිබිම නිසා පසුගියදා රෝහල් ගත් කර තිබුණි.

මෙසේ පහර කෑමට ලක්වු ධනුෂ් නැමැත්තා⁣ගේ එක් ජංගම දුරකතයක් පැහැර ගෙන තිබුන අතර අනික් ජංගම දුරකතනය කඩා විනාශ කර තිබුන බවද කියා සිටි.

මිපුර වෙබ් අඩවිය වෙත කතා කල ධනුෂ් ක්‍රියා සිටියේ මේ සිදුවිම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවත් ,.තමා එම පුවත මිපුර වෙබ් අඩවියේ පළවු පුවත පදනම කොට ගෙන සිය ⁣ෆේස්බුක් පිටුවේ පළකළ බවත්ය..
තමාට පහර දුන් පුද්ගලයන්ගෙන් සමහරක් හඳුනන බවද  ධනුෂ්   වැඩිදුරටත්  කියා  සිටි.

මේ ම්ලේච්ඡ ප්‍රහාරයට විජයරත්නම් පාසැලේ ආදි සිසුන් පිරිසක් සම්බන්ධ බවට ධනුෂ් චෝදනා කර සිටි.

මේ පහරදිම පිටුපස සිටින විජයරත්නම් පාසැලේ ආදි සිසුන් යැයි කියා ගන්නා පිරිසට එරෙහිව දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here