විදෙස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කරගන්න, මීගමුවේ MAS Consulting වෙතින් මාර්ගෝපදේශන වැඩමුළුවක් .

0
125

….

උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමට අපේක්ෂා කරන තරුණ තරුණියන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් මීගමුවේ, “MAS Consulting” ආයතනය විසින් මීගමුව, ඒත්තුකාල “ද කින්ග්ස් බේ” හෝටල් ප්‍රධාන ශාලාවේදී අති සාර්ථක මාර්ගෝපදේශන වැඩමුළුවක් පසුගියදා පවත්වන ලදී. මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ගෞරවනීය පූජ්‍ය යටවත්තේ ඥානාරාම ස්වාමීන් වහන්සේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ආචාර්ය කෝසලා පතිරාජ මහත්මිය සහභාගී වූහ.

දහස් ගණනක සිහින සැබෑ කළ MAS Consulting

2007 වසරේ “ලන්ඩන් ලංකා ඉන්ස්ටිටියුට්” නමින් ආරම්භ වී, 2012 වසරේදී “MAS Consulting” ලෙස සිය සම්බන්ධීකාරක සේවා කටයුතු පවත්වාගෙන යන මෙම ආයතනය, මේ වන විට ලොව ප්‍රමුඛ පෙළේ රටවල් රැසකට, විශේෂයෙන්ම යුරෝපා රටවල් වන පෝලන්තය, මෝල්ටාව, එස්තෝනියාව, ලක්සම්බර්ග්, ලිතුවේනියාව මෙන්ම රුසියාව සහ ජපානය වැනි රටවල් සඳහාද මෙරට තරුණ තරුණියන් දහස් ගණනකට උසස් අධ්‍යාපන වරම් හිමිකර දී තිබේ.

නිවැරදි තීන්දු තීරණ වල වැදගත්කම …

මෙම මාර්ගෝපදේශන වැඩමුළුවේදී විශේෂ දේශනයක් පැවැත්වූ MAS Consulting ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මිල්රෝයි ප්‍රනාන්දු මහතා, විදේශගතව අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන තරුණ දූ දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට අධ්‍යාපනය ලැබීමට සුදුසු රටක්, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාවන් සහ එම උසස් අධ්‍යාපන පාඨමාලා පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කළේය.

කුමන රටකට ගොස් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකට පිවිසීමට හෝ පෙර,ඒ පිළිබඳව හොඳින් සොයා බලා, නිවැරදිව හා හොඳින් සිතා බලා තීන්දු තීරණ ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන්ම, විදේශ අධ්‍යාපනයට පිවිසීමට අපේක්ෂා කරන අයට මූලිකම හා විශේෂිත සුදුසුකම වන්නේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීම බවත්, උසස් පෙළ විභාගයට පෙනී නොසිට පදනම් පාඨමාලා හැදෑරීමෙන් විදේශ අධ්‍යාපනයට යොමු වුවද, බොහෝ දෙනෙකුට තම විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීම දුෂ්කර කාර්යයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මිල්රෝයි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේ, බොහෝ තරුණ දූ දරුවන් පමණක් නොව, දෙමාපියන් පවා තම දරුවන් විදේශ අධ්‍යාපනයට යොමු කරන්නේ නිවැරදි තීන්දු තීරණ මත නොවන බවයි. මිතුරෙකු හෝ ඥාති පවුලක අයෙකු විදේශ අධ්‍යාපනයට ගියහොත්, එම අඩි පාරේම තම දරුවන්ව ද යොමු කිරීමට දෙමාපියන් පෙළඹෙන අවස්ථා බොහෝ බව ඔහු පෙන්වා දුන්නේය. තරුණ දූ දරුවන්ද තම යහළුවන් විදේශ අධ්‍යාපනයක යෙදෙන්නේ නම්, ඔවුන් ගිය ආකාරයටම, ඇතැම් විට තමන්ට දරාගත හැකි මුදලකට වඩා වැඩි මුදලක් ගෙවමින් සිය වාසස්ථාන පවා උගස් තබමින් සහ අධිකව ණය වෙමින් විදේශ අධ්‍යාපනයට යොමු වන අවස්ථා අප සමාජයේ සුලභ බව ඔහු අවධාරණය කළේය.

“අප හැමවිටම නිවැරදි ලෙස සොයා බලා ගත් තීන්දු තීරණ අනුව විදේශ අධ්‍යාපනය සඳහා යොමු විය යුතුය. තමන් අත ඇති මුදලට සරිලන, ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති, පාඨමාලා සහ විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන අප තෝරා ගත යුතුයි. එලෙසම, අධ්‍යාපනය ලබන කාලයට එම විදේශ රටවල ආහාර පාන හා නවාතැන් පහසුකම් වැනි වියදම් අපේ ආර්ථිකයට ඔරොත්තු දෙන පරිදි ඇති රටවල් තෝරා ගැනීමද වැදගත්” යනුවෙන් ඔහු පැවසීය. ලොව ජනප්‍රියතම රටවල් වලදී උසස් අධ්‍යාපනයට යොමුවනවාට වඩා ඉහත කී කරුණු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවීමෙන් එය අපේ ආර්ථිකයටත්, දෙමාපියන්ටත් යහපතක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

තවද, ලෝකයේ පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක අඩු වියදමක් යටතේ, ලෝකයේ වැඩිම රැකියා ඉල්ලුමක් ඇති විෂය ධාරා යටතේ ඇති උපාධි පාඨමාලා හෝ උසස් අධ්‍යාපන පාඨමාලා හදාරා, ලොව පුරා හොඳ ඉල්ලුමක් ඇති රැකියාවක් කර හොඳ ආදායමක් ලබා තම ජීවන තත්ත්වය උසස් කර ගතහොත්, තමන්ට මෙන්ම තම දෙමව්පියන් ඇතුළු තම පවුලේ සියලු දෙනාවම, ජීවිත කාලය පුරාම සතුටින් තැබිය හැකි බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

ජපානයේ අධ්‍යාපනික හා රැකියා අවස්ථා

ඉන් අනතුරුව ජපානයේ අධ්‍යාපන විශේෂඥයකු වන මහාචාර්ය මුරී මහත්මිය විසින් විශේෂ දේශනයක් සිදු කරන ලදී. එහිදී ඇය ජපානයේ ඇති රැකියා අවස්ථා සහ අධ්‍යාපන අවස්ථා පිළිබඳව වැඩිදුරටත් විස්තර කළාය. ඉන් අනතුරුව ඇය විසින් ජපානයේ සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන උසස් අධ්‍යාපන විශේෂඥයින් දෙදෙනෙකු වන මහාචාර්ය මෙගුමී අකිමොටෝ (Professor, MEGUMI AKIMOTO) මහත්මිය සහ මිකී හචිසුකා (MIKI HACHISIKA) මහත්මියද සමගින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කළහ. එහිදී ජපානයේ ප්‍රධානතම සහ ප්‍රමුඛතම මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව උගන්වන විශ්ව විද්‍යාලය පිළිබඳව සහ එහි ඇති උසස් අධ්‍යාපනික අවස්ථාවන් පිළිබඳවත්, එලෙසම එහි අධ්‍යාපනය හැදෑරීමෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබා ගත හැකි රැකියා අවස්ථාවන් පිළිබඳව හඳුන්වා දෙන ලදී.

Nakanihon Automotive College – දීප්තිමත් අනාගතයකට දොරටුවක්

නකනිහෝන් ඔටෝමෝටිව් කොලේජ් (Nakanihon Automotive College) යනු ජපානයේ ඇති ප්‍රධානතම සහ ප්‍රමුඛතම මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව උගන්වන විශ්ව විද්‍යාලයකි. මෙය මෝටර් රථ කාර්මික විද්‍යාව පිළිබඳ ජපානයේ ඇති විශාලතම විශ්ව විද්‍යාලයයි. එමෙන්ම මෙය වසර 59 ක ඉතිහාසයක් ඇති, 100% රැකියා අවස්ථා ලබා දෙන විශ්ව විද්‍යාලයකි. මෙය පිහිටා ඇත්තේ ජපානයේ අයි චී ප්‍රාන්තයේ, ටෝකියෝ සහ කියෝතෝ යන නගර අතරමැදයි.

ඒ අනුව, නකනිහෝන් ඔටෝමෝටිව් කොලේජ් වෙතින් ඔටෝමෝටිව් ඉංජිනියරින් (මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව) පිළිබඳ වසර දෙකක පාඨමාලාවක් සහ මෝටර් ස්පෝර්ට් ඉංජිනියරින් (මෝටර් රථ ක්‍රීඩා ඉංජිනේරු විද්‍යාව) පිළිබඳව වසර තුනක පාඨමාලාවන් හැදෑරීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දැන් අවස්ථාව ඇත. මෙම පාඨමාලාවන් හැදෑරීමෙන් ජපානය මෙන්ම ලොව රටවල් වලද මෙම ක්ෂේත්‍රය තුල විශාල වැටුපක් ලබා ගත හැකි බවද ඔවුන් පෙන්වා දුන්හ.

එලෙසම ඔවුන් විසින් පෙන්වා දුන්නේ, මෙයට අනුබද්ධ ජපන් භාෂා පාසල තුළින් වසරක, වසර එකහමාරක සහ වසර 02 ක ජපන් භාෂා පාඨමාලාවන් හැදෑරිය හැකි බවයි. එම පාඨමාලාවන් තුළ ජපන් භාෂාව ක්‍රමානුකූලව ඉගැන්වෙන අතර, පාඨමාලා අවසානයේ ජපන් බස හොඳින් හැසිරවීමේ හැකියාව ලබාගත හැකි බවද මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේය.

එම විශ්ව විද්‍යාලය මගින් නවාතැන් පහසුකම් සලසා දෙන අතර, පැය විසි හතර පුරාම සෞඛ්‍ය පහසුකම් විශ්ව විද්‍යාලය තුළ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට සලසා දී තිබේ. මෙම විශ්ව විද්‍යාලයට විනාඩි කිහිපයක දුරින් ජාත්‍යන්තර මට්ටමේ රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය ස්ථාන පිහිටා තිබේ. එනිසා දෙමාපියන්ට කිසිදු බයක් සැකක් නොමැතිව තම දූ දරුවන්ව විදේශ අධ්‍යාපනය සඳහා යොමු කරනවා නම්, ජපානයේ මෙම නකනිහෝන් ඔටෝමෝටිව් කොලේජ් විශ්ව විද්‍යාලය තෝරා ගත හැකියි. හොඳ අධ්‍යාපනයක් ලබා දී තම දූ දරුවන්ගේ අනාගතය ආර්ථිකමය පැත්තෙන් සහ සමාජයීය වශයෙන් සාර්ථක අනාගතයක් ළඟා කර දීමට කැමති දෙමාපියන්ට මෙය කදිම අවස්ථාවක් බව ඔවුන් එහිදී අනාවරණය කළහ.

මෙම මාර්ගෝපදේශන වැඩමුළුව තවත් විශේෂ සාකච්ඡාමය අංග සහ ඉදිරිපත් කිරීමේ අංග කිහිපයකින් සමන්විත වූ අතර, මෙම වැඩමුළුවට විශාල පිරිසක් සහභාගී වූහ.

ජපානය සහ යුරෝපය ඇතුළු ලොව වෙනත් රටවල උසස් අධ්‍යාපනයට පිවිසීමට සිටින තරුණ තරුණියන්ටත්, ඔවුන්ගේ දෙමාපියන්ටත් වැඩි විදෙස් අධ්‍යාපන අවස්ථාවන් පිළිබඳ විස්තර දැන ගැනීමට සහඒ සඳහා සම්බන්ධීකරණ සහය ලබා ගැනීමටත්, මීගමුවේ MAS Consulting ආයතනය ඉක්මනින්ම අමතන්න..

“මාස්” කන්සල්ටින් ආයතනය
( MAS consulting )
ගල්කන්ද හන්දිය මීගමුව

අමතන්න .-.
077 751 21 31
076 344 87 08

www.masprime.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here