විදෙස්  කතකට ලිංගික අතවර කළ  පුද්ගලයකු අත්අඩංගුවට

0
352

 

ජූලි 24 වන දින රාත්‍රියේදී  මීගමුව සංචාරක හෝටල් කලාපය තුළ දී  බෙල්ජියම් ජාතික 25 හැවිරිදි කාන්තාවකට  ලිංගික අතවරයක් සිදුකර යතුරුපැදියකින් පලා ගිය  තරුණයෙකුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැර තිබේ.

මෙම සිදුවීමට මුහුණ දුන් බෙල්ජියම් ජාතික කාන්තාව සහ ඇගේ මිතුරියක්  මීගමු සංචාරක හෝටල් කලාපයේ නවාතැන් ගෙන සිටි හෝටලයට පයින් ගමන් කරමින් සිටියදී  මෙම පුද්ගලයා තම  ශරිරය සහ පියයුරු ස්පර්ශ කර පලා ගිය බව මෙම කාන්තාව පැමිණිලි කර තිබේ.  මෙම  පැමිණිල්ල සිදුකළ  මොහොතේම   ක්‍රියාත්මක වූ මීගමුව සංචාරක පොලිසියේ නිලධාරීන් යතුරුපැදියකින් පලා යමින් සිටි එම සැකකාර තරුණයාව ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ  මිනුවන්ගොඩ, නැගෙනහිර ගල්ඔලුව ,තක්කයා පාරේ පදිංචි 23 හැවිරිදි  මීගමුවේ ජංගම දුරකථන අලෙවි සැලක සේවය කරන තරුණයෙකි. මොහු සතුව “යමහා එෆ්.ඉසෙඩ්” (YAMAHA- FZ) වර්ගයේ යතුරුපැදියක් ඇති බවත් කාලයක් තිස්සේ මොහු මෙවැනි ක්‍රියා වල නිරත වී ඇතැයි සැක පළ කරන බවද පොලිසිය පවසයි. ඒ අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඉකුත් 25 වැනි දින (25/07/2025) මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ  එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා එම සැකකරුව පසුගිය ජුලි 28 වැනිදා (28/07/2025) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණි

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here