විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට

0
235

 

විදේශ ගත වී සිටින මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් බැංකු වලින් බැහැර කරන සහ තැම්පත් කිරීම් සිදු කරන බවට සැකසහිත සැකකරුවන් දෙදෙනෙකුව මීගමුව පොලීසියේ නිලධාරීන් විසින් ඉකුත් 03 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14 සහ ආදුරුප්පුවීදිය පදිංචි වයස අවුරුදු 21 සහ 26 වැනි වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙකුවය.

හෙරෝයින් මත් කුඩු සන්තකයේ තබා ගෙන සිටි මෙම සැකකරුවන් දෙදෙනො ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා මීගමුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොවුන් රදවාගෙන ප්‍රශ්ණ කිරීමේදී ඔවුන් සතුව තිබී බැංකු ගිණුම් අංකයක් විමර්ශණ නිලධාරීන්ට හමුවී ඇත.එම බැංකු ගිණුම් අංකය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන විට කොළඹ පිහිටි පුද්ගලික බැංකුවකින් අදාල  බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 330 ක මුදලක් පුද්ගලයින් දෙදෙනෙකු විසින් ලබා ගෙන ඇති බවට අනාවරණය කර ගෙන ඇත.එම පුද්ගලික බැංකුවේ ආරක්ෂිත කැමරා දත්ත ඔස්සේ සිදු කරන ලද විමර්ශණ වලිින් අනතුරුව සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසියේ නිලධාරීන් සමත් වී ඇත.

විදේශ ගතව සිටින මෙරට මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කීප දෙනෙකු සමගම අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා සම්බන්ධතා පවත්වන බවත්, ඔවුන් අදාල ජාවාරම්කරුවන්ගේ මුදල් බැංකු වලින් බැහැර කිරීම සහ තැම්පත් කිරීම සිදු කරන ඇති බවත් විමර්ශණ වලදී හෙලිවී ඇත.

ජුඩ් සමන්ත

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here