මිගමුවේ විපතට පත් ජනයාට සහන සැලසිම සඳහා මිගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද ,නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න ඇතුලු නාගරික මන්ත්‍රි මණ්ඩලය ගෙන යන වැඩපිළිවෙලට සහය දීම සඳහා මිගමුව සංචාර සංගමයද එක්ව සිටි.
ඊයේ දිනයේ පැවති මේ වැඩසටහන පිළිබදව එම සංගමයේ සභාපති වර්ණකුමාර මහතා මේ සටහන අප වෙත ඒවා තිබුණි.
සුභ සන්ධ්‍යාවක් අපගේ මිගමුව සංචාරක සංගමයේ සියලුම සාමාජික මහත්ම මහත්මීන්ට
අද දින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තැන්පත් වන්නිආරච්චි මැතිතුමන් ගේ සම්බන්ධීකරණයෙන් elephant house සමාගමෙන් වතුර බෝතල් 5000ක් සහ කෙටි කෑම දහසක් ඒ වගේම රොයල් සී හෝටලයේ සංජීව මහතාගේ අනුග්‍රහයෙන් කෑම පැකට් දෙසිය හැට දෙකක් මිගමුව නගරාධිපතිතුමන් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම මිගමුව නගරසභාවේ සංචාරක අනුකමිටුවේ සභාපතිතුමිය වන brenda මැතිනිය ඒ වගේම සංගීත්මන්ත්‍රීතුමා සම්බන්ධ කරගෙන මීගමු ප්‍රදේශයේ ආපදාවට ලක් වූ සහෝදර ජනතාව වෙනුවෙන් ලබාදීමට මීගමුව සංචාරක සංගමයේ සභාපති හැටියට අපේ සංචාරක සංගමය වෙනුවෙන්
මම ඉතාම සතුටු වෙනවා හැම වෙලාවෙම මිගමු ජනතාව යම්කිසි අපහසුතාවයකට පත් වූ විටෙකම සංචාරක සංගමය කැපවීමෙන් ඉදිරිපත් වෙනවා ඒ අවස්ථාවන් යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ඉදිරියටත් මේ කර්තව්‍යයට අපේ සියලුම සාමාජික මහත්ම මහත්මීන් හදවතින්ම සම්බන්ධවි අපි එකා වගේ අනෙකාගේ දුකේදී සහයෝගය දීම තමයි අපේ යුතුකම වෙන්නේ මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් රොයල් සී හෝටලේ අධිපතිතුමන්වන සංජිව මහත්මයාට එතුමා ස්ව කැමැත්තෙන්ම කෑම පැකට් 262 ක් ලබා දීලා අද මීගමුව සංචාරක සංගමය දිරිමත් කිරීම සම්බන්ධයෙන්.
සියලු දෙනාටම ජය වේවා!!!



























