විපත් , සහ සහනධාර වලින් දේශපාලනය නොකර ඉමු.!

0
466

 

විපතට පත්ව සිටින ජනයා හටලබාදිම සඳහා මිගමුව මහනගර සභාවේ නිලධාරින් පවා මැදිහත්වි සහනාධාර එකතු කර තිබුන බව වාර්තාවේ.

මිට පෙර පාලන කාලයන් වලදි සහනාධාර පවා සිය දේශපාලනය ව්‍යාපෘති වෙනුවෙන් භාවිත කළ ආකාරය ප්‍රසිද්ධ රහසකි.

එපමණක් නොව මැතිවරණ සමයන්හිදි මිගමුවේ බදු ගෙවන ජනයාගේ මුදල් පවා ගම්පහ දිස්ත්‍රික්කයේ  විවිධ කොට්ටාශ වලට පවා භාන්ඩ යැවිම සඳහා යොදගෙන තිබුනි.

මෙවරද පරිපාලන අධිකාරියේද මහන්සියෙන් එකතු කරන ලද සහනාධාර දේශපාලන අධිකාරිය විසින් සිය දේශපාලනය වෙනුවෙන් යොදවා ගෙන ඇතැයිද චෝදනාවක් පවති.

මේ අතර එක්තරා දේශපාලකයෙකු යම් භාණ්ඩ තොගයක් මිගමුවෙන් පි⁣ෙ ප්‍රදේශයකට යැවු බවටද චෝදනාවක් ද පවති.

මේවා සැබැවින්ම සිදුව
ඇතිද? තහවුරු කර නැති වුවද කසු කුසු පවති.
කෙසේ වෙතත් මේ චෝදනා සිදුව ඇත්නම් ඒවා සැබැවින්ම බරපතලය.

විපත්  දේශපාලනය ව්‍යාපෘති වෙනුවෙන් යොදා ගැනිමේ තුච්ජ දේශාපලනයට තිත තැබිය යුතුමය.

ගමේ සෑම සමාජිකයෙකු සඳහාම ලගාවිය හැකි යාන්ත්‍රණයක් පරිපාලන අධිකාරියට තිබේ.ග්‍රාම සේවක යනු ඒ ජාලයේ අවසන් පුරුකයි.තතු එසේනම් දේශපාලන අධිකාරිය හරහා බඩු බෙදිය යුතුද ?

ජාතික දේශපාලනයට පැලවත්ත සැම විටම අතපෙවිම ගැන බරපතල වි⁣වේචන දැනටමත් පවති.

පි.එම් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here