spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විභාග මධ්‍යස්ථාන ඉදිරිපිට තිබුණු කහ බැනර් වලට මොකද වුනේ ?

Must read

2023 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගය අද එනම් 2024/05/06 වැනි දින ආරම්භ වූ අතර එය මේ මස 15 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථානවල ඉදිරිපිට එනම් විභාග මධ්‍යස්ථානයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව අසල හෝ ප්‍රධාන දොරටුව ආසන්නයේ හෝ පසුගිය වසර ගණනාවක් පුරාවට දක්නට ලැබුණු කහ වර්ණයෙන් යුත් පසුබිම තුළ මුද්‍රණය කර ඇති "" විභාග මධ්‍යස්ථානයකි"" යනුවෙන් සඳහන් බැනර් මෙවර මීගමු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන ඉදිරිපිට හෝ ප්‍රදර්ශනය කර නොතිබීම ගැටලු සහගත තත්ත්වයකි.

විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගය යනු සිසු දරුවන්ගේ අනාගතය තීන්දු කරන කඩයිම් විභාග පරීක්ෂණයකි. එවැනි විභාග පරීක්ෂණයක් පැවැත්වෙන මධ්‍යස්ථානයක් ඉදිරිපිට අනිවාර්යෙන්ම නිශ්ශබ්දතාවය සුරැකිය යුතුය.

ඒ එම විභාග පරීක්ෂණයට පෙනී සිටින සිසු දරුවන්ට අනවශ්‍ය ශබ්දයනගෙන් තොරව තම මානසික ඒකාග්‍රතාවය යහපත් ලෙස පවත්වාගෙන යමින් විභාග ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු ලිවීමට නිදහස් මනසක් සේම ඒ සඳහා අනවශ්‍ය ශබ්දයන්ගෙන් තොර නිදහස් පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වන නිසාය.
එහෙත් අද මීගමු නගරයේ හා නගරය සමීපව ඇති විභාග මධ්‍යස්ථාන ලෙස භාවිතාවන පාසල් කිහිපයක්ම අප විසින් නිරීක්ෂණය කළ විට, දැක ගැනීමට ලැබුණේ ඒ කිසිදු විභාග මධ්‍යස්ථානයක පෙර වර්ෂ වලදී ප්‍රදර්ශනය කෙරෙනු කහ පැවැති බැනර් මෙවර ප්‍රදර්ශනය කර නොතිබුණු තත්ත්වයකි.

මීගමු නිවුස්ටඩ් විද්‍යාලය අසල රැඳී සිටි මීගමු ප්‍රදේශයේ වෙසෙන නම සඳහන් නොකළ එක් මවක් සඳහන් කළේ ඇයට වාර්තා වූ පරිදි රජයේ උසස් අධ්‍යාපන බලධාරීන් විසින් විභාග ශාලාධිපතිවරුන්ට එම කහ පැහැති බැනර් මෙවර ලබාදී නොමැති බවයි.

.එමෙන්ම මීගමු නගරයේම ඇති ශාන්ත පීතර විද්‍යාලයට පැමිණ සිටි පියකු අප වෙත සඳහන් කළේ එවැනි බැනර් මුද්‍රණය කර විභාග මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට හෝ රජයට විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයට මුදල් ප්‍රතිපාදන මේ වසරේ වෙන්කර නොමැති තත්ත්වයක් තුළ මෙලෙස සිදුවී ඇති බවයි එවැනි බැනරයක් හෝ ප්‍රදර්ශනය නොවීම තුළ විභාග මධ්‍යස්ථානයක් යැයි නොදන්නා රථ වාහන හිමියන් වෙනදා මෙන් සිය රථ වාහන වල විවිධ ශබ්දයන්ගෙන් යුත් නලා නාද කරමින් සිය යතුරු පැදි ඇතුළු, රථ වාහන ධාවනය කරන ආකාරය දැකගත හැකි විය .

මෙම හේතුව නිසා මෙම විභාග මධ්‍යස්ථාන ඉදිරිපිට ආරක්ෂාව සපයන ආරක්ෂක නිලධාරීන්ද විශේෂයෙන් විභාග මධ්‍යස්ථාන අසල මාර්ගවල රථ වාහන හැසිරවීමේ කටයුතුවල නිරත වන පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ද මහත් වු අපහසුතාවයකට පත් වන ආකාරය දැකගැනීමට හැකි විය. මේ පිළිබඳව විමසීමට අප මීගමුව අධ්‍යාපන කොට්ඨාශ භාර අධ්‍යක්ෂකතුමියට දුරකථනයෙන් කතා කළ විට, එතුමිය ප්‍රකාශ කළේ මේ පිළිබඳව තමන්ගේ ඉහල අධ්‍යාපන බලධාරීන්ගෙන් විමසීමක් කර ඊට හේතු වු කරුණු කාරණා ප්‍රකාශ කිරීමට හැකි බවයි.

ඡායාරූප – එම්.එස්.එස්.මුනිර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article