spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විමුක්තිට තර්ජනය කළ තුෂාරට එරෙහිව පොලිස් ඇමතිට ලිපියක්

Must read

2017.06.22

ගරු සාගල රත්නායක මැතිතුමා,
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය,
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය,
14 වන මහල,
සුහුරුපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම.

විමුක්ති දුෂාන්ත ගුණසේකර වන මා ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදීයෙකු මෙන්ම වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරමි.

“අගමැති මාධ්‍ය ඒකකයේ ලොක්කෙක් සූර් වී නාඩගමක් නටලා විස්තර බලාපොරොත්තු වන්න” යනුවෙන් මගේ පුද්ගලික ෆේස්බුක් පිටුවේ පලකර තිබූ සටහනකට උරණව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමාජ ජාල ප්‍රධානී තුෂාර ඩී. වන්නිආරච්චි මහතා මා හට 2017.05.27. දින පස්වරු 7.08ට පමණ දුරකථනයෙන් තර්ජනය කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් 2017.05.28. දින CIB iii 08/451 අංකය යටතේ මහරගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කිරීමට ද කටයුතු කළෙමි.

නමුත් මෙම ලිපිය ලියන අද දින (2017.06.22.) දින වන තෙක් ම පොලිසිය විසින් මෙම සිද්ධියට අදාලව කිසිදු විමර්ශනයක් තබා දෙපාර්ශවය පොලිස් ස්ථානය වෙත කැඳවීමක්වත් සිදුකර නොමැති බව ඔබ වෙත දැනුම් දෙන්නේ කණගාටුවෙනි.

කෙසේ වුවත් මාධ්‍යවේදියෙකුට සිදුකල ජීවිත තර්ජනයක් පිළිබඳ පොලිස් විමර්ශනයක් තබා අවම වශයෙන් වගකිව යුතු පාර්ශ්ව පොලිසියට කැඳවීමට වත් ක්‍රියාකර නොතිබීම කියා පාන්නේ පසුගිය රෙජීම සමය තුළ සහ යහපාලන සමය තුළ මොනවා වෙනස් වුවත් පොලිසිය වෙනස් වී නැති බවද යන ගැටලුව ද මෙහිදී පැන නඟින බව ඔබේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

එසේම මේ සම්බන්ධයෙන් ඔබේ කාරුණික අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි,

මීට,
විශ්වාසී,

විමුක්ති දුෂාන්ත

පිටපත් :
1. පොලිස්පතිතුමා
2. මාධ්‍ය ආයතන

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article