spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විවිධ කරදර වගේම සොදුරු දසුන් මවන බංගලාදේශයේ මෝසම් වර්ෂා සමය..

Must read

මේ දිනවල බංගලාදේශයේ හැම පාරක්ම වගේ ගංගා බවට පත්වෙලා. මේ නිසා රටේ එක්තැනක දනක් දක්වා පිරුණු ජලයේ බැහැගෙන තමන්ගේ ගමන් යන පිරිස්, තවත් තැනක එන්ජිම නතරවීම නිසා මඟනතර වී ඇති වාහන, වෙනත්තැනක ගංවතුර නිසා ඇතිවන වාහන තදබදයට මැදිවූ පිරිස් වලින් පිරුණු මාර්ග මේ දවස් වල බංගලාදේශයේ ජනයාට සුපුරුදු දසුනක් බවට පත්වෙලා. ඒකට හේතුව වෙලා තියෙන්නේ පසුගිය කාලයේ ජනතාව දැඩි විඩාවටත් පීඩනයටත් පත් කල ග්‍රීෂ්ම සෘතුවේ නිමාව සනිටුහන් කරමින් බංගලාදේශයට මෝසම් වර්ෂා කාලය උදා වීමයි.

බංගලාදේශය වසර පුරාම සාමාන්‍යයෙන් සෘතු 6කට මුහුණ දෙන රටක් ඉන් එක්ක තමයි, Barsha ලෙස ඔවුන් හදුන්වන වර්ෂා කාලය. බෙංගාල බොක්ක ප්‍රදේශයෙන් ආරම්භ වන මෙම මෝසම් වර්ෂාව බංගලාදේශයේ භූමි ප්‍රමාණයෙන් 80% කටත් වඩා බලපාන බවයි එරට කාලගුණ විදයාඥයන් පවසන්නේ. නමුත් මෙ විදියට බංගලාදේශයට බලපාන මෝසම් වර්ෂවේ විශේෂත්වය තමයි දිගු ග්‍රීෂ්ම සෘතුවකින් පසු පැමිණෙන ප්‍රථම වර්ෂාව මෙය වීම. ඒ නිසාම බංගලාදේශ වැසියන් මේ වර්ෂාව පිළිගන්න බලාගෙන ඉන්නේ ඉතාමත් ආසාවෙන්.

ඒ නිසාම බංගලාදේශයේ වර්ෂා කාලයේදී කැමරා කාචයේ සටහන් වූ සොදුරු දසුන් කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කරා.

වර්ෂාව කොයිතරම් සැර වුනත් තමන්ගේ එදිනෙදා ජීවිකාව ගෙනියන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ.
වර්ෂාව කොයිතරම් සැර වුනත් තමන්ගේ එදිනෙදා ජීවිකාව ගෙනියන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ.
m2
වැසි දවස් වලට මේ වගේ අනතුරු සුලභ දසුනක්

කඩම් , ලෙස හදුන්වන වර්ෂා සමයේ පිපෙන විශේෂ මල් වර්ගයක්.
කඩම් , ලෙස හදුන්වන වර්ෂා සමයේ පිපෙන විශේෂ මල් වර්ගයක්.

 

වර්ෂා කාලයේ ආහාරයට ගැනීම සදහා පිසින විශේෂ කෑඹ වර්ගයක්.
වර්ෂා කාලයේ ආහාරයට ගැනීම සදහා පිසින විශේෂ කෑඹ වර්ගයක්.

 

වර්ෂා සමය ආරම්භයත් සමග එරට ගංගාවක්, මෙවැනි ස්ථාන එරටට වැඩිම සංචාරකයන් පිරිසක් කැන්දන ස්ථාන බවට ඒ කාලයේදී පත්වෙනවා.
වර්ෂා සමය ආරම්භයත් සමග එරට ගංගාවක්, මෙවැනි ස්ථාන එරටට වැඩිම සංචාරකයන් පිරිසක් කැන්දන ස්ථාන බවට ඒ කාලයේදී පත්වෙනවා.

 

වර්ෂා කාලය පිළිගන්න පැවැත්වෙන උත්සවයේ නර්තන අවස්ථාවක්.
වර්ෂා කාලය පිළිගන්න පැවැත්වෙන උත්සවයේ නර්තන අවස්ථාවක්.
ගංගාවන් ජලයෙන් පිරුණු පසු එරට ජනතාන එම ගංගාවල පවත්වන බෝට්ටු තරග වල අවස්ථාවක්.
ගංගාවන් ජලයෙන් පිරුණු පසු එරට ජනතාන එම ගංගාවල පවත්වන බෝට්ටු තරග වල අවස්ථාවක්.

 

ඩකා අගනුවර වර්ෂා කාලයේදී.
ඩකා අගනුවර වර්ෂා කාලයේදී.

 

m4
වර්ෂාව ප්‍රශ්ණයක් කරගන්නේ නැතුව ඔවුන් තමන්ගේ දෛනික වැඩ වල නිරත වෙනවා.

 

එරට ජනතාව වර්ෂා සමය පිලිගන්නේ මේ විදියට.
එරට ජනතාව වර්ෂා සමය පිලිගන්නේ මේ විදියට.

 

වැසි කාලය කියන්ේ කුඩා දරුවන්ට සඅණකෙළි සමයක් වගේ.
වැසි කාලය කියන්ේ කුඩා දරුවන්ට සැණකෙළි සමයක් වගේ.

[divider]
පරිවර්තන සටහන – චින්තිකා මිතිලායා
උපුටාගැනීම – Pantha Rahman Reza / Global voice

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article