spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විසඳුමක් නොපෙනෙන දිනෙන් දින දිග්ගැස්සෙන පිටිපන ලෙල්ලමේ අර්බුදය ?

Must read

මීගමුව පිටිපන එක්සත් ධීවර සමිතිය වසර ගණනක සිට මිගමුව ,පිටිපන ප්‍රදේශයේ ධීවරයින්ගෙන් සැදුම්ලත් සමිතියකි.පිටිපන මංකුලිය ප්‍රදේශයේ පිහිටි දවසේ මසුන් ( එක් දිනක තුල අල්ලන )ලෙල්ලම කතෝලික සභාවේද අනුමැතියෙන් පිටිපන එක්සත් ධිවර සමිතිය වෙත ලබා දි ඇතැයි ඔවුන් පවසා සිටිති.

කතෝලික සභාවත් එක්සත් ධීවර සමිතියත් අතර ඇතිවු කොන්දෙසි කඩකිරිමක් හේතුකොට අධිකරන ක්‍රියාවලියක් පැවති අතර මේ වනවිට දී ඇති අධිකරන නියෝගයක් මත කොළඹ අගරදගුරු  හිමිපානන් විසින් ලෙල්ලම පාලනය කිරීමට පරිපාලකයෙකු පත්කිරීමත් සමඟ කතෝලික සභාවත් පිටිපන එක්සත් ධීවර සමිතියත් අතර යම් මතභේදයක් හටගෙන තිබේ. මෙම විරෝධය පසුගිය පෙබරවාරි 19 වනදා පුපුරා ගියේ පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයින් විසින් කොළඹ අගරදගුරු මන්දීරය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විමද සමඟිනි.

දැන් ගැටුම දිග්ගැස්සෙමින් තිබේ.  පිටිපන ලෙල්ලම  පිලිබඳව  විවිධ අදහස්,මත පළවෙන අතර පහත පළවන්නේ මිගමුවේ සමාජ ක්‍රියාකාරින් කිප දෙනෙකු විසින් අප කළ විමසුමකදි මතු කරන ලද කරුණු වල සරාංශයකි.

මා ජයවීර – සාහිත්‍යවේදී

සිරිල් ගාමිණි පියතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා. ඒක තමයි යථාර්තය. මම හිතන්නේ 1963 දී මට වයස අවුරුදු 10ක් විතර වෙනවා. මමත් ඔය කණ්ඩායමත් එක්ක කතා කරලා තියෙනවා. අධ්‍යනය කරලා බලනකොට ගරු සිරිල් ගාමිණී පියතුමා කරපු ප්‍රකාශය තමයි නිවරදිම ප්‍රකාශය. මමත් ඒක ගැන බලාගෙන හිටියා. අපි කාගේ අතිනුත් අඩුපාඩු තියෙන්න පුලුවන්. ඔය ගැන අධිකරණයෙන් දුන්නා තීන්දුවක්. ඒ තීන්දුව දෙන්න හේතුත් ඒ ප්‍රකාශනයේ තියෙනවා. මමත් ඒ ගැන බැලුවා. ඒක හරි. එකේ කිසිම ගැටලුවක් නැහැ. අපිට කියන්න තව දෙයක් නැහැ.

හැබැයි ඒ සිද්ධිය සම්බන්ධයෙන් මේ වගේ දේවල් සිදුනොවිය යුතුයි. ඒ වගේ දෙයක් කතෝලික ජනතාවට හොඳත් නැහැ, සමස්ත ජනතාවට හොඳත් නැහැ. කුමන ආගමක වුනත් කමක් නැහැ අපි ආගමික නායකයන්ට ගරු කළ යුතුයි. ඒ කියන්නේ එයාලා නිවරදිම කියලා නෙමෙයි. එයාලා අතින් වරදක් වුනත් ඒක විසඳගැනිමේදී පිළිපැදිය යුතු ශීලාචාර ක්‍රමවේදයක් තියෙනවා. එදා රදගුරු මන්දිරයට ගිය අය සෑම කෙනෙක්ම දැනගෙන ගියාද නොදැන ගියාද දන්නෑ. බොහෝ දෙනෙක් යන්න ඇත්තේ , මම හිතන විදිහට නොදැන තමයි යන්න ඇත්තේ. නමුත් මම හිතන්නැ ඔය ගිය ධීවරයෝ මෙවැනි අරමුණකින් ගියා කියලා. නමුත් එතනදි කතාකරපු අයගේ උණුසුම් වාග් ප්‍රහාර ,ඒක ඉතින් කිසිම කෙනෙක් අනුමත කරන එකක් නැහැ.
නමුත් ඒ ප්‍රශ්නය පිලිබඳ අගරදගුරුතුමාගේ මාධ්‍ය ප්‍රකාශක හැටියට සිරිල් ගාමිණී පියතුමා කියපු දේ තමයි නිවරදිම දේ. නීතියට එකඟයි සත්‍යයත් ඒකයි

ස.බ.වෙල්ගම – වාමාංශික දේශපාලන ක්‍රියාකාරීකයෙකු හා හිටපු ගුරුවරයෙකි

පසුගිය කාලේ පල්ලියයි ,මිනිස්සු අතරෙයි ගැටුමක් ඇතිවෙන්න මූලික වුණෙත් ඔය ලෙල්ලම් කන්දරේ තමයි. පිටිපන සිස්වාන් කෘෘස් ස්වාමි ඉන්න කාලෙත් ලොකූ කතන්දරයක් තිබුණා.හැබැයි මේ සම්බන්ධයේදී බයිබලේ ගත්තාම ජ්සු ස්වාමිදරුවෝ කියන්නෙත් ධීවරයෝ එක්ක හිටපු මනුස්සයෙක් තමයි. හැබැයි උන්නාන්සේ ධීවරයන්ගෙන් හම්භකරන් කෑවේ නෑ. ධීවරයන්ට මාලු අල්ලලා දුන්නා. හැබැයි පල්ලියේ තියෙන කතන්දරේ මම දන්න විදිහට ඊට වැඩිය වෙනස්. ඒ කියන්නේ පල්ලිය ධීවරයන්ගෙන් යැපෙනවා. ඒක ගැටළුකාරීයි. මිසමේ ජනතාව පල්ලිය නඩත්තු කරනවා වගේම පල්ලියත් අනෙක් පැත්තට මීසම් ජනතාව නඩාත්තු කරන්න ඕනේ. මොකද දෙගොල්ලන්ගේම සහජීවනයක් නැත්නම් මේක කරන්න බෑනේ. හැබැයි මිගමුවේ තියෙන්නේ වෙනස්ම තත්ත්වයක්. මීගමුවේ පල්ලිය හරහා තමයි ධීවරයෝ ගොඩනැගිලා තියෙන්නේ ඒ කාලේ ඉදලම. ඉතින් ඒ වගේ තැනක් පල්ලියෙන් එහෙම කඩලා ගන්නවා කියන එක අමාරුයි. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනා දේ. මේවා වෙනත් ආයතන වලට බාරදෙන්න ඕනා.

ධීවරයන්ගේ සමිති හදලා ධීවරයන්ගේ සමිති වලට මේවා බාරදෙන්න ඕනේ. හැබැයි එතනදි පල්ලියේ නඩත්තු වලට යමක් ඉල්ලා ගත්තාට කමක් නෑ. රදගුරු මැදුර අතර ඇතිවි තිබෙන ගැටුමේ ඉතිහාසය ගැන මම නම් දන්නේ නෑ. හැබැයි සිදුවිය යුතු ආකාරයට නම් වෙන්න ඕනේ ඕවා ධීවරයන්ගේ අතට තමයි යා යුත්තේ. පල්ලියේ , සභාවේ පැවැත්මට එක කොටසක් භූක්ති විදින්න දුන්නට කමක් නෑ.

බ්‍රිටෝ ප්‍රනාන්දු – අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු

තිබෙන්නාවූ ආරංචි අනුව පල්ලියට තිබුණ දෙයක් ගිවිසුම් ප්‍රකාරව සමිතියකට දුන්නා කියලා තමයි කියන්නේ. ඉතිහාසයේ හිටපු සම සමාජ පක්ෂයේ ධීවරයෝ පල්ලියට විරුද්ධව විශාල අරගල කරලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. එතකොට පල්ලියට තිබිච්ච එකක් යම් ගිවිසුමකට දුන්නා නම් ,මොකක්ද දන්නැ ඒ ගිවිසුම. පල්ලියේ තර්කය තමයි ගිවිසුමකින් දුන්න දෙයක් ගිවිසුම අනුව කටයුතු නොකිරිම නිසා ගිවිසුම අවලංගු කරලා පල්ලියට ඉල්ලනවා කියන එක. ඉතින් ඒක නීතිය පැත්තෙන් සාධාරණයක් පේන්න තියෙනවා. යම් පිරිසක් ගිවිසුමකට ගියා නම් ඒ ගිවිසුම අනුව කටයුතු කරන්නේ නැත්නම් ඒක පවරාගැනිමේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි පල්ලිය මෙහෙම ගැටළුවක් තිබුණා නම් ධීවරයෝ එක්ක කතාකරලා ඒක බේරාගතයුතුව තිබෙනවා. දැන් උසාවි නියෝගයක් ආවට පස්සේ ඒක පල්ලියේ වාසියට ඇවිල්ලා තියෙනවා. ධීවරයෝ ඒකට ප්‍රතික්‍රියා කරනවා. හැබැයි ඒ ප්‍රතික්‍රියා කිරිල්ල තුළ විශාල හානියක් වෙනවා.මොකද මේ මොහොතේ කාදිනල් පෙනිසිටින්නේ ආණ්ඩුවට විරුදධව. ඒක නිසා ආන්ඩුව මේක බරපතල විදිහට ප්‍රෙයා්ජනයට ගැනීමේ වැඩි ඉඩකඩක් තියෙනවා.දැන් දූසමාන ආරංචිද තියෙනවා. ඒවා ඉතින් කොහොමත් තියෙනවානේ අරගලයක් ආවාම.

ඉතින් මම කියන්නේ ධීවරයන්ගේ දේ ධීවරයන්ට දීලා ඒක පල්ලිය යම් ප්‍රමාණයකට හොයා බැලුවා නම් තමයි හොඳ.පල්ලිය මේවා නඩත්තු කරන්න යන්න ඕනේ නැහැ. පල්ලිය එහෙම දේපල වෙළඳාම් කරන්න යන්න ඕනේ නැහැ.ඒක ධීවරයන්ට බාරදිලා හැබැයි ඒ බාරගත්ත ධීවර කණ්ඩායම නිසි පරිදි කටයතු කරනවද කියන එක සොයා බලා ඒකේ වැරදි තැන් පසුවිපරමක් කිරීම හොදයි.හැබැයි නීතිය සම්බන්ධයෙන් කවුද වැරදි ,කවුද හරි කියලා දන්නේ නැහැ. නීතිය පැත්තෙන් බැලුවම ගිවිසුමක් තියෙනවා. ඒ අනුව ගිවිසුම උල්ලංඝනය වුනා. උල්ලංඝනය වුනාම මුල් අයිතිකරුවන්ට ඉල්ලන්න අ්යිතිය තියෙනවා. නමුත් මේක ධීවරයන්ගේ කර්මාන්තයට කිට්ටුවන්ත වන නිසාත් ධීවරයන්ට තීන්දු ගැනීමේ ඉඩක් ඇති කරලා පල්ලිය මේක කතාබහ කරලා බේරගතයුතුව තිබුණා කියන එකයි මගේ අදහස.

වර්ණකුලසූරිය රොඩ්නි ප්‍රනාන්දු- සභාපති – වැල්ල වීදිය ඒකාබද්ධ ධීවර සංවිධානය

(මෙම අදහස, රොඩ්නි ප්‍රනාන්දු මහතා දරන පුද්ගලික අදහසක් පමණක් බවත් වැල්ලවීදිය ඒකාබද්ධ ධීවර සංවිධානයේ අදහස නොවන බවත් අවධාරණය කරමු.)

සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් පවත්වාගෙන ආපු විදිහ සහ අවුරුදු ගානක් කරගෙන ආපු පාලනය නැතුව යන එක ධීවරයන්ට පාඩුවක්. ඒක පාඩුවක් වෙන්නේ ඒක ධීවරයන්ට මෙච්චර කාලයක් තිබුන නිසානේ. ඒකෙන් එන ආදායම ධීවරයන්ට බෙදිලා යනවා කියලානේ දැන් කියන්නේ.

එහෙම යන එක හොඳයි නම් ඒක ධීවරයන්ටම යන එක හොඳයි කියලායි මම නම් කියන්නේ.ඒක ඉතින් වෙන කවුරු හරි දේශපාලනයට සම්බන්ධ කෙනෙක් ආවාම පස්සට ධීවරයන්ට ප්‍රශ්නයක් වෙනවා. මටනම් ආරංචි වෙලා තියෙනවා දේශපාලනය කරපු කෙනෙකුව තමයි එතෙන්ට දාන්න යන්නේ කියලා.ඉතින් මම ඒ ගැන අපේ ෆාදර් එක්ක සාකච්ඡා කරලා ෆාදර් මගෙන් ඇහැව්වා මම ඉතින් ඒ කාලේ ඉදලා වෙච්ච සිද්ධිය කිව්වා.මේවා ඉතින් සමිති වලින් ගැලවී යාම ඉදිරියේදි ධීවරයන්ට ප්‍රශ්නයක් විය හැකිය කියලයි මගේ අදහස

ශ්‍රිරාන් ප්‍රනාන්දු- දේශපාලන ක්‍රියාකාරී – (හිටපු නාගරික මන්ත්‍රී මිගමුන මහ නගර සභාව )

පිටිපන එක්සත් ධීවර සමිතිය සහ කතෝලික පල්ලිය අතර ඇතිවි ඇති මෙම මතභේදය හේතුවෙන් ගමේ ජීවත්වන ගම්වාසීන් භේදභින්න වෙන එක නතර කිරීම තමයි මගේ අරමුණ.මේ වෙද්දි එකම පවුලේ සහෝදරයන් භේද වෙලා, යාලු මිත්‍රයෝ භේද වෙලා.මේක ගමේ සමගියට ලොකු බාධාවක්. කවුරු හරි හෝ කවුරු වැරදි හෝ සිදුවෙන්නේ ගම කා කොටාගන්න එකයි. මේ විදිහට ගමේ අය පැටලුනොත් කොහෙන් කෙරවල වෙයිද කියන්න බෑ. මගේ නම් මතය දෙගොල්ලොම අඩියක් පස්සට තියලා මේක සමථයකට පත්කරගන්න විදිහේ ක්‍රියාමාර්ගයකට යා යුතුයි කියන එක තමයි. කාගේ අතිනුත් වැරදි සිද්ධ වෙලා ඇති.
ගමේ සමහර තැන්වලදී මට ඇහෙනවා බිෂොප්ට අපහාස වෙන විදිහට දොස්තියනවා. මේ වගේ අවස්ථාවකදි තවත් පාර්ශවයක් මේ ගැන උරණ වෙලා එතනදී රන්ඩු සරුවල් ඇති වෙන්න පුලුවන්.

ලෙල්මීමට සම්බන්ධ මිසම් 04ක් තිබෙනවා. පිටිපන පල්ලිය, බසියවත්ත පල්ලිය , මංකුලිය පල්ලිය , තලාහේන පල්ලිය. තලාහේනටයි බසියවත්තටයි කලපු මාලු විකුණන්ඩම වෙනම ලෙල්මක් තිබුණා එකම ගොඩනැඟිල්ලේ වෙන්කරලා. ලෙල්ලම් භූමියට පරිපාලකයෙක් පත්කරන්න , අධීකරණයෙන් කාදිනල්තුමාට බලයක් දීලා තියෙනවා. ඒ අනුව තමයි මිසම් හතරෙන්ම හතර දෙනෙක් යෝජනා කරලා ,ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් පත්කරලා තියෙනවා. මුලු ලෙල්ලම් භූමියම පරිපාලනය කරන නියෝජිතයෝ ලෙස.

ඉස්සර ඉදන්ම ධීවරයෝ ප්‍රෙයෝජනයට ගත්තේ ඔය ලෙල්ලම් හතර තමයි.මේ භූමිය එදා අරන් තියෙන්නේ රු19000කට. එක්සත් ධීවර සමිතියෙන්. ඒ වෙද්දි ගමේ ඔක්කොම ධීවරයෝ. අද ගමේ පවුලක් ගත්තොත් වෙනත් රැකියා කරන අය ඉන්න පුලුවන්. නමුත් එදා හැමෝම ධීවරයෝ. එතකොට එක්සත් ධීවර සමිතිය තුළ එදා ගමම නියෝජනය වෙලා තියෙනවා. එතකොට මේ භූමිය මිළදි ගන්න එදා හිටපු ගමේ සියලුම දෙනා දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ භූමිය ගන්නකොට එවකට හිටපු බිෂෝපවරයාත් මුදලින් දායකත්වයක් දිලා තියෙනවා. ඒ නිසා තමයි මෙහි අයිතිය පල්ලියට යන්නේ. ඒ වගේම මේක පාලනය කිරීමට යම් කොන්දේසිත් දාලා තියෙනවා.

පිටිපන එක්සත් ධීවර සමිතිය වගේම ගමේ තවත් ධීවර සමිති තියෙනවා. ඒ වගේම පිටිපන එක්සත් ධීවර සමිතියේ මේ වෙද්දි කලපු ධීවරයෝ නියෝජනය වෙන්නේ නෑ. ගමේ අයට යහපතක් වෙන්න නම් පිටිපන එක්සත් ධීවර සමිතිය සහ ගමේ අනෙක් ධීවර සමිති ටික එකතු වෙලා ගමට යහපතක් වෙන වැඩපිලිවෙලක් හදන්න ඕනා. ඉතින් ගමේ අයගේ බලාපොරොත්තුව තමයි පල්ලියත් සමඟ යම් විසඳුමකට ඇවිත් ගමට දැනට වඩා ප්‍රෙයෝජනයක් වන විදිහට මෙම ධීවර සමිති ක්‍රියාත්මක විය යුතුයි කියන එක.

( පිටිපන එක්සත් ධිවර සමිතිය විසින් තමන්ගේ ස්ථාවරය ගැන පැහැදිලි කරමින් පළකරන ලද ලිපියක් වෙනමම පළකරන්නෙමු

)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article