spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයේ මහින්දෝදය විද්‍යාගාර සිසු අයිතියට පැවරෙන්නේ කවදාද??

Must read

003090වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාෂයට අයත් පාසැල් 5ක් වෙත ලැබුණ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර වල වැඩ නිමවි මාස 7ක් ගතවීත් එම විද්‍යාගාර සිසු අයිතියට පත් නොකිරිම පිළිබඳව ජනතාව විමතිය පළකර සිටිති.
නයිනමඩම සාන්ත මරියා මහා විදුහල,ලුණුවිල අනුරුද්ධ මහා විදුහල බොරලැස්ස සාන්ත ආනා මහා විදුහල වැකඩ මහා විදුහල හා කටුකෙන්ද සංඝබෝදි යන විදුහල් වලට මෙම තාක්ෂණ විද්‍යාගාර ලැබි තිබුණි.
මෙම එක් තාක්ෂණ විද්‍යාගාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 120 ක වියදමක් දරා සියලු වැඩ නිමා කර අංග සම්පූර්ණ කර මාස 7 ක් ගත තිබුණත් එය සිසුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් විවෘත නොකර තිබීම ජාතික අපරාධයක් බව ජනතාව පවසා සිටිති පසුගිය ආණ්ඩුවේ මෙම තාක්ෂණ විද්‍යාගාර හොඳ වැඩපිළිවෙලක් වුවත් ඔවුන් තම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මෙම තාක්ෂණාගාර දරුවන්ට ලබා දීම ජනාධිපතිවරණ ජන්ද ව්‍යාපාරය හා බද්ධ කිරිම නිසා කල් දැමු බවත් මේ ආණ්ඩුවද තමන්ට ඔනේ අකාරයට එම තාක්ෂණාගාර විවෘත කිරිමට යනවද යන්න සැක සහිත බව පෙන්වා දෙන එම ජනතාව වැඩි දුරටත් පවසන්නේ මහජන මුදල් වැයකර දැයේ දරුවන් වෙනුවෙන් මෙම තාක්ෂණාගාර ඉදිකලත් තම ප්‍රතිරූප නංවා ගැනීමේ දේශපාලකයන්ගේ තුච්ජ වැඩපිලිවෙල නිසා නැති නාස්ති වන්නේ ජනතා මුදල් හා දරුවන්ට තිබෙන අවස්ථාවන් බවයි.
මෙම විද්‍යාගාර ඉදිවීමත් සමග එම පාසැල් අශ්‍රිතව බොහෝ දරුවන් තම විෂය මාලාවන් පවා වෙනස් කරමින් ඉගෙනීම් කටයුතු කරගෙන යාමට බලා සිටියත් අද වන විට එම දරුවන්ගේ බලපොරොත්තු පවා දිනෙන් දිනම කඩා වැටෙමින් තිබීම ගැන අධ්‍යාපන බළධාරින් කිසිදු පියවරක් ගෙන නොමැති බවද පවසයි
මෙවන් විශාල ජනතා මුදල් වැයකර ඉදිකර ඇති එම ගොඩනැගිලි හා උපකරණ ප්‍රයෝජනයක් නොගෙනම විනාශ වීමට ඉඩහැර තිබීම ගැන අධ්‍යාපන බළධාරින්ගේ මෙන්ම දේශපාලන නායකයන්ගේද අවදානය මේ සඳහා ඉක්මනින් යොමු වියයුතු බව ඔවුන් පවසා සිටිති.
මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව කොට්ඨාෂ අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුභාශිණි පෙරේරා මහත්මිය මෙසේ පවසා සිටියාය.
මෙම තාක්ෂණ විද්‍යාගාර අපේ ප්‍රදේශයේ දරුවන්ට ලැබුණු සම්පතක් මමත් ගොඩාක් උත්සහා කරනවා මෙම සම්පත දරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉක්මනින් ලබා දෙන්න මෙම විද්‍යාගාර වැඩ නිම වුවත් විවිධ හේතු නිසා ඒක දිනෙන් දිනම කල් ගියා මේ වෙද්දි එම විද්‍යාගාර වලට උපකරණ හා ගුරුවරුන් පවා ලැබිලා තියෙන්නේ බොහෝ දුරට ලබන මාසේ මුල වෙද්දි අපිට පුලුවන් වේවි මෙම විද්‍යාගාර දරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ලබා දෙන්න.

සටහන – චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article