වෙන්/ප්‍රා.සභා සේවකයාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට

0
102

පසුගිය 21 වනදා උදෑසන  වෙන්නප්පුව ප්‍රා.සභාවේ කම්කරු අංශයේ සේවකයෙකු හට පුද්ගලයෙකු විසින් පහරදීමේ සිදුවීමක්  වාර්තා විය. මෙම පහරදිම සිදුවී ඇත්තේ කම්කරු සේවකයා කුණු එකතුකිරීමේ යෙදී සිටියදී වන අතර පහරදුන් පුද්ගලයා ඔහුගේ අතේ තිබූ කිරිපැකට්ටුවක් කුණු ගොඩට වීසිකර ඇති අතර ඒ සම්බන්ධයෙන් යම් වචන හුවමාරුවක් දෙදෙනා අතර ඇතිවී තිබේ. පසුව කිරි පැකට්ටුව වීසිකළ පුද්ගලයා කම්කරුවාට පහර දී ඇති අතර ඔහුව මාරවිල රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ. මෙම සිදුවීමෙන් පසු වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ කම්කරු සේවකයන් එක්ව විරෝධය පා ඇති අතර පසුව වෙන්නප්පුව පොලිසිය විසින් මෙම පහරදුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.  පහර කෑ සේවකයා දංකොටුව ප්‍රදේශයේ පදිංචි කරුණාරත්න ද සිල්වා නැමති අයෙක් වන අතර පහරදුන් පුද්ගලයා වයික්කාල ප්‍රෙද්ශයේ පුද්ගලයෙකු බව ද වාර්තා වේ.


තොරතුරු – චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව ලංකාදීප වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here