spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙබ් වාරණයට එරෙහිව මාධ්‍යවේදියෝ මානව හිමිකම් කොමිසමට ..

Must read

කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැතිව වෙබ් අඩවි වාරණය කිරීමට එරෙහිව, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය හා මේ වන විට වාරණයට ලක් කර තිබෙන ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවි සංස්කාරකවරයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි දෙකක් අද (21) භාර දෙන ලදි.

ජනමාධ්‍ය ඇමැති හා එම අමාත්‍යාංශ ලේකම්, අන්තර්ජාල පහසුකම් සලසන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිසම මෙම පැමිණිලිවල වග උත්තර කරුවන් ලෙස නම් කර තිබේ.

මෙ නීති විරෝධී වාරණය නිසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියත්, සුදුසු රැකියාවක් කිරීමේ අයිතිය මෙන්ම ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියද උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන පැමිණිලිකරුවෝ, මේ තත්ත්වය පිළිබඳ විභාගයක් පවත්වා සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටිති.

පසුගිය 12 මැයි 2014 සිට සිට ‘ශ්‍රී ලංකා මිරර් ඩොට් කොම්’ (www.srilankamirror.com) වෙබ් අඩවියට පිවිසීමට මෙරට අන්තර් ජාල සේවාවන් සපයන සියලු ආයතන විසින් අවහිර කිරීමෙන් පසුව ඊයේ (20 මැයි 2014) වන විට ‘ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩොට් එල්කේ’ (www.theindependent.lk) වෙබ් අඩවියට ‘ඩයලොග්’ හා ‘එටිසෙලාර්ට්’ අන්තර් ජාල සම්බන්ධතා හාරහා පිවිසීමට බාධාකර ඇති බව, ‘වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන්‍ වෙයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ එසේ වාරණයට ලක්වූ පුවත් වෙබ් අඩවි ගණන 08ක් බවද එම සංවිධානය කියයි.

ලංකා නිව්ස් වෙබ්, ලංකා ඊ නිව්ස්, ලංකා ගාර්ඩියන්, ටැමිල් නෙට්, කලම්බු ටෙලිග්‍රාෆ්, ශ්‍රී ලංකා මිරර්, ද ඉන්ඩිපෙන්ඩන්ට් හා ජැෆ්නා මුස්ලිම්ස් යන වෙබ් අඩවි එසේ අවහිර කර ඇත.

අදාළ පැමිණිල්ල භාර දීමේ අවස්ථාවේදී ඊට සහාය පළ කරමින් ජනමාධ්‍යවේදීන් මෙන්ම සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ නියෝජිතයෝ රැසක්ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ කතුවරයා විසින් භාර දෙන ලද සම්පූර්ණ පැමිණිල්ල‍ මෙසේ ය.
පැමිණිලිකරු
නම – කැළුම් ශිවන්ත රොඩ්රිගෝ
ලිපිනය – නො: 5/3, 2/1, රේල්වේ ඇවනිව්, නුගේගොඩ.

විත්තිතරුවන් –

01.
නම – ලලිත් වීරතුංග
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති

ලිපිනය – නො: 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.

02.
නම – අනූෂ පැල්පිට
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධක්ෂ ජනරාල්

ලිපිනය – නො: 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.

03.
නම – කෙහෙළිය රඹුක්වැල්ල
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය

ලිපිනය – නො: 163, කිරිලපන ඇවනිව්, පොල්හේන්ගොඩ, කොළඹ 05.

04.
නම – චරිත හේරත්
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්

ලිපිනය – නො: 163, කිරිලපන ඇවනිව්, පොල්හේන්ගොඩ, කොළඹ 05.

05.
නම – නිමල් වෙල්ගම
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති

ලිපිනය – ලෝටස් පාර, තැ.පෙ. 503, කොළඹ 01.

06.
නම – ලලිත් ද සිල්වා
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය – ලෝටස් පාර, තැ.පෙ. 503, කොළඹ 01.

07.
නම – කපිල චන්ද්‍රෙස්න
මොබිටෙල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක

ලිපිනය – නො: 108, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, කොළඹ 02.

08.
නම – ආචාර්ය හාන්ස් විජේසූරිය
ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්ෂ

ලිපිනය – නො: 475, යූනියන් පෙදෙස, කොළඹ 02.

09.
නම – වේල් සලමන්
එටිසෙලාර්ට් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය – නො: 109, ගාලු පාර, කොළඹ.

10.
නම – තිරුකුමාර් නඩේසන්
හචිසන් ටෙලිකොමිනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය – නො: 234, ගාලු පාර, කොළඹ 04.

11.
නම – සුරේන් ගුණවර්ධන
භාරතී එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය – 10 හා 11, බස්නාහිර කුළුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ 01.

 

පැමිණිල්ල

කැළුම් ශිවන්ත රොඩ්රිගෝ (ජා.හැ.අංක 770380286 V) වන මා ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මිරර් ඩොට් කොම් (www.srilankamirror.com) වෙබ් අඩවියට පිවිසීමට මෙරට අන්තර් ජාල සේවාවන් සපයන සියළු ආයතන විසින් 12 මැයි 2014 සිට අවහිර කර තිබේ.

අදාල අවහිරතාවය සිදුකර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ නිර්දේශයන්ට අනුව බව අන්තර් ජාල සේවා සපයන සාමාගම් විසින් මා හට පසුගිය දින කිහිපයේදී වාචිකව දැනුම් දුන්නේය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වෙබ් අඩවියක් වන අප වෙබ් අඩවිය විසින් අදාල වාර්ෂික මුදල් පවා ගෙවා තිබියදී මෙලෙස අවහිර කිරීමෙන් මාද මගේ කාර්ය මණ්ඩලයද දැඩි අපහසුතාවයට පත්වීඇත.

මේ බාධා කිරීම් සම්බන්ධයෙන් මා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට 12 මැයි 2014 ලිපියක් යවමින් විමසීමක් කළද ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැත.

අදාල ලිපියේ පිටපත් මා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් වෙතද යොමුකර තිබේ.

මෙවැනි තත්ත්වයක් මතුවූ පළමු අවස්ථාව මෙය නොවේ.

2011 නොවැම්බර් 05 වැනිදා අන්තර්ජාල පහසුකම් සපයන්නන් අප වෙබ් අඩවියට පිවිසීමේ පාලනයක් කි‍්‍රයාත්මක කළේ විදුලිසංදේශ නියාමන කොමිසමේ නියමය පරිදියි.

නමුත්, එම නියමය අප නීත්‍යානුකූලව අධිකරණයේදී අභියෝගයට ලක් කළ අතර, එම පිවිසීමේ පාලනය ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

2012දී ජනමාධ්‍ය හා සන්නිවේදන අමාත්‍යංශය නිකුත් කළ නියමයන්ට අනුකූලව ‘ශී‍්‍ර ලංකා මිරර්’ පුවත් වෙබ් අඩවියක් වශයෙන් ලියාපදිංචිය ලබා ගත්තේය.

ඉන්පසුව 2012 ජුනි 29 වැනිදා ශ‍්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ කර්තෘ කැළුම් ශිවන්ත වන මා ඇතුළු ඡායාරූප ශිල්පී අජිත් සෙනෙවිරත්න, මාධ්‍යවේදීන් – ශිරන්තනී මානවඩු, හිමාෂි කරුණාරත්න හා තරිඳු රාජපක්ෂ යන පස්දෙනා හා එහි සේවයේ නියුතු කාර්යාල කාර්ය සහයිකා ඩබ්.ඞී. පේ‍්‍රමවතී නො: 71, තොටුපල පාර, ඇතුල්කෝට්ටේ, කෝට්ටේ යන ලිපිනයේ පිහිටි අප කාර්යාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගැණුනි.

එසේම එම ගොඩනැගිල්ලේම ඉහල මාලයේ පිහිටා තිබූ ශී‍්‍ර ලංකා එක්ස් නිවුස් හි මාධ්‍ය වේදීන් වූ සුභාෂ් ජයවර්ධන හා සිද්ධික් කාරියප්පර් යන දෙදෙනාද ඒ අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූහ.

තවද, අප කාර්යාලයේ තිබූ පරිගණක 09ක් හා ලිපිගොනු කිහිපයක්ද ඔවුන් රැගෙන ගියේය.

කාර්යාල කාර්ය සහයිකාව එම දිනයේදීම මුදා හැරි අතර මාධ්‍යවේදීන් 07 දෙනා පසු දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරියේය.

මේ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ දණ්ඩනීති සංග‍‍්‍රහයේ 115, 118 හා 120 යන වගන්තිවලට අදාළව වරදක් කළේ යැයි පවසමිනි.

කෙසේවුවද දණ්ඩ නීති සංග‍‍්‍රහයේ 118 වැනි වගන්තිය 2002 අංක 12 දරණ සංශෝධන පනතේ දෙවැනි වගන්තිය මගින් ඒවන විට අහෝසි කර තිබිනි.

මේ නඩුව අතරවාරයේදී එලෙස අත්අඩංගුවට ගැනුන ශී‍්‍ර ලංකා මිරර් හා ශී‍්‍ර ලංකා එක්ස් නිවුස් මාධ්‍යවේදීන්ට නැවත නොතීසියක් ලද විට අධිකරණයට පැමිණෙන ලෙසත් එතෙක් ඔවුන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා 2013 සැප්තැම්බර් 18 වැනිදා නියෝග කළේය.

එසේම අප කාර්යාලයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද පරිගණක නමයේ දෘඩ තැටි කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක අංශයට බාරදී අනෙක් කොටස් අපවෙත ලබා දෙන ලෙසට ද නියෝග කෙරුණි.

කෙසේවවුද අදාල පරිගණක කොටස් මෙතෙක් අපවෙත ලබා නොදුන් අතර, ඒවා ලබාදීම කුමන හෝ කාරනාවක් කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිනෙන් දින පැහැර හරින ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප මාධ්‍යවේදීන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන සිදුකරන ලද කලබලය හේතුවෙන් එතෙක් අප වෙත දැන්වීම් ලබාදුන් ආයතන අදාල දැන්වීම් ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබිනි.

එවකට අප ආයතනය පවත්වාගෙනයාමට රුපියල් 500,000/- ක පමණ ආදායමක් දැන්වීම් වලින් තිබිනි.

එය සම්පූර්ණයෙන්ම ඇණ හිටි අතර සිද්ධියෙන් බියට පත් අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු ද අප ආයතනයෙන් ඉවත්ව ගියේය.

අප සිටි ස්ථානයට හදිස්සියේ කඩා වැදුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අපරාධකාරින් ලෙස අපව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් අපගේ ආයතනයට මෙන්ම කාර්ය මණ්ඩලයේ ගෞරවයටද විශාල හානියක් සිදුවිය.

මේ සිද්ධියට අදාලව මා ඇතුළු සෙසු මාධ්‍යවේදීන් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13-1, 14-1(A) හා 14-1 (G) යන වගන්තිවලින් කියවෙන කථා කිරීම, අදහස් පල කිරීම හා ප‍්‍රකාශනයේ නිදහස, තනිව හෝ කිහිපදෙනෙකු සමඟ තමුන් කැමැති වෘත්තියක් කිරීමේ අයිතිය හා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙමින් පවතී.

පසුගිය 12 වැනිදා අප වෙබ් අඩවියට පිවිසීමට යළිත් බාධාවන් පැමිණවීමත් සමඟ දැන්වීම් ලබාදුන් ආයතන ඒවා ඉවත්කරන ලෙස වාචිකව ඉල්ලිම් කර තිබේ.

එසේම මේ වන විට අප කාර්යාලය පවත්වාගෙන යන ස්ථානයේ හිමිකරුවන් විසින් ඉන් ඉවත්වන ලෙසද දන්වා තිබේ.

අදාල තත්ත්වයන් හේතුවෙන් මා මෙන්ම මගේ කාර්ය මණ්ඩලයද දැඩි අපහසු තාවයකට පත්ව සිටී.

මිරර් වෙබ් අඩවිය ගැන

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ආරම්භ කරනු ලැබුවේ 2010 වසරේ ඔක්තෝබර් 29 වැනිදාය.

අප වෙබ් අඩවිය 2011 වසරේ ජුනි මාසය වන විට 25,000ක් 30,000ත් අතර පිරිසක් දිනපතා පුවත් පරිශීලනය කරනු ලබන ලංකාවේ පුවත් වෙබ් අඩවි අතර සිව්වැනි ස්ථානයේ පසුවිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අපගේ මාධ්‍ය වේදීන් අත්අඩංගුවට ගැනීමෙන් තුන් මසකට පසුව එල්.කේ. වසමින් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ හොඳම පුවත් වෙබ් අඩවියට හිමි රන් සම්මානයත්, සමස්ථ වෙබ් අඩවි වල හා හොඳම සිංහල වෙබ් අඩවියට හිමි ලෝකඩ සම්මානය යන සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමති විය.

එසේම අප වෙබ් අඩවිය නිර්මාණය කළ ආයතනයට ද රිදී සම්මානයක් හිමි විය.

එවකට අපගේ සහෝදර වෙබ් අඩවිය වූ මිරර් ආර්ට්ස් වෙබ් අඩවියට රිදී සම්මානයක් එහිදී හිමි විය.

මේ බාධා කිරීම් හේතුවෙන් මා හා මගේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සර්වසාධාරණත්වයේ නීතියත්, ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියත්, රැකියා අහිමිවීමේ අවධානම හේතුවෙන් තමන්ට සුදුසු රැකියාවක් කිරීමේ අයිතිය මෙන්ම ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියද උල්ලංඝනය වී ඇති බවද කිව යුතුය.

මේ තත්ත්වය පිළිබඳව විභාගයක් පවත්වා අපට සාධාරණය ඉටුකර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට විශ්වාසී,

කැළුම් ශිවන්ත
කර්තෘ,
ශ්‍රී ලංකා මිරර්123

http://www.youtube.com/watch?v=WxV1-vf86j8

 

 

පැමිණිලිකරු

නම      – ෆ්‍රෙඩී ගමගේ (ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු)

            ලිපිනය – 24/13, විජයබා මාවත, නාවල පාර, නුගේගොඩ

විත්තිතරුවන් –

01.

            නම      – ලලිත් වීරතුංග

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති

            ලිපිනය – නො: 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.

02.

            නම      –  අනූෂ පැල්පිට

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධක්ෂ ජනරාල්

            ලිපිනය – නො: 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.

03.

            නම      –  කෙහෙළිය රඹුක්වැල්ල

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය

            ලිපිනය – නො: 163, කිරිලපන ඇවනිව්, පොල්හේන්ගොඩ, කොළඹ 05.

04.

            නම      –  චරිත හේරත්

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්

            ලිපිනය – නො: 163, කිරිලපන ඇවනිව්, පොල්හේන්ගොඩ, කොළඹ 05.

05.

            නම      –  නිමල් වෙල්ගම

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති

ලිපිනය – ලෝටස් පාර, තැ.පෙ. 503, කොළඹ 01.

06.

            නම      –  ලලිත් ද සිල්වා

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී

            ලිපිනය – ලෝටස් පාර, තැ.පෙ. 503, කොළඹ 01.

07.

නම     –  කපිල චන්ද්‍රෙස්න

මොබිටෙල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක

            ලිපිනය – නො: 108, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, කොළඹ 02.

08.

            නම      – ආචාර්ය හාන්ස් විජේසූරිය

ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්ෂ

            ලිපිනය – නො: 475, යූනියන් පෙදෙස, කොළඹ 02.

09.

            නම      – වේල් සලමන්

එටිසෙලාර්ට් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

            ලිපිනය – නො: 109, ගාලු පාර, කොළඹ.

10.

            නම      – තිරුකුමාර් නඩේසන්

හචිසන් ටෙලිකොමිනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී

            ලිපිනය – නො: 234, ගාලු පාර, කොළඹ 04.

11.

            නම      – සුරේන් ගුණවර්ධන

භාරතී එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

            ලිපිනය – 10 හා 11, බස්නාහිර කුළුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ 01.

පැමිණිල්ල

 

ෆ්‍රෙඩී ගමගේ  (ජා.හැ.අංක 631330355 V) වන මම වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ  කැඳවුම් කරුවාය.

පසුගිය 12 මැයි 2014 සිට සිට ශ්‍රී ලංකා මිරර්  (www.srilankamirror.com) වෙබ් අඩවියට පිවිසීමට මෙරට අන්තර් ජාල සේවාවන් සපයන සියළු ආයතන විසින් අවහිර කිරීමෙන් පසුව ඊයේ (20 මැයි 2014) වන විට ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩොට් එල්කේ(www.theindependent.lk) වෙබ් අඩවියට ඩයලොග් හා එටිසෙලාර්ට් අන්තර් ජාල සම්බන්ධතා හාරහා පිවිසීමට බාධාකර තිබේ.

අදාල අවහිරතාවය සිදුකර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ නිර්දේශයන්ට අනුව බව අන්තර් ජාල සේවා සපයන සාමාගම් විසින් මේවන විට වාචිකව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මකවන, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වෙබ් අඩවියක් වන ශ්‍රී ලංකා මිරර් (www.srilankamirror.com) වෙබ් අඩවියට මෙන්ම එසේ ලියාපදිංචිවන්නට ඉල්ලුම් කළ වෙබ් අඩවියක් වන ද ඉන්ඩිපෙන්ඩන්ට් (www.theindependent.lk) යන වෙබ් අඩවි දෙකම අපගේ සංගමයේ සාමාජික වෙබ් අඩවි වේ .

මේ බාධා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් (www.srilankamirror.com)  වෙබ් අඩවියේ කර්තෘවරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට 12 මැයි 2014 ලිපියක් යවමින් විමසීමක් කර ඇති බව අපවෙත දන්වා තිබේ.

අදාල ලිපියේ පිටපත් ඔහු විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් වෙතද යොමුකර ඇති බවද පැවසේ.

එසේ වුවද ඒ සඳහා ඔවුන්ගේ අල්ප මාත්‍රික අවධානයක් යොමුවී නොමැති බවද මාවෙත දනාවා තිබේ.

මෙසේ පුවත් වෙබ් අඩවි වලට බාධාකිරීම් සිදු වන්නේ අද ඊයේ සිට නොවේ.

මේවන විට ශ්‍රී ලංකාව තුල එසේ වාරණයට ලක්වූ පුවත් වෙබ් අඩවි ගණන අටයකි.

ඒ, ලංකා නිව්ස් වෙබ්ලංකා ඊ නිව්ස්,  ලංකා ගාර්ඩියන්ටැමිල් නෙට්, කලම්බු ටෙලිග්‍රාෆ්, ශ්‍රී ලංකා මිරර්, ද ඉන්ඩිපෙන්ඩන්ට් හා ජැෆ්නා මුස්ලිම්ස් යන  වෙබ් අඩවි ඒවා වේ.

පුවත් වෙබ් අඩවි වාරණ ඉතිහාසය ඉතා දිගු එකකි.

ශ්‍රී ලංකාවේ පුවත් වෙබ් සම්බන්ධයෙන් කාගේත් කතා බහට ලක්වීම ආරම්භ වූයේ 2005 ශ්‍රී ලංකාව තුළ සිවිල් යුද ගැටුම් පැවැති අවධියේදීය.

ඒ කාලය මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම, පහරදීමේ සිට මරා දැමීම දක්වාම සිද්ධීන් සිදුවූ සමයකි.

මේ අනුව, මුලින්ම ලංකාව තුළ වාරණයට ලක්වූයේ ටැමිල් නෙට් වෙබ් අඩවියයි.

ඊට බාධා කිරීම සම්බන්ධයෙන් මෙරට එතරම් වාද විවාද ඇතු නොවුනද එය ජාත්‍යන්තරය තුළ කතා බහට ලක් විය. එමෙන්ම මෙරට මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අද වන විට අන්තර්ජාතික වශයෙන් ගොඩ නැගී ඇති ප්‍රතිරූපයද නරක එකක් බව  මානව අයිතිවාසිකම් හා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර  සංවිධාන විසින් නිකුත් කළ වාර්තා අනුව පෙනී යයි.
ඉන් පසුව වරින් වර විවිධ ස්වරූපයෙන් මෙසේ වෙබ් අඩවි ගනනාවක් වාරණයට ලක්විය.ඒ අතරින් ඇතැම් වෙබ් අඩවියක් කෙරෙහි දිගුකාලීනව වාරණය ක්‍රියාත්මකව ඇත. එහෙත් මෙම ක්‍රියාදාමය කිසිදු නිත්‍යානුකූල පදනමක් සහිතව ක්‍රියාත්මක වන්නේ නොවේ. මේ නිසා  යම් රාජ්‍ය නිලධාරියකුගේ හෝ දේශපාලන බලපෑමක් මත මේ සිදුවන්නේය යන්න ගැන අප හට සාධාරණ සැකයක් ඇතිව තිබේ.

ඉන් පසුව වරින් වර විවිධ ස්වරූපයෙන් මෙසේ වෙබ් අඩවි වාරණය සිදු විය.ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය එලෙස වැඩියෙන්ම බාධාවට  ලක්වූ වෙබ් අඩවිය ලෙස සැලැකේ.වරක් ඔවුන්ගේ කාර්යාලය ගිනිබත් කරනු ලැබූ අතර ඔවුන්ගේ කාර්යමණ්ඩලයේ සිටි මාධ්‍ය වේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කරනු ලැබීය.අදාල පීඩාවන් නිසාම එහි කර්තෘවරයා වන සඳරුවන් සේනාධීර මේවන විට අදාල වෙබ් අඩවිය මෙහෙයවනු ලබන්නේ විදෙස් ගතවය.එසේම එහි මාධ්‍යවේදීන් සය දෙනෙකු වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ද පත්විය.එසේම ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත් විය.එම කාරණාවම නිසා පසුව එම වෙබ් අඩවිය වසා දැමීමටද සිදු විය.

වර්තමානයේ මෙසේ බාධා කිරීම් සිදුකර ඇති ද ඉන්ඩිපෙන්ඩන්ට් (www.theindependent.lk) වෙබ් අඩවියේ කර්තෘවරයා වන්නේ එසේ වසා දැමීමට සිදුවූ ශ්‍රී ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවියේ සිටියදී අත්අඩංගුවට පත් සුභාෂ් ජයවර්ධනය.

මේ බාධා කිරීම් හේතුවෙන් මාගේ මෙන්ම අප සංවිධාන සාමාජිකයන්ගේ  සර්වසාධාරණත්වයේ නීතියත්ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික  සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියත්රැකියා අහිමිවීමේ අවධානම හේතුවෙන් තමන්ට සුදුසු රැකියාවක් කිරීමේ අයිතිය මෙන්ම ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියද උල්ලංඝනය වී ඇති බවද කිව යුතුය.මේ තත්ත්වය පිළිබඳව විභාගයක් පවත්වා අපට සාධාරණය ඉටුකර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට විශ්වාසී
ප්‍රෙඩි ගමගේ
කැදවුම්කරු
වෘත්තිය වෙබ් මාධ්‍යවෙදින්ගේ සංගමය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article