ශළ්‍යකර්මයකින් පසු මිගමුව රෝහලේ රෝගියෙකු මියගියේ වෛද්‍ය නොසැලකිල්ලෙන්ද ?

0
629

 

වෛද්‍ය නොසැලකිල්ල නිසා සිදුවන ජිවිත අහිමි විම් සම්බන්ධයෙන් ඉතිහාසය පුරා මිගමුව රෝහලට ඇතිව තිබුනේ කලු පැල්ලමකි.

මේ නිසාම අම්මෝ මිගමුවට නම් යන්න එපා යන මතයක් සමාජ ගතවි තිබුනේ නිකම් නොවේ.

විලුඹේ තුවාලය පිරිසිදු කරගැනිම සඳහා මිගමුව රෝහලට එදා පැමිණි සිත්ති නසිරාට ගෙදර යාමට සිදුව තිබුනේ පාදයක්ද අහිමිකරගෙනය.

මිපුර පුවත් පත විසින් මුලින්ම කළ මේ හෙළිදරව්ව හේතුවෙන් රට තුල පුලුල් සංවාදයක් මතුව තිබුනේ වෛද්‍ය නොසැල්ල පිලිබදවය.

ඒ දාය.

පසුගිය සතියේ මිගමුව රෝහලේදි පුරස්තිග්‍රන්ථියේ ශල්‍යකර්මයක් කරගැනිමට පැමිණ තිබුන 74වියැති පුද්ගලයෙකුට ඉතාමත් අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් පවා සමුගන්නට වු සිදුවිමක් යළිත් වරක් මිගමුව රෝහලෙන් වාර්තාවි තිබේ.

අදාල ශල්‍යකර්මය සිදුකිරිමෙන් පසු නිවසට ගොස් තිබුන මේ තැනැත්තාට මුත්‍රා සමඟින් ලේ පිටවෙමින් තිබුන නිසා යළිත් වරක් රෝහල්ගත කරන්නට සිදුව තිබුණි.

පසුව සිදුකරන්නට යෙදුන තවත් ශල්‍යකර්ම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබුණු රෝගියා අගෝස්තු 31 වනදා රාත්‍රියේදි මිය ගොස් තිබේ.

මෙම මරණයට හේතුව වෛද්‍ය  නොසැලකිල්ලද යන ගැටලු ගැන රෝහල තුලම කසුකුසුවක් මතුව තිබුණි.

මිට මාස කිපයකට ඉහතදි තයිරොයිඩ් ග්‍රන්ථියේ ශල්‍යකර්මයක් සිදුකරගැනිමට පැමිණ තිබුන කාත්තාවක්ද අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුන අතර ඇඟිල්ල දිගුව තිබුනේ ශල්‍යකර්මය සිදුකරන ලද ශල්‍ය වෛද්‍යවරයා වෙතය.

ඒ සම්බන්ධයෙන් රෝහල් බලධාරින් නිසි පරික්ෂණයක් සිදුකර තිබුනේද? එහි අවසන් නිගමනය කුමක්ද?

කෙසේ වෙතත් මේ ආකාරයෙන් සිදුවන අවාසනාවන්ත මරණ හ මරණවලට තිත තබන්නට රෝහල් පරිපාලනය මෙන්ම අමාත්‍යාංශ මට්ටමින් ද පුලුල් පරික්ෂණයන් සිදුකළ යුතුව ඇතැයි යළිත් අවධාරණය කරන්නේ මේ අවසනාවන්ත තත්වයන්ගෙන් රෝහලද රෝගී ජීවිතද රැකගත යුතුව ඇති හෙයිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here