ෙපසුගිය 24 වනදා උදෑසන මීගමුව බෝල වලානේ BCI අධ්‍යාපන ආයතනය ඉදිරිපිට ඇති කානු පද්ධතියක් එම BCI ආයතනයේ බැකෝ යන්ත්‍රයකින් සුද්ද කිරීමක් දර්ශනය වුණි. මෙම කාණු පද්ධතිය මාර්ග සංවර්ධන සංවර්ධන අධිකාරියට අයත්වන්නේය. ප්‍රදේශයේ කාණු පවිත්‍ර වීම (වල්පැළෑටි) නුදුරේදී ධාරානිපාතික වැසි අවස්ථාවකදීම පිටාර ගැලී මට පෙර මෙය පවිත්‍ර කිරීම තුළින් ජලය ගලායාමට ඇති අවස්ථා වැඩිවේ. BCI ආයතනය ඉදිරිපිට එක ස්ථානයකින් බැකෝ යන්ත්‍රථයකින් කාණුවෙහි තිබූ වැල් ඉවත් කිරීම දක්නට ලැබුණි.
ශ්‍රි සුදර්ශනාරාම විහාරයේ ඉදිරිපිට පාරේ අනෙක් කාණුව පැත්ත පස ඇති ප්‍රදේශයේ සේදී යාමට ලක්වි ඇත. එයත් BCI ආයතනයේ ඉදිරිපිට මෙන්ම ගල් වැටියක් තනා සුදු ගල් ඇල්ලීම තුළින් පිරිසිදු කරන්නටත් පහසුවේ. මෙම ප්‍රදේශයේ කාණු පද්ධතිය තුළ නෙළුම් මල් අලංකාරය පිණිස වවා ඇති අතර එය මනස්කාන්ත දර්ශනයකි. බලධාරීන්ගේ අවධානය පිණිස මෙය යොමු කරන්නෙමු.
.ඡයාරූප සහ සටහන මීපුර පුර වැසි මාධ්‍යවේදි එම්. එස්. එස් මුනිර් .












