ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය සහ පලගතුරෙයි කලා සාහිත්‍ය කවය විසින් අගෝස්තු මස 17 වන දින සිසු සිසුවියන්හට මාධ්‍ය වැඩමුළුවක් පවත්වන ලදී. මෙදින ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් , 10, 11 ශ්‍රේණියේ සාමාන්‍ය පෙළ සහ උසස් උසස් පෙළ හදාරන සිසුන් හට මාධ්‍ය හැසිරවීම පිළිබදව වැඩමුළුවක් පැවත්වුණි. මෙම වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ,දේශනයන් සහ උපදෙස් , භාෂා හැසිරීම යනාදී කරුණු අවධාරණය කළ අතර සහභාගීවූ සිසුන් සඳහා සහතික ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිත ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනිර් මුලාෆර් ඇමති වරයා සහ විදුහල්පති එම්.යූ. ෆායිස් මහතා විසින් සිදුකරන ලදී. මෙම වැඩමුළුව මීගමුව අල්ෆලා මධ්‍ය මහා විදුහලේ දේශන ශාලාවේදී පවත්වන ලදී.



එම්.එස්.එම් මුනිර්












