spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය දැකබලාගැනිමට වියට්නාම් මාධ්‍ය කණ්ඩායමක් මෙරට සංචාරයක

Must read

Developing-connections-through-Culture-and-Heritage2 වියට්නාම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය   සහ  වියට්නාම  සහයෝගීත්වයෙන් ලංකාවේ සුවිශේෂී සංචාරක කලාප වියට්නාම් යේ සංචාරකයින්ගේ අවධානයට ගෙනයාම පිණිස විශේෂ වැඩසටහනක් දියත්විය. වියට්නාමයේ නියෝජනය කරමින් එරට ජාතික රූපවාහිනී නාලිකා කණ්ඩායමක් පසුගිය 4 වන දා සිට 10 වනදා දක්ව ලංකාවේ සංචාරයක නිරත වූහ. ඔවුන්ගේ විශේෂ අවධානය එරට හා මෙරට ආගමික සංස්කෘතික සමානතා   වෙත යොමුවී තිබූ   අතර නුවර ඇසල  පෙරහැර  නැරඹීමෙන් පසු සහ සීගිරිය ,අනුරාධපුරය, දඹුල්ල ,නුවරඑළිය ආදී ස්ථාන වල ද සංචාරය කරන ලදි. ඔවුන්ගේ මෙම සංචාරයේ අත්දැකීම් හා ලංකාවේ සංස්කෘතික වටිනාකම් වියට්නාමයේ ජනතාවට විදගැනීමට ඔවුන් කටයුතු කරනු ඇති අතර ඒ හරහා සංචාරක   ක්ෂේත්‍රයට නව අත්දැකීමක් එකතු කළ හැකි බව මෙම සංචාරයේ අරමුණයි.
වියට්නාමයෙන් මෙරටට සංචාරය කිරීමේ ප්‍රවනතාවය වසරකට 17%ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි.  මෙම තත්ත්වය වර්ධනය කර ගැනිමට ශ්‍රී ලංකාවේ සංචාරක අමත්‍යාංශය විසින් පියවර ගතයුතුව ඇති අතර මෙම සංචාරය ද එවැනිම අරමුණකින් සංවිධානය කර තිබුණී.Developing-connections-through-Culture-and-Heritage3Developing-connections-through-Culture-and-Heritage4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article