spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශා.ජෝශප් විදියේ නීතිවිරෝධි කන්ටේනර් කාර්යාලය ඉවත් කෙරේ !

Must read

කන්ටේනර් කාර්යාලය( 11.00 am ) මීගමුවේ ප්‍රධාන පුරවැසියා වන මොසෙස් ලංසා විසින් අනවසර ඉදිකිරිම් සියල්ල ඉවත් කිරිම සදහා දැන් සංදර්ශණාත්මක මෙහෙයුමකට අතගසා තිබේ.
පසුගිය  මහනගර සභා රැස්විමකදිද  කේන්ද්‍රිය කරුණ බවට පත්ව තිබුනේද අනවසර ඉදිකිරිම් පිලිබද ප්‍රශ්ණයයි.
එහෙත් ඇත්ත ගැටළුව වන්නේ ගෙවුන දශකයකට අධික කාලයක් පුරා මිගමුව තුල තැන තැන අනවසර ඉදිකිරිම් සදහා අවසර දි තිබුනේ අන් කව්රුන් වත නොව ලංසා පවුල් හවුල් පාලනයයි.
වෙරළ තිරයේ පමණක් මෙවන් අනවසර ඉදිකිරිම් 312 කි .
පසුගිය මහ සභා රැස්විමේදි ද ප්‍රධාන පුරවැසියාව බිත්තියටම හේත්තු කරමින් කිපදෙනෙකු විසින් ඉදිපත් කරන්නට යෙදුන කරුණු සැලකිල්ලට ගැනිමේදි මොසෙස් ලංසාගේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමේ මාධ්‍ය සංදර්ශනය ඔහුට පරාවලල්ලක් විම වැඩිඈතක නොවන බව දැන් පෙනි යමින් තිබේ.
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට යැයි කියනමක් තිබේ.
නගරයේ අනවසර ඉදිකිරිම් ඉවත් කරන්නට යන මොසෙස් ලංසා සිය ආධාරකරුවන් සදහා ශා. ජෝශප් විදියේ අටවා ගන්නට ඉඩ දි ඇති කන්ටේනර් කාර්යාලය ගැන එජාප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු විසින්ද මතු කර තිබුණි.
මේ පසුබිම යටතේ මොසෙස් ලංසාට පත්ව  ඇත්තේ ගලඋඩ කැත කළ බළලාගේ තත්වයටය.
දෙහිමල්වත්තේ ත්‍රිරෝද රථ සංගමයක් වෙනුවෙන් ශා.ජොශප් විදියේ තබා තිබුන කන්ටේනර් කාර්යාලට එරෙහිව මතුව ආ දැවැන්ත විරෝධය හමුවේ එය එතනින් ඉවත් කරගැනිමට දැන් එයට අනුග්‍රහය දැක්වු අයට සිදුව තිබේ.
මේ පිළිබදව මිගමුවටත් රටටත් කියන්නට කොන්දක් තිබුණ එකම මාධ්‍යය වි තිබුණේ මිපුර පමණමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article