මිගමුව පාලනය කළේ කලු සල්ලි පවුලකින් කියන එක ආයේ අමුතුවෙන් කියන්න ඕනා නෑ.ඉතින් එහෙම පවුලකට මිගමුව ගැන හරි මිගමුවේ ජනතාව ගැන හරි විතරක් නෙමේ මිගමුවේ මහජන දේපල ගැන කොහෙත්ම හැඟිමක් තියෙන්න විදියක් නැනේ .ඒක ඉතා පැහැදිලියි කියන එක දැන් දශකයකටත් වඩා කාලයක් තිස්සේ ඔප්පු වෙමින් තිබුනා
හැබැයි මේ පවුලේ මිගමුවේ දේපල කාබාසිනියා කරපු ජඩකම් වලට එරෙහි වෙන්න හිටියේ ටික දෙනයි.
මිගමුවේ වටිනාම ඉඩම් ටික විකුණලා ලොකු ගානකට වැඩේ දෙන්න හදන කොට ඒ්කට විරුද්ධව පාරට බැහැල අරගල කලේ සංගිත්ලා වැනි බය වැති මිනිස්සු ටිකක් විතරයි .
අද ජනබලවේගයේ ඉන්න 27 දෙනාගෙන් සංගිත් ඇරුණ කොට මිගමුවේ තැබැරුම්වවත්ත කියන්නේ මොකක්ද කියල ඇහැව්වොත් දන්න අය කි දෙනෙකු ඉදියිද ?
කැමති වුනත් අකමැති වුනත් ඒක තමයි පට්ටම ඇත්ත.
2022 දයාන් මාර ගේමක් දෙන්න හැදුවේ ටවුමේ කැල්ටන් පිටිපස්සේ තියෙන තැබෑරුම් වත්ත විකුණන්න . මිගමුවේ තියෙන වානිජ වටිනාකමින් ඉහල ඉඩමක් ඒ්ක .ඒකෙන් ලොකු කොමිස් එකක් ගන්න පාලකයෝ විතරක් නෙමෙයි පාලකයන්ට කඩේ යන විපක්ෂයේ බහුතරයක් මන්ත්රිලාත් බලන් හිටියේ ඒකට…
හැබැයි වැඩේ ගැස්සුනා මොකද සංගිත්ල පාරට බැහැල මේ මංකොල්ලට එරෙහිව ලොකු විරෝධතාවයක් කරපු හින්ද .
දැන් අලුත් පාලනයක් . ,නමුත් ගැටලුව තියෙන්නේ සංගිත්ලාට වගේ ගටක් තියෙන කි දෙනෙක් මාලිමාවේ මේ 27 අස්සේ ඉන්නවද ? . අද මාලිමාව මිගමුවේදි මුහුණ දෙන ප්රධානතම අභියෝගය තමය මේක. වැඩ ටාසන්ලට වැඩේ බාර දුන්න කියල නම් මිගමුව ගොඩනගනව බොරු …