මීගමුව පොලිස් ස්ථානයේ ඇතුකාල සංචාරක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව, ඔවුන් දෙදෙනාම මීගමුව කටුව ප්‍රදේශයේ මාර්ග බාධකයක් ඉදිකර වාහනයක් පරීක්ෂා කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත.
ඔවුන් ගමන් කළ KDH වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, කඩු දෙකක් සහ හෙරොයින් ග්‍රෑම් 25 ක් අත්අඩංගුවට ගෙන ඇති බව මීගමුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ භාර පොලිස් පරීක්ෂක චාමර මහතා පැවසීය.
මෙසේ අත්අඩංගුවට ඇත්තේ කුරුණැගල පුද්ගලයින් දෙදෙනෙකු වන අතර මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායි වලින් ලැබුණු එකක් බවද කියැවේ.
මෙම කොන්ත්‍රාත්තුවේ ඉලක්කයේ වි තිබුනේ මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ සමාජ ශාලාවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුවය.
මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු පොලිසිය සොයමින් සිටී.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය තවදුරටත් පැවසීය.
(ඡයාරූප උපුටා ගැනිම අන්තර් ජාලයෙනි)