spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සංචාරක විසා වලින් රට රස්සාවලට ගියොත් වැඩ වරදි !

Must read

රටතුල පවතින ආර්ථික අර්බුදය හමුවේ එයට මුහුණ දිමට පවුල ගොඩ දාගැනිමට හිතන අය හුඟ දෙනෙක් කල්පනා කරන්නේ මොනව විදියකට හරි රට යන්න .හැබැයි එහෙම කලබල වෙලා ගිහින් තවත් ආමාරු නොවැටෙන්න නම් හරි විදියට රට යන්න ඕනා. නමුත් දැන් රට යවන එක දැවැන්ත ලාබදායි ජාවාරමක් බවට පත්වෙලා .

සංචාරක වීසා උපයෝගි කරගනිමින් විදේශ රැකියා සඳහා යාමට උත්සහ කළ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු නවතා ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ (SMPU) නිළධාරීන් කටයුතු කරල තියෙනව කියල පහුගිය දවසක ada.lk වෙබ් අඩවියත් වාර්තා කරල තිබුණ

ඕමානයේ සංචාරයක් සඳහා යන බව හගවමින් පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය යන බව ප්‍රකාශ කළ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, ආපසු දිවයිනට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ව්‍යාජ අයුරින් (Dummy) නිර්මාණය කරමින් විදෙස් ගතවීමට උත්සහ දරා තිබුන බව තමයි එහි වැඩිදුරටත් සදහන් වෙලා තිබුනේ .

ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කළ ලේඛන ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ නිළධාරීන් විසින් පරික්ෂා කිරීමේදී නැවත පැමිණීමේ ගුවන් ටිකට්පත් ව්‍යජ බව අනාවරණය වූ හෙයින් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකරල තිබුනා

සංචාරක වීසා මගින් විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන් මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්වීමෙන් වළක්වාගැනීම සහ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නිසි මාර්ගෝපදේශනය ලබාදීම අරමුණු කරගනිමින් බණ්ඩාරනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ මෙම ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය පිහිටුවා ඇත. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය යන ආයතනයන්හි නිළධාරීන්ගෙන් සමන්විතයි

මූලික වශයෙන් මැලේසියාව, ඕමානය, ඩුබායි හා අබුඩාබි යන රටවල් වෙත සංචාරක වීසා මගින් යොමුවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන අතර සතියේ දින 7ම පැය 24 පුරා ක්‍රියාත්මක වන ඒකකයක් ලෙස ගුවන්තොටුපළ පරිශ්‍රයේ කටයුතු සිදුකරනු ලබනව .

මේ අතර  සංචාරක වීසා මගින් විදේශ රැකියා යාමට උත්සහ කළ ශ්‍රි ලාංකිකයින් විශාල පිරිසක් මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කිරිම සඳහා පසුගිය සමයේදී මෙම ඒකකය මගින් නතර කිරිමට කටයුතු කර තිබෙන බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්

මේ අතර කුවේටයේ සිටි ලාංකිකයන් 28ක් මෙරටට පිටුවහල් කරලා .කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව, දීර්ඝ කාලයක් නීතිවිරෝධී ලෙස රැදී සිටිමින්, එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු පසුගිය  (27දා) එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණ

මේ අය අතර ගෘහ සේවිකාවන් 24 දෙනෙකු සහ  ගෘහ සේවකයින් 04 දෙනෙකු ද සිටි අතර , මෙම ගෘහ සේවිකාවන් අතර එක් ගර්භණී කාන්තාවක සිටිය .

මෙසේ පැමිණි පිරිස අතර වැඩි පිරිසක් අනුරාධපුරය , පොළොන්නරුව දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන් කටුනායක ගුවන් තොටුපොළේ දී මෙම පිරිස වෙත සිය ගම්බිම් බලා පිටත්ව යාම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රවාහන ගාස්තු ගෙවීම සිදු කර තිබුන බව ada.lk වෙබ් අඩවිය වාර්තා කරල තිබුණා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article