සංස්කෘතික ජිවිතයක් නැති දේශපාලකයන් නිසා රාජපක්ෂ උද්‍යානය ට වෙච්ච දේ?

0
261

සංස්කෘතික ජිවිතයක් නැති දේශපාලකයන්ට නගරයක පාලනය පැවරුන කල්හි එයට අත්වන ඉරණමට ලංකාවේ කදිම නිදසුනක් වන්නේ මීගමුවයි.මීගමුව යනු බස්නාහිර පාළාතේ වේගයෙන් ඉදිරියට ඇදෙන වෙළද නගරයයි.

දැනට ලංකාවේ පවතින ඉහල පෙලේ බැංකු ශාඛා බොහොමයක් මෙහි ස්ථාපිතය.එමෙන්ම සුපිරි ‍වෙළද සංකිර්ණ ජාලයේ ශාඛා කිපක්ම මෙහි අරභා ඇත. එමෙන්ම ජාත්‍යන්තර ආහාර ජාලයන්ගේ ආයතනද මෙහි දැන් ස්ථාපිතය .

එහෙත් මීට පෙර  මිගමුවේ පාලනය භාරව සිටින ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ට මෙහි ඇති සම්පත් උපරිම හා කාර්යක්ෂම ලෙසින් පලාත් පාලන ආඥා පණතට යටත්ව නිසි ලෙසින් මෙහෙයවිමට කිසිදු උවමනාවක් නැති බව දිනපතා ඔප්පු වෙමින් තිබුන කටුක යථාර්ථය විය.

අපගේ අවධානය මේ කරුණ අරභයා මීගමුව රාජපක්ෂ උද්‍යානය කෙරෙහි පමණක් යොමුකරවන්නට කැමැත්තෙමු.මේ උද්‍යානය අක්කර 7 කින් පමණ සමන්විතය. රාජපක්ෂ මුදළිදු එය මීගමුවේ ජනයා හට කිසිදු මුදල් අයකිරිමකින් තොරව පරිහරණය කිරිමට අවශ්‍ය නිතිමය සම්පාදනද සමගින් මීගමුව නගර සභාවට පවරා තිබුනේ අද තමා වැනි මීගමුවේ ජනතාවටඇත්තටම ආදරය කරන පිරිසක් මෙහි පාලකයන් ලෙසින් ඉදිරියේදි පත්වන නොවන බව ඉතා හොදින් දැනගෙන විය යුතුය.

නිමල් ලංසා යනු මීගමුවට බිහිවු දක්ෂ තරුණ දේශපාලකයෙකි.අප දන්නා තරමින් ඔහු මෙරට බිහිවු ලාබලතම මහනගර සභා නගරාධිපතිවරයාද විය හැක.බැලු බැල්මට ඔහු ට ඇත්තේ මහත්මා පෙනුමකි. ඇදුම පැලදුම් ඉතා පිළිවෙලය.ටයි එකක් නිතරම පළදි.කෑම බිමේදි ද ඔහු මානා විනයකින් කටයුතු කරන්නෙක් බව එකල පැවසුනි.

එහෙත් මීගමුවේ ජනතාවගේ සංස්කෘතික ජිවිතයේ වටිනාකම තේරුම් ගන්නට ඔහු සතු ඉහත සදහන් ගුණාංග ප්‍රමාණවත් නොවුණි.මේ නිසාම මීගමුවේ රාජපක්ෂ උද්‍යානය ඔහුට පෙනුනේම එය බදු දි මුදල් හම්බකරගත හැකි භූමි ප්‍රමාණයක් ලෙසය.මේ නිසා ඔහුගේ පාලන සමයේදි මුදලිදු රාජපක්ෂ තුමන්ගේ ප්‍රධානතම ඉල්ලිම සදහන්ව පැවැති ඔප්පු කොපි වෙනස් කර හෝ මෙය බදු දෙන්නට කටයුතු කළේය.

එහෙත් මේ ව්‍යාපෘතියෙන් ලංසා පාලනය අම්බානකට ඇන ගත්තේය.එකල මේ උද්‍යානය වසර කටත් වැඩි කාලයක් වසා දමා තිබුන අතර . බදු දුන් සමාගම විසින් මීගමුව මහනගර සභාවට තබා ඇති පොල්ලේ දිග පළළ ලක්ෂ 50 ආසන්න  විය

රාජපක්ෂ මුදලිදු මීගමුවේ ජනයාට නොමිලේ සිය විවේකය ගතකිරිමට වෙන්කර දි තිබුන අලකාර උදානය විසින් මුදල් පවා අයකිරිමට ලංසලා කටයුතු කලා පමණක් නොව රාජපක්ෂ උද්‍යානයේ නම ඩයිනෝ පාක් ලෙසින් වෙනස් කිරිමට තරම් නරුම විය.

අප දැන් මේවා මතුකරන්නේ පොදු දේපල මේ ආකාරයෙන් කාබාසිනියා කළ දේශපාලකයන්ට එරෙහිව අනිවාර්යෙන්ම විමර්ශණයන් ආරම්භ කළයුතුව තිබේ.

පුනරුදය පැමිණ දැන් මාස 6ක්ද ඉක්මවා ඇතිබවද යළිත් වරක් මතක් කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here