spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සජිත්ගේ ජයපතා වැඩකල වෙබ් අඩවිලට CID එක පැමිණේ !

Must read

arrest-generic-thinkstock-240_650x400_81429282265පසුගිය ජනපතිවරණ සමයේ ක්‍රියාකාරීව එ.ජා.ප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දැක්වූ Leader TV අන්තර්ජාල පුවත් සේවයට සම්බන්ධව කටයුතු කළ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ම විවිධ කරුණු පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සිදුවෙමින් පවතී.

ඊයේ දිනයේදී එම පුවත් සේවයට සම්බන්ධව කටයුතු කළ පුවත් නිවේදකයෙක් වන ධනුෂ්ක සංජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කිරීමට භාජනය කර තිබේ.

එමෙන්ම පසුගිය දිනක හිටපු ඇමති චම්පික රණවක මාධ්‍ය සම්බන්ධිකාරක වු ධනුෂ්ක රාමනායක පුවත් පත් සාකච්ජාවක් පවත්වමින් කියා සිටියේ ඔවුන් විසින් පවත්වාගෙන ගිය නිව්ස්හබ් වෙබ් අඩවියේ කාර්යාලය පරික්ෂා කිරිම සදහා 14 දෙනෙකුගෙන් සමන් විත පොලිස් කණ්ඩායමක් පැමිණි බවය.

එසේම අද දිනයේත් voicetube.lk වෙත සම්බන්ධව ක්‍රියාකරණ මාධ්‍යවේදිනියක් වන තුෂාරා විතාරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. නව රජය පත්වී උණුසුම යන්නටත් පෙරාතුව මෙලෙස මාධ්‍යවේදීන් දිගින් දිගටම CID යට කැඳවීම ප්‍රශ්නාර්ථයකි.
එපමණක්ද නොව ඉදිරියේදී හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේ ක්‍රියාකල නිලධාරීන්  ගණනාවක්ද CID යට කැඳවීමට සූදානමක් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ටිවිටර් පිටුවේ සඳහන් කර ඇත්තේ මාධ්‍යවේදීන් දඩයම ඇරැඹි බවයි. ජනාධිපතිවරණ සමයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දුන් ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන TheLeader.lk හි ප්‍රවෘත්ති සන්නිවේදක සංජය ධනුෂ්ක මහතාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 8ක් තිස්සේ ප්‍රශ්න කර ඇත. මීළඟ ඉලක්කය… රුවන් ෆර්ඩිනැන්ඩස්…මාගේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියාද? යන්න ඔහු සිය ටිවිටර් පිටුවේ ප්‍රශ්න කර තිබේ.

mangala2

sajithtමේ අනුව දැන් පැහැදිලිව පෙනි යමින් ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ ජයතහවුරු කිරිම සදහා සෘජුව මැදිහත්වෙමින් කටයුතු කරගෙන ගිය වෙබ් අඩවි ගණනාවක් මේ ආකාරයෙන් මර්ධනයට ලක්වෙමින් ඇති බවය.
මේ පසුබිම තුල විපක්ෂය වහා මැදිහත්වි මේ මාධ්‍ය මර්ධනයට එරෙහිව පියවර ගත යුතුව තිබුණද විශේෂයෙන්ම සජිත් පාර්ශවය මේ සියල්ල පසෙක තබා පක්ෂයේ බල පොරයක නිරතව සිටි.
පැමිණිය හැකි මර්ධනය පැහැදිලිව පෙනෙමින් තිබියදි සජිත් ප්‍රේමදාස පක්ෂයේ නියෝජ්‍ය නායකධුරයෙන්ද ඉව්ත් විමට මැතිවරණයට පසුදිනම තීරණය කිරිම සැබැවින්ම සජිත් වෙනුවෙන් පෙනි සිටි බහුතරයගේ විවේචනයට ලක්වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article