සජිත් පිලටත් එතනෝල් චෝදනාවක් ? පා.ම.හෙක්ටර් අප්පුහාමිත් ලයිස්තුවේ !

0
103

68512149_152267912552197_439432968935571456_n( දෙවන සංස්කරණය )එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා වීමේ අරමුණින් ගෙනයන වැඩපිළිවෙළ  සාර්ථක කරගැනිමට  එම පක්ෂය තුලම  පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක්  තමන්ගේ න්‍යාය පත්‍රයට හරවා ගැනීම සඳහා  අල්ලසක් ලෙස  ඔවුන්ට එතනෝල් ගෙන්විමේ බලපත්‍ර ලබාදී ඇතැයි ලංකාඊනිව්ස් වෙබ් අඩවිය පසුගියදා විසින් වාර්ථා කර තිබුණි.
ඒ අනුව පසුපෙළ එජාප  මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එතනෝල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දී ඇතයි එහි සදහන්ය.. බාර් ලයිසන් ලබාදුන් බවටද  මාධ්‍ය  වාර්තා කර ඇතත් ලබා දී ඇත්තේ එතනෝල් ආනයන බලපත්‍ර බව තවදුරටත් එකි පුවතින් අවධාරණ්‍ය කොට තිබේ.

මෙසේ එතනෝල් බලපත්‍ර ඇති බවට වාර්තා වන්නේ,
1 බදුල්ල දිස්ත්‍රික් එජාප පා.ම. චමින්ද විජේසිරි
2 පුත්තලම් දිස්ත්‍රික් එජාප පා.ම. හෙක්ටර් අප්පුහාමි
3 රත්නපුර දිස්ත්‍රික් එජාප පා.ම. හේෂා විතානගේ
4 කුරුණෑගල දිස්ත්‍රික් එජාප පා.ම. තුෂාර ඉඳුනිල් අමරසේන
5   ගම්පහ දිස්ත්‍රික් එජාප පා.ම. හර්ෂණ රාජකරුණා
යන සජිත් පිලේ පිරිසක් වෙතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here