(2.07pm)
ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනය විසින් සිය වත්කම් ප්‍රකාශයට පත්කර නැති අමාත්‍යවරුන් 08 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද( 10) පැමිණිල්ලක් ඉදිරිපත්කරන ලදී. මෙලෙස වත්කම් ප්‍රකාශයට පත් නොකර සිටි අමාත්‍යවරුන් 08 දෙනෙකුට එරෙහිව අමාත්‍ය වරුන් වන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, එම්.එච්.ඒ හලීම් යන අමාත්‍ය වරුන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ට්‍රාන්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2019 ගෝස්තු මස 28 වැනි දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇත්තේ 2019 අගෝස්තු මස 20 වැනි දින වනවි ටද කැබිනට් ඇමතිවරු 8 දෙනෙකු තම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවත් වාර්තා වේ.













