spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදී ජමාල් කශෝගීගේ ඝාතකයන්ගේ හඩ පටයක් තුර්කි පුවත්පතක් අනාවරණය කරයි

Must read

fcbf37258b854432a2278a3625323388_18

පසුගිය වසරේ ඔක්තෝබර් 02 වනදා සෞදි කොන්සියුලර් කාර්යාලය තුලදී ඝාතනයට ලක්වූයේ යැයි සැලකෙන මාධ්‍යවේදී ජමාල් කශෝගී හා සෞදි ඝාතන කණ්ඩායමක් අතර ඇතිවූ සංවාදයක පටිගතකිරීම්වල ලිඛිත පිටපතක් මුදා හැරීමට තුර්කියේ Daily Sabah නම් පුවත්පත කටයුතු කර තිබේ.මෙම හඩපට තුර්කි බුද්ධි සේවයෙන් ලබා ගෙන ඇති අතර ජමාල් ඝාතනට පෙර ඔහු හා 15 දෙනෙකුගෙන් සමන්විට ඝාතන කල්ලිය අතර ඇතිවූ සංවාදයේ සම්පූර්ණ විස්තරය එම පුවත්පත මගින් මුදා හැර තිබේ.

ඝාතනය වීමට පෙර ඇමරිකාවේ පදිංචිව සිටි ජමාල් සිය විවාහයේ කටයුතු සදහා අවශ්‍ය ලියකියවිලි ලබා ගැනීම සදහා ඔහුගේ රටේ වන සෞදිහි කොන්සියුලර් කාර්යාලය වෙත ගිය අවස්ථාවේදි ඔහු ඝාතනය විය.

Daily Sabah පුවත් පත විසින් ඉදිරිපත් කරන අනාවරණයන්ට Maher Abdulaziz Mutreb නැමැති සෞදි බුද්ධි අංශ නිලධාරියා හා Mohammed bin Salman ඔටුන්න හිමි කුමරුගේ ආරක්ෂකයා හා මාධ්‍යවේදී කශෝගී අතර කථාබහක් ඇතිව තිබෙන අතර එහිදී ඔවුන් විසින් කශෝගීව රියාද් වෙත රැගෙන යාමට අවශ්‍ය බවත් එය interpol වෙතින් ලැබුණ නියෝගයක් පවත් පවසා ඇත. නමුත් එහිදී කශෝගී පවසා ඇත්තේ තමන්ට එරෙහිව කිසිදු නීතිමය කටයුත්තක් නොමැති වත් සිය පෙම්වතිය තමන් පැමිණෙන තුරු පිටත රැදී සිටින බවත්ය.

කශෝගී ඝාතනයට විනාඩි 10කට පෙර ඝාතකයන් විසින් තමන් පුතාට සටහනක් තබන ලෙස කශෝගීට බලපෑම් කර ඇති එහදී ඔවුන් පවසා ඇත්තේ ” තමන්ව සොයාගැනීමට නොහැකි වුවහොත් ඒ ගැන කරදර නොවන ලෙසට”  දන්වමින්  සිය පුත්‍රායාට සටහනක් තබන ලෙසටයි. නමුත් එම අවස්ථාවේදී ජමාල් විසින් එය ප්‍රතික්ෂේප කරන අතර ඉන් පසු එහි සිට ඝාතකයන් (නිලධාරීන් ) විසින් ඔහුට ඇදගෙන ගොස් ඇත. කශෝගී මිය යන්නට පෙර අවසන් වශයෙන් සදහන් කර ඇත්තේ “මට හතිය තියෙනවා,මෙහෙම කරන්න එපා,මගේ හුස්ම හිරවෙයි ” ලෙසය.

ඉන්පසු හඩ පටයේ ඉතිරිව ඇත්තේ කියතක් වැනි උපකරණයක් භාවිතා කරමින් මාධ්‍යවේදී ජමාල් කශෝගීගේ සිරිස කැබලි වලට වෙන් කිරීමේ ශබ්ද පමණකි. මෙම සිදුවීම සිදුව ඇත්තේ එරට වේලාෙවන් දහවල් 1.39ටය. ජමාල්ගේ සිරුර මේ වන තෙක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

තුර්කි රජය විසින් මෙම ඝාතනය සෞදි රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවූ බවට චෝදනා කරන අතර සෞදි රජය එය ප්‍රතික්ෂේප කරයි.

 

(www.aljazeera.com ඇසුරිණි.)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article