spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සජිත් පිළේ සහයට ගිය මිගමු නාගරික මන්ත්‍රීලා අනාථයි?

Must read

MC UNP team 1මේ වන වි⁣ට මිගමුවේ නාගරික මන්ත්‍රීලා දෙපිල බෙදි ඇත.පිරිසක් රනිල්ටය. තවත් පිරිසක් සජිත්ටය.සජිත් පිලට පැන්න මිගමුවේ නාගරික මන්ත්‍රීලාද ඇතුළු රටේම පළාත් පාලන නියෝජිතයන් සිය මන්ත්‍රී තනතුරු අහිමිකර ගැනිමට නියමිතය.මිගමුවේ කෙහෙල් ඇවරියෙන් තරඟ කොට නාගරික මන්ත්‍රී කෙනෙක් වු ඩෙක්ස්ටර් කෲස් පක්ෂයේ තීරණයට එරෙහිව යාම නිසා සිය මන්ත්‍රීධුරය අහිමිකරගත්තේය.මිගමුවේ එජාප නාගරික සජිත්ගේ සහයට යන්නේ නම් අත්වන්නේ ඩෙක්ස්ටර් කෲස්ගේ ඉරණමය.එජාප මේ ගැන ස්ථාවරය සිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබේ.

2020.05.27

මාධ්‍ය නිවේදනය

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබා ගෙන නාමයෝජනා භාර දී ඇත. වෙනත් දේශපාලන පක්ෂයක් හරහා අපේක්ෂකත්වය ලබා නාමයෝජනා අත්සන් කරන/කිරීමට බලාපොරොත්තු වන ඕනෑම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු, පක්ෂ ව්‍යවස්ථාවේ 3.4(ඇ) වගන්තිය යටතේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලිඛිතව ලබා ගත යුතුය.
මතභේදයට තුඩු දී ඇති සාමාජිකයන් කිසිවකු පක්ෂ ව්‍යවස්ථාවේ ඉහත කී 3.4(ඇ) වගන්තියට අනුකූලව ක්‍රියා කර නොමැති අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසිදු පූර්ව අවසරයක් ලිඛිතව ලබාගෙන නොමැත.
එසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයන්ට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාවේ 3.4(ඌ) වගන්තිය යටතේ ක්‍රියාකිරීමට පක්ෂයේ දීර්ඝකාලීන පැවැත්ම ආරක්ෂා කර ගැනීම උදෙසා
පක්ෂ නායකත්වය කටයුතු කරන තත්ත්වයට පත්වී තිබේ.

මේ වනවිටත් වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබා අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා අත්සන් කළ බොහෝ සාමාජිකයන් එම තීරණය පිළිබද සිය පසුතැවිල්ල අප වෙත දන්වා එවා ඇත. කෙසේ නමුත් පක්ෂ ව්‍යවස්ථාවේ 3.4 (ඌ) වගන්තිය යටතේ එසේ වෙනත් දේශපාලන පක්ෂයක් හරහා අපේක්ෂකත්වය ලබා නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට දැනටමත් ඒ සම්බන්ධව ලිපි යවා ඇත.
එම සාමාජිකයන් විසින් ඒ සම්බන්ධයෙන් ලිඛිතව සිදු කරනු ලබන කරුණු දැක්වීම්/අභියාචනා සියල්ල ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සැසිවාරයේදී සාකච්ඡා කර, සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

නීතීඥ අකිල විරාජ් කාරියවසම්
එක්සත් ජාතික පක්ෂය මහලේකම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article