spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සදාකාලික හතුරන් නැති දේශපාලනය ගැන ඇත්ත කථාවක් ….

Must read

දේශපාලනයේදි සදාකාලික හතුරන් හෝ මිතුරන් නැතැයි කියමනක් ඇත.මේ සටහන එහි  ඇත්ත පිළිබදව සජිව අත්දැකිමකට ඔබ ගෙන යාමය.
පසුගිය මැතිවරණයකදි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ශක්තිමත් නගරාධිපති අපේක්ෂකයෙකු ලෙසින් සුනිල් සිල්වා මන්ත්‍රිවරයා ඉදිරිපත්ව සිටියේය.
ඒ මැතිවරණය තුල වාර්ථා වු ප්‍රබලතම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව වුයේ සුනිල් සිල්වා මන්ත්‍රිවරයාගේ නිවසට ආණ්ඩු පක්ෂය විසින් එල්ල කරන්නට යෙදුන ප්‍රහාරයයි.
එය නිමල් ලංසා විසින් සිදු කළ බවට සුනිල් සිල්වා මෙන්ම ඔහුගේ පවුලේ අයද පොලිසියට පවසා ඇත.
කෙසේ වෙතත් පැවැති මැතිවරණයෙන් එජාපය විපක්ෂය බවට පත්වුන අතර එහි මාසික රැස්විම් සදහා පවා සුනිල් සිල්වා මන්ත්‍රිවරයා සහභාගි නොවුනේ නිමල් ලංසා හට ගරු නගරාධිපතිතුමෙනි යැයි කිමට  බැරි නිසා බව එදා ප්‍රසිද්ධ රහසකි.
පිට පිට තුන්වරක් නොපැමිණිය හොත් මන්ත්‍රිධුරය අහෝසි වන බැවින් ඔහු ඇතැම් දිනයන් හි පැමිණ ටික වේලාවක් සිට ආපසු ගිය අවස්ථා එමටය.
කෙසේ වෙතත් පසුව සුනිල් සිල්වා පසුගිය මැතිවරණයේදි  එජාපයෙන් ඉවත්ව ආණ්ඩුවට එක් වුයේය.
අද ඔහු නිමල් ලංසා ඇමැතිවරයාගේ ඉතා සමිපතයෙකි.
මේ සටහන අද තැබෙනුයේ දේශපාලනයෙ ්දි කිසිදා සදාකාලික සතුරන් හෝ මිතුරන් නැති බව යළි මතක් කර තබනු පිණිසය……………….

 

…….නිවසත් අවටත් හරියටම යුධ පිටියක් සේය.පොඩිපට්ටම් වී ගිය බඩු මුට්ටු නිවසේ හැමතැනකම තවමත් විසිරි ඇත. කාමරවල අල්මාරිවලින් එලියට ඇද දමා තිබුණ ඇදුම් තවමත් එලෙසින්මය.
සෙනඟ වැලි නොකැඩී එන්නේ භීෂණය නරඹන්නටය. ඒ බොහොමයකගේ ඇස්වලිත්  තෙපලන වදන් වලත් ඇත්තේ අනුකම්පා සහගත බවකුත් භිෂණය ගැන පිළකුලකුත්ය.

අප ඒ වනවිටත් අසා දැනගෙන උන් තොරතුරු එසේම තිබියදි මේ අතිබිහිසුණු මොහොතකට මුහුණ දුන් වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නොවනු කීප දෙනෙකුම ඒ සිදුවිම තුල සිටින බව තේරුම් ගත් අපි ඒ අයෙගේ ඒ අත්දැකිමට කටහඩ දෙන්නට  තීරණය කළෙමු.

මුලින්ම අපේ අවධානයට යොමු කෙරුණේ නියොජ්‍ය නගරාධිපති සුනිල් සිල්වා මහතාගේ පුතුන් දෙදෙනා වෙතය.
මාරිස්ටෙලා විදුහලේ ….ඉගෙනුම ඔවුන්  අපගේ ඉල්ලිම නිසාම අප හා ඔවුනගේ අත්දැකිම කියන්නට පටන් ගති.
එහෙත් බාලපුතණුවන් එකවරම එකිගසන්නට පටන් ගති.
ඒ අප ඔහුගෙන් මැරයන් විසින් කඩාදමා තිබුණ ඕගනය ගැන විමසු නිසාවෙනි.

පුතුන් දෙදෙනාගේ අත්දැකිම

……………………අපි ඉස්සරහ කාමරයේ තමයි නිදා ගෙන උන්නෙඅපිට වෙඩි සද්දේ ගොඩක් වෙලා ඇහුන.  ඊට පස්සේ අපිව කූද්දල එක්කගෙන ගියා. ්. මම තාප්පයෙන් පයින්න යද්දි මගේ කකුලත් කැපුන.එතකොට අපිට සද්දේ ඇහුන මිනිස්සු කෑ ගහනව. හරියට නිකන් ගෝරියක් වගේ තමයි අපිට ඇහුනේ. අපිට මොකුත් තේරුනේ නෑ
අපි උදේ නැගිටල එද්දි ගෙදර බඩු  ඔක්කොම කුඩු වෙලා තිබුනේ. අපිටනම් මුකුත් හිතාගන්න බැරි වුනා.  . උදේ අපි එද්දි දැක්ක ගේට්ටුවේ ඉබ්බ කැඩිල තියනව.එකේ වෙඩි පාරවලූත් තිබුණා කියල කියනව ඇහුණා.
ඉස්සරහ තිබුණු මල් පෝච්චි ඔක්කොම කැඩිල බිම තිබ්බ. ඒ වෙනකොටත් අපි හරියට දන්නේ නෑ මොකද්ද වෙලා තියෙන්නේ කියල. අපි අම්මගෙන් ඇහුව ඒත් අම්ම මොකුත් කිව්වේ නැහැ. පස්සේ ්අම්ම අනිත් අයට කියද්දි තමයි අපි දැන ගත්තේ මෙහෙම දෙයක් වෙලා තියනව කියල.
අපි ඉගෙන ගන්න පොතපත් ඔක්කොම විනාශ වෙලයි තිබුනේ. මොකද අපි පාසල් ගිහින් ඇවිල්ල පොත් බෑග් තියල තිබුනේ ෆිජ් එක ලග. ෆිජ් එක අපේ බෑග් උඩඩ පෙරලල තිබුන. ඇතුලේ තිබ්බ වතුර බෝතල් ඔක්කොම අපේ පොත් වලට හැලිල තිබුන. පොත් ඔක්කොම පෙගිලයි තිබුනේ.
අපේ මල්ලීගේ ඕගන් එක තියනවද කියල. මම බලද්දි ඕගන් එක කැඩිල, කෑලි ටික තමයි දැක්කේ. ඕගන් එක අරගෙන තාම අවුරුද්දක්වත් නෑ. මල්ලි  හරි ආසයි ඕගන් එක ගහන්න.
එයාට  තනියම සින්දු ගහන්න පුළුවන්.
මැරයන්ගේ ප්‍රහාරයට ලක්වු නිවසේ සිටි තරුණියකගේ අත්දැකිම

……ඒ ගොල්ලෝ ඈත එනකොට ඉස්සරහ ලයිට් එකක් දාල තිබුන. මම බයට ඒක නිමුව. ඊට පස්සේ ඒ අය ගියා. කොහොමහරි ඒ අය පිටිපස්සේ දොරින් ඇතුලට ඇවිල්ල තියනව. මම ලයිට් එක නිමල එද්දි ඇතුලේ ඒ අය හිටිය. මම කලබලයට කරන්න දෙයක් නැති නිසා බාත්රූම් එකට රිංගල දොර වහ ගත්ත. ඊට පස්සේ ඒ අය දොරට ගහගෙන ගහගෙන ගියා.පස්සේ දොර කඩාගෙන ඒ අය ඇතුලට ආව. මම බයේ කෑ ගැහැව්ව. ඒ ගොල්ලෝ මගේ එක අතක්  පිටිපස්සට කරල අඹරවල අල්ලගෙන මගෙ නලලල බිත්තියේ හැප්පුව.තව මිනිහෙක් මගේ කොන්දට පියින් පාරක් ගැහැව්වා. . ඒ අයගෙන් එක් කෙනෙක්ව නම් මම අදුර ගත්ත. ආයිමත් පාරක් ගහල දොර ලොක් කරගෙන ඉන්නව කියල තර්ජනය කරල කිව්ව.ඒ අයගේ ගොඩක් කට්ටිය හිටිය. බාත්රූම් එක ඇතුලට පස් දෙනෙක් විතර ආව. මට ශබ්ද ගොඩක් ඇහුන. ඒව වෙඩි සද්ද ද කියල අදුර ගන්න අමාරුයි. එක එක සද්ද ආව.

සුනිල් සිල්වා මහතාගේ බිරිදගේ අත්දැම

……නිමල් ලන්සයි එයාගේ මැර පිරිසයි පාර දිගටම වෙඩි තියාගෙන ඉස්සෙල්ල ආව. එහෙම ඇවිල්ල ගේට්ටුවෙන් ඇතුළු වුනා. නිමල් ලන්සයි එයාගේ පිරිසයි. ඒ හැම කෙනාගේම අතේ කඩු, පොලූ, තුවක්කකු ඒ වගේ හැම ආයුධයක්ම තිබුන. ඒ අය මුලින්ම පහර දුන්නේ අම්මගේ ගෙට. ඊට පස්සේ පිටිපස්සේ තිබුණු වාහන වලට පහර දෙන්න පටන් ගත්ත. ඊට පස්සේ තමයි ඉස්සරහ දොර කඩල අපේ ගෙට ඇතුල් වෙලා තියෙන්නේ. අපිට ඇහුන ජැනෙල්, වීදුරු කඩන සද්දේ. අපේ ළමයි දෙන්න නිදාගෙන හිටියේ. ඊට පස්සේ අපි ළමයි දෙන්නවත් අරගෙන අල්ලපු ගෙදරට ගියා. පස්සේ අපි ඒ ගෙදරිනුත් ටිකක් ඈතට ගියා. පස්සෙ අපි බලන කොට ගේ ඇතුලේ බඩු ඔක්කොම පොඩි කරල තිබුන. ඊට පස්සේ ඒ ගොල්ලො කෑ ගහගෙන  ගියා
උඹට එලියට එන්න දෙන්නේ නෑ, ආවොත් උඹව මරණව කියල කෑ ගහගෙන ඒ පිරිස යන්න ගියා. ඒ ගොල්ලෝ ආවේ රත්‍රී 11.00 පමණ. ඇවිල්ල 12.00 විතර වෙද්දි වාහන කඩල, බඩු මුට්ටු කඩල අලාභානි සිද්ධ කළා. ඇත්තටම මට හරි දුකයි. පොඩි එක්කෙනාගේ ඕගන් එක කඩල තිබුන. පාසල් පොත් ඔක්කොම තෙමිල තිබුන. ඇත්තටම අපිට බයයි ළමයි දෙන්නව දැන් පාසලට යවන්නත්. මොකද ළමයි දෙන්නටත් මොනවහරි කරයිද දන්නේ නැහැ.ඒ තරන් තිරිස්න විදියට මේ අය හැසිරිලා තිබුනෙ.

මැර ප්‍රහාරයෙන් භීතියට පත්ව සිටි පුතුන් දෙදෙනා

(උපුටා ගැන්ම මීපුර පුවත් පත )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article