spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සනත් නිශාන්තට නයාරු ධිවරයන්ගෙන් බරපතල චෝදනාවක් !

Must read

මුලතිව් නායාරු හි සිටින සංක්‍රමණික ධිවරයන් පසුගිය සති කිපය පුරාම බරපතල ගැටළු රැසකට මුුහුණ සිටිති.මෙම ධිවරයන් හලාවත,කරුක්කුපනේ ,තොඩුවාව සහ මිගමුව යන ප්‍රදේශවල පාරම්පරික ධිවරයන් වන අතර එකි ප්‍රදේශ වලදි වාරකන් සමයේ ධිවර කටයුතු කරගැනිමට ඇති අපහසුතා හේතුවෙන් මුලතිව් නායාරු ප්‍රදේශයවලට ගොස් රැකියාවේ නිරත වෙති.
නයාරු වල සිටින ධිවර පවුල් වල පිරිසකට කොරෝනා ආසාදනය වි තිබිම නිසා මුලු ගම්මානයේ අයට ධිවර රැකියාවන් වල පවා යෙදිමට ඉඩ ලබා නොදි දැඩි නිරෝධායන නිති ක්‍රියාත්මක කරමින් තිබුන බවට මේ ධිවරයො මිට පෙරද චෝදනා කර සිටියහ.
මේ පසුබිම යටතේ කෑම බිම පවා ලබාගැනිමට ඒ අයට අවස්ථාවක් නොතිබුන බව ඔවුන් කියා තිබුණි.
මේ තත්වය ගැන කරුණු දැනගත් පසු හමුදාව සහ බුද්ධි අංශ මැදිහත්වි මේ ගමේ 600 දෙනෙකුට නිසි පරිදි ඇන්ටිජන් පරික්ෂණ පවත්වා ආසාදිත බවට හදුනාගත් අයට වෙනම කදවුරකටත් අනෙක් අය සිය සුපුරුදු ජිවිතය පවත්වාගෙන යාමටත් අවසර ලැබෙනු ඇත.
මේ ගැන ලාංකික ධිවරයෝ ෆේස් බුක් පිටුවට ප්‍රකාශයක් කරමින් හමුදාවටත් බුද්ධි අංශවලට ත් තුති කියන අතරෙ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන්ද ලබාගත් සනත් නිශාන්ත ,අරුන්දික ,පියංකර ජයරත්න යන කිසිවෙකුත් නායාරු ජනයාගේ ප්‍රශ්ණවලට විසදුම් ලබාදිමට කටයුතු නොකල බවට චෝදනා කර සිටිති.


නයාරු ධිවරයන් කියන ඇත්ත කථාව අහන්නhttps://www.facebook.com/111214307013498/videos/513357229746929/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article